END 14

234 45 10
                                    

" හ්ම්ම් ආදරයක් නේද.."

මමත් ආසයි ආද⁣රේ කරන්න..ආදරේ විඳින්න..මම වෙනුවෙන් කවුරු හරි ඉන්නව නං කියල හිතන්න..
ඒක මම අවුරුදු  16 යේ ඉදන් කරපු ආදරයක්...
එයා දන්නවද නැද්ද කියල මම දන්නැ .
ඒත් කොච්චර සෙල්ලක්කාර උනත් ..
මම උබට හරීයට ආදරේ කරා ...

ඇයි බං උබට මාව තේ⁣රුනේ නැත්තෙ ..
ආදරයක් හිතේ තියන්..
ඒත් එයා වෙනකෙනෙක්ගෙ වෙනව බලන්න වෙන එක..
ඇත්තටම ...හරීයටම කියනව නං .
මට දැනුනෙ.." ඇයි ..ඇයි මටම ...එහෙම වෙන්නෙ...ඇයි මම ජීවත් වෙන්නෙ..ඇයි මට ඔයාව හම්බුනේ..."
අන්න  ඒ වගේ...
ඇයි හැම තිස්සෙම ආදර කතාවක
ප්‍රධාන චරිත දෙක⁣ට විතරක් ආද⁣රේ කරල
අනික් තුන්වෙනි පාර්ශවේ කෙනාට වේදනාවක් විතරක් හම්බවෙන්⁣නෙ..

ලෝකෙ තම තමන්ගෙ සතුට තමන් විසින් හදාගන්න එක
ඒක තමන්ම කරගන්න ඕන දෙයක්..
ඒත් අනේ මංද..
හම්බෙන්න ඕන නැති අය හම්බුනාම..
අපේ මතක වලට එකතු වෙන මතක...
ලස්සන ඒව ව⁣ගේම..
ඒව දකිනකොට මැරෙන්න තරන් ...
දුක හිතෙන අවස්ථා නැතුවම නෙවේ..
හ්ම්ම්..
ඇත්තටම ආද⁣රේ කරන කොට දැනෙන්නෙ කොහොමද කියල ඇහුවොත්...
එකෙක්කෙනා එකේක දේවල් කියයි...
සමහරු කිියය්..

" ආදරේ කියන්නෙ තනිකර දුකක් බං."

තවත් කෙනෙක්ට කියන්න පුලුවන්...

' ආද⁣රේ කියන්නෙ පිස්සුවක් බං...මට දැන් ඒකා නැති ව ඉන්න බැහැ මම මැරෙයි..'

ඉතින් ආද⁣රේ කරන කෙනා නැතුව තමන්ට ඉන්න බැරි නං ...
ආදරේ කියන්නෙ දුකක් වෙච්ච මනුස්සය ..
විඳව විඳව හරි ජීවත් වෙනව..
ඒත් කවදාවත් හම්බෙන්නැති දෙයක් ගැන හිත හිත ..
ඒත්..

තමන් ආද⁣රේ කරන කෙනා එකම එක දවසක් හරි තමන්ට පෙරලා ආද⁣රයක් දීල තියනව නං...

උබලට හිතෙන්නැද්ද බං..

ආදරේ කියන්නෙ පිස්සුවක් වත්..
දුකක් වත් නෙවේ..
තනිකරම තිත් පේලියක් වගේ..
.... ඉතින් තිත් පේලියකට පුලුවන්...
අපි ලියන කතාවක් දික් කරන්න වගේම.....
. එක තිතකට පුලුවන් අපේ ආදර කතාව සම්පුර්ණයෙන් ම නවත්තල දාන්න..

E.N.D | ᵇˡ Completed ☑️Where stories live. Discover now