part 14

64 17 21
                                    

මාස 5 කට පසු

"ඔක්කොම කරන්න තව මාසයයි තියෙන්නේ ඔහොම