12

1K 239 14
                                    

ටේහ්‍යුන්ග් ඇස් පිල්ලම් වත් නොගහා ජන්ග්කුක් දිහා බලන් හිටියා...

මීට මාස අටකට කලින් දැක්ක ජන්ග්කුක් නෙවෙයි මේ ඉන්නේ....

ටේහ්‍යුන්ග්ට පිස්සු වගේ...එයාගෙ ඔලුව එකපරට රත් වෙනවා වගේ දැනුනා....

එයාගෙ උගුර කට වේලිලා ගියා වගේ දැනුනා...

එයා කොහොමද විස්වාස කරන්නේ...එයාගෙ හොදම යාලුවා මේ විදිහට දකින එක ගැන !!

ප්‍රෙග්නට් ජන්ග්කුක් කෙනෙක් !!

"ජ-ජන්ග්ක් ම-මම ම--"

ටේහ්‍යුන්ග්ට කතා කරන්න වචනත් එන්නැති තරම් එයා අත් දෙකෙන්ම කොන්ඩෙ දෙපැත්තට කරන ගමන් සන්සුන් වෙන්න උත්සහ කලා....

බිම බලාගෙන අඩන ජන්ග්කුක් දිහා බලපු යුන්ගි ටේහ්‍යුන්ග් ලගට ඇවිදගෙන ගියා....

"මීට මාස අටකට කලින් තමුන් කරපු දේවල් වල ප්‍රතිපලේ ! හහ් දැන් ඕන දෙයක් කතා කරගන්න....motherfcker !!"

ටේහ්‍යුන්ග් ට හිනා උන යුන්ගි කාමරෙන් එලියට ගියා....ටේහ්‍යුන්ග් තවමත් මුකුත් හිතාගන්න බැරිව ජන්ග්කුක් දිහා බලන් හිටියා....

'මම හින්දා !! එ-එහෙම කොහොමද වෙන්නේ....'

"ජ-ජන්ග්කුක්..."

ටේහ්‍යුන්ගේ බිදුනු ගැඹුරු කටහඩ ඇහෙද්දි බිමට හැරවිලා තිබුන මූන ජන්ග්කුක් උඩට ඉස්සුවා....

"ටේහ්‍යුන්ග් !!"

ජන්ග්කුක්ගෙ බෝල කම්මුල් හරහා ගලාගෙන යන කදුලු දැක්කම ටේහ්‍යුන්ග් ට දරාගන්න බැරි බවක් දැනුනා...

ජන්ග්කුක් ලගට ඇවිදගෙන ගිය ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ මූන එයාගෙ අත් අතරට ගත්තම ජන්ග්කුක් ගෙ හැඩුම වැඩි උනා....මාස ගානකින් එයා හැමවෙලේම හෙව්ව ස්පර්ශය දැනෙනවත් එක්කම ජන්ගුක්ගෙ මුලු ඇගම සීතල වෙලා ගියා...කකුල් වලට පණ නැති බවක් දැනෙද්දි ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ උනුසුම් පලල් පපුවට බර වෙලා ඇස් පියාගත්තා....

ටේහ්‍යුන්ගෙ කමිසේ ජන්ග්කුක් ගෙ කදුලු වලින් තෙත් වෙනවා දැනෙද්දි ටේහ්‍යුන්ගෙ ඇස් වලිනුත් කදුලු වැටෙන්න පටන් ගත්තා....

𝐍𝐈𝐆𝐇𝐓𝐌𝐀𝐑𝐄 | 𝐭𝐚𝐞𝐤𝐨𝐨𝐤 | ✔️✔️Where stories live. Discover now