part 1

181 28 30
                                    

තවත් වෙහෙසකර පාසල් දවසකට පසු සුපුරුදු ලෙස පාසල පිටුපස ඇති පරණ ඕක් ගහ ළඟට පැමිණි hoseok එහි තිබු බංකුවෙන්
වාඩි උනා. හැමදාම වගේ අදත් කල්පනා ලෝකෙක තනි උනු ඔහු කවදාවත් පිළිතුරක් නොලැබෙන ඒ ප්‍රශ්න සුළඟට පා කරලා යැව්වා.

" ඇයි අනිත් ලමයි වගේ මට ලස්සන ජීවිතයක් ලබා ගන්න බැරි? මං මොකක්ද ඔයාලට කරපු වැරද්ද මාව දාල යන්න තරම් "

ඇයි හල්මොනි ඔයාගෙ හොබී ව දාලා ගියේ? ඔයාගෙ හොබීට ගොඩක් පාලුයි.

හොසෝක් නැත්නම් හොබී කාත් කවුරුත් නැති අනාත දරුවෙක්. අනාත දරුවෙක්?? හ්ම්ම් හැමෝම කියන්නෙ එහෙමනේ. හොබී ගොඩක් පුංචි කාලේම එයාගෙ ඔම්මයි අප්පයි divorce වෙනවා.

ඒ දෙන්නගෙන් එක්කෙනෙක් වත් පුංචි හොබීව බාරගත්තේ නෑ. ඉතින් මේ වගකීම භාර ගන්න උනේ එයාගෙ හල්මොනිට. ඒත් හොබීගෙ හල්මොනිට හොබීව බලාගන්න එක පොඩ්ඩක් වත් කරදරයක් උනේ නෑ. එයා හොබීට කිසිම අඩුවක් කලේ නෑ.

එත් මේ සතුට හොබී ළඟ වැඩි කල් තිබ්බෙ නෑ. හොබීගෙ හල්මොනි අසනීප උනා. ඒත් ඒකට බෙහෙත් ගන්න තරම් සල්ලි එයාල ලග තිබ්බෙ නෑ.

හොබීට අවුරුදු දහයෙදි වගේ එයාගෙ හල්මොනි එයාව දාලා යන්නම ගියා.ඒ දවසින් පස්සේ තමයි හොබීගෙ නරක කාලේ පටන් ගත්තෙ. හොබීට එයා හිටපු ගෙදර දාලා නැන්දා ළඟට යන්න උනා.

එයාල හොබීට ගොඩක් වෙනස්‌කම් කලා. හොබීට ගොඩක් වැඩ කරන්න උනා. ඔව් එයාට එක කෑම වේලක් වෙනුවෙන් ගොඩක් වැඩ කරන්න උනා.

ඒ උනාට එයා ඉගෙන ගන්න එක අතහැරියෙ නෑ. පුළුවන් විදිහට ඒ වැඩ ටිකත් කොහොම හරි කර ගත්තා.

හොබීට යාලුවො හිටියේ නෑ. හැමෝම එයාට අනාතයා කියලා විහිළු කලා. ඒත් එක්කෙනෙක් හැර. ජිමින් හොබීට ඉන්න එකම යාලුවා නෑ එකම පවුල.

හොබී ඉස්කෝලෙ ගිය මුල් දවස් වල ජිමින් හොබී එක්ක කතා කලේ නැති උනත් පස්සෙ පස්සෙ එයා හොබී එක්ක කතා කරන්න පටන් ගත්තා. දැන් ඒ දෙන්නට ඒ දෙන්නා නැතුවම බෑ.

දින සති අවුරුදු ගෙවිල ගියා. දැන් ජිමින් හොබී දෙන්න අවුරුදු දහ නවයක විතර තරුණයො දෙන්නෙක්.

ඒ දෙන්නම අන්තිම විභාගෙට සූදානම් වෙන ගමන් ඉන්නේ. අදත්
ඉතින් සුපුරුදු පරිදිම හොබී ඕක් ගහ යටට වෙලා කල්පනා ලෝකෙක තනි වෙලා.

