10

1K 242 10
                                    

ජන්ග්කුක් වාහනේ පැසේන්ජර් සීට් එකේ ඉදගෙන ශටර් එකෙන් එලිය බලාගෙන හිටියා..ඇස් වලින් ගලන කදුලු නවත්තගන්න උවමනාව තිබුනත් එයට පාලනය කරගන්න බැරි උනා...

හැමදේම යුන්ගිට කිව්වට පස්සේ,

ජන්ග්කුක්ට තමන් ගැන ආයෙමත් පිලිකුල් බවක් දැනුනා ..

පහත් බවක් දැනුනා...

ජන්ග්කුක්ට යුන්ගි ඉස්සරහා ; එයාගෙ සෝල් මේට් ඉස්සරහා ලොකූ ලැජ්ජාවක් දැනුනා...

යුන්ගිගෙ මූන බලන්න බැරි කමට ජන්ග්කුක් එලිය දිහාම බලාගෙන හිටියා...

යුන්ගිට ජන්ග්කුක් කිව්ව කිසි දෙයක් විශ්වාස කරන්න බැරි උනා...

ටේහ්‍යුන්ග් !

ජන්ග්කුක්ගෙ පුන්චි කාලෙ ඉදන්ම බෙස්ට් ෆ්‍රෙන්ඩ් !

මේ හැමදෙයකටම වගකියන්න ඕන ටේහුන්ග් කියලා හිතද්දි යුන්ගිගේ ඔලුව විකාරයක් උනා...

කොහොමද ඒ ගැන හිතන්නෙවත් !

අද දවසට සිද්ද වුන දේවල් හැමදෙයක්ම ඕනවටත් වඩා යුන්ගිගෙ ඔලුව අවුල් කලා...

ජන්ග්කුක් අහිංසකයි කියලා යුන්ගි දන්නවා...ටේහ්‍යුන්ගෙ චරිතේ ගැන යුන්ගි ඊටත් වඩා දන්නවා...

ඒ නිසා, ටේහ්‍යුන්ග් තමන්ගෙම බෙස්ට් ෆ්‍රෙන්ඩ් සෙල්ලම් බඩුවක් ගානට දාපු එකට යුන්ගිට දරාගන්න බැරි තරම් කේන්තියක් ආවා !!

ඊටත් වඩා ජන්ග්කුක් මේ හැමදෙයක්ම හැංගුව එක ගැන ඊටත් වඩා කේන්තියක් ආවා...

"ඇයි මගෙන් හැංගුවේ ජන්ග්කුක් ! මම ඔයාගේ සෝල් මේට් නෙවෙයිද...!!"

යුන්ගි ජන්ග්කුක් දිහා හැරිලා ඇහුවම ජන්ග්කුක් ලාවට ඉකි ගහන ගමන් යුන්ගි දිහා බැලුවා..

ජන්ග්කුක් මොනවා කරන්නද !

හැමදෙම වෙන්න තිබුන දේවල් !

"ම-මං මොනවා කියලා කියන්නද යුන්ගී..."

ජ්න්ග්කුක් කැඩුනු කටහඩකින් ඇහුවම යුන්ගි බර හුස්මක් පහත දැම්මා...

"හැමදෙයක්ම මට කියන්න තිබුනා ජන්ග්කුක් ! එහෙම උනා නම් මේ දේවල් මේ තරම් දුර දිග යන්න ඉඩ නොතිබුනා..!!"

𝐍𝐈𝐆𝐇𝐓𝐌𝐀𝐑𝐄 | 𝐭𝐚𝐞𝐤𝐨𝐨𝐤 | ✔️✔️Where stories live. Discover now