𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 07

160 48 37
                                    

                        𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗

කට වහපන් වැනෙස්සා!!

මාස්ටර් නොපිළිගත්තත් එකයි ඇත්ත...ඇස් දෙකට පේන දේ විශ්වාස නොකලා කියලා ඒ දේවල් වෙනස් වෙන්නෙ නෑ මාස්ටර්. මම ඔබතුමාගේ රාත්‍රි වේල සූදානම් කරලා කතා කරන්නම්.

ආයිශ්! ඒක වෙන්නෙ කොහොමද.... ග්‍රැනී... මගේ ආච්චිඅම්මා...ඒ...එයා... What the duck!

පිළිගන්න තියා හීනෙකින්වත් හිතන්නෙ නැති කතාවක් කියපු වැනෙස්සා හරිම සන්සුන් විදියට මගේ කාමරෙන් එළියට ගියේ මගේ හිතට දරාගන්න බැරි කාරනාවක් එකතු කරලා වෙනකොට කාමරේ ජනේල් පඩියට හේත්තු උන මම හරිම හිස් හැගිමකින් ආයෙම ඈත මීදුමෙන් වැහිලා තියෙන ඒඩනය දිහා බලන් උන්නා....ඒක ඇත්තටම හරිම හිස් හැගිමක්....

ඒක ඇත්තටම හරිම හිස් හැගිමක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ ග්‍රැනී අලෝරාවෙන්ලු....පියාපත් රහිත සුරගනක්ලු.....

පියාපත් රහිත සුරගනක්...

පියාපත් රහිත සුරගනක්...

පියාපත් රහිත සුරගනක්...

Wingless Fairies...

කරකෝලා අතෑරපු හැගිමකින් ඒඩනය දිහා බලන් උන්න මට වැනෙස්සා කියපු පියාපත් රහිත කියන කතාව සැරින් සැරේට මතකෙට එනකොට මෙච්චර වෙලා මට අමතක වෙලා තිබුන දෙයක් මතක් උනා...

අර පොත..

ඇත්තටම සීයාගෙ පොතේ අන්තිම පිටුවල wingless fairies කියලා මොකක් හරි නෝට් එකක් තිබුනා කියලා එක පාරම මගේ මතකෙට එනකොට මම පුස්තකාලෙන් ගෙනාපු පොතේ පිටු හරිම පරිස්සමෙන් ඒත් ගොඩක් වේගයෙන් පෙරලුවේ ඒ විස්තර තිබුන කොටස හොයාගන්න වෙනකොට අවසානෙට චූටි චූටි පොත් ගුල්ලො එහෙ මෙහෙ යන පිටු අතරේ මම මට ඕන කොටස හොයාගත්තා..

𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗  (onhold)Where stories live. Discover now