හොබීට ඕනේ පුළුවන් තරම් ඉක්මනට ගෙදරින් ඈතකට යන්න. එයා ගොඩක් මහන්සි වෙනවා ඒ වෙනුවෙන්. එයාට ඕන තමන්ගෙම ශක්තියෙන් හොඳ තැනකට එන්න.

එයාට ලොකු විශ්වාසයක් තියෙනවා එයාට කවද හරි කොරියාව තුළ ලොකු තැනකට එන්න පුළුවන් වෙයි කියලා. එත් එයාට හිතා ගන්න බෑ එයා තෝරගන්න ඕනේ මාර්ගය මොකක්ද කියලා.

නගරෙ පාසල් වගේ නෙමෙයි හොබී ඉගෙන ගන්න පාසලේ ගොඩක් පහසුකම් තිබ්බෙ නෑ. ඒ නිසා ඉගෙනීමට අමතරව වෙනත් බාහිර ක්‍රියාකාරකම් වලට එහෙ ඉඩක් තිබ්බෙ නෑ.

Hobi pov
මං දන් නෑ මට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා. මට හිතෙන්නෙම මං මුකුත්ම දන් නැති නිකම්ම නිකං කොල්ලෙක් කියලා. පොත් පාඩම් කරලා විභාග ලියන එක විතරයි මට කරන්න පුළුවන්. ආයිෂ්.... මං කවුද?ඇත්තටම මට මොනවද පුළුවන්?

"මොනව නැතත් උබට පුළුවන් හොඳට කල්පනා කරන්න."

(හොබී වෙනුවට 🦄 දානවා)

🦄 ආහ් ජිමිනා උබ කොයි වෙලේද මෙතනට ආවේ?? මං බය වුනා බං උබෙ ටකරං voice එකට. ඒක නෙමෙයි උඹ දැන් මගේ හිත කියවන්නත් පටන් අරන්ද? 🤨

(ජිමින් වෙනුවට 🐥)

🐥 මං මෙතැනට ඇවිත් දැන් පැයක් වෙනවා පැයක්. උබේ දැහැනට කරදර කරන්න ඕනේ නැනේ . මං මෙතැනට වෙලා උබේ handsome look එක දිහා බලන් හිටියා 😏😉
දැන්වත් යමුද ඔතෙන්ට වෙලා හිටියා කියලා උබට උබව හම්බෙන් නෑ. දැන් වෙලාව කීයද කියලා දන්නවද?

එහෙම කියලා ජිමින් හොබීට අතේ ඇගිලි හතරක් පෙන්නුවා.

🦄 මොකක්?????? 😳 හතරයි......
🐥 වරෙන් යන්න මට බඩගිනියි

____________________________________________

ඔන්න මන් ලියන පලවෙනි කතාවෙ පලවෙනි episode එක. ඉතින් ඔයාලට තේරෙන් ඇතිනේ hobi කියන්නේ එයාගෙ හැකියාවන් හොයා ගන්න උත්සාහ කරන කොල්ලෙක් කියල. මේක ඉක්මනට ඉවර වෙන short story එකක්.

මං දන්නවා මේක ලස්සන ff එකක් නෙමේ කියලා. මට try කරලා බලන්න හිතුනා ff එකක් ලියන්න. හොඳයි නම් vote එකක් දාන්න. 🙂 අඩු පාඩු නම් ගොඩක් තියෙනවා ඒවත් කියන්න.

තව දෙයක් මං මේකට bts members ලග නම් ටික ගත්තට මේක මගෙ හිතේ ඇදුන කතාවක් විතරයි.
එහෙනම් මං යනවා ආයේ දෙවැනි episode එකෙන් හම්බෙමු. ❤
ඔයාලා මේකට අස නම් vote එකකුත් දාගෙන යන්න 🤗

                     _Nisu_ (hobisis)

ME,MY SELF AND I ( Completed)Where stories live. Discover now