𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 11

211 49 94
                                    


     𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗. 

☁︎︎☾☁︎︎

මම දිව්වා.... ඒඩනයට තියපු පළවෙනි අඩියෙන්ම මරණයේ සීනුව ඇහුන මම ආයෙම හැරිලා පස්ස නොබලම අශුද්ධ භූමිය ඇතුලටම දිව්වා.

එන්න එන්නම අදුරු ජරාජීර්ණ වෙලා තිබුන අශුද්ධ භූමිය තව තවත් අන්දකාර වෙනකොට මට පිටිපස්සෙන් ඒත් ඈතින් වෙන්න ඇහුන දත් පවා හිරි වැටෙන උන්ගෙ වියරු වැටුන අදෝනාව නිසා මෙච්චර වෙලා සිංහ සෙයියාවෙන් උන්න මම ඔලුව හැරුන හැරුන අතට දුවන්න ගත්තා.

මට බෑ උන්ට අහුවෙන්න. එත්..... මුන් ආයෙම එන්න හේතුව මොකද්ද? තවත් අහිංසක සතෙක් මෙහෙට පන්නන් ඇවිල්ලද? එහෙමත් නැතිනම් කලින් උන්ගෙ දඩයම මගෑරිලද?

ආආශ්....

මර බය නිසාම ඔලුව හැරෙන හැරෙන අතේ දුවපු මට තව දුරටත් ආපු පාර හොයාගන්න බැරි උනා වගේම ඝන අන්දකාරේ ඇට කටු පවා හිරිවැටෙන සීතල එක්ක අශුද්ධ භූමිය අස්සෙ තනිවෙනකොට එන මග දිගට කෝලම් කර කර දුවපු අහිංසක මෝර්ස්ලා පවා කිසිම සළකුණක් නැතිව අතුරුදම් වෙලා උන්නා

ආහ්ම්!!

ඇත්තටම කිව්වොත් මමත් දැන් අර කට නිසා නැහුන මාළුවා වගේ වෙනකොට මෙච්චර වෙලා නැවතිලා කොයි පැත්තටද දුවන්නෙ කියලා හිත හිත උන්න මම ඕන දෙයක් වෙච්චි දෙන් කියලා වම් අත පැත්තට දුන්න ගන්නවත් එක්කම වේගයෙන් තියපු තුන් වෙනි හෝ හතර වෙනි අඩියත් එක්ක වතුර වලකට කකුල ගියපු මාව එතනම ඇදගෙන වැටුනා.

වැටුන පාරට මගේ කකුලේ එක සපත්තුවක් පවා ගැලවිලා විසිවෙනකොට මොකක් හරි අස්සෙ පැටලිලා තිබුන මගේ කකුලෙන් දරාගන්න බැරි වේදනාවක් දැනෙන්න ගන්නකොට වේදනාව පැත්තක දාපු මම ලේ කුයිලේ ගහන මඩින් නෑවිලා තිබුන තිබුන කකුල ගලවගන්න ඒ දිහා බලනවත් එක්කම මගේ ඇස් නළලට ගියාවගේ දැනුනා.

වැටුන පාරට මගේ කකුලේ එක සපත්තුවක් පවා ගැලවිලා විසිවෙනකොට මොකක් හරි අස්සෙ පැටලිලා තිබුන මගේ කකුලෙන් දරාගන්න බැරි වේදනාවක් දැනෙන්න ගන්නකොට වේදනාව පැත්තක දාපු මම ලේ කුයිලේ ගහන මඩින් නෑවිලා තිබුන තිබුන කකුල ගලවගන්න ඒ දිහා බලනවත් එක්කම මගේ ඇස් නළලට ගිය...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Nov 05, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

𝕾𝖔𝖗𝖗𝖊𝖑 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓𝖋𝖑𝖔𝖜𝖊𝖗  (onhold)Where stories live. Discover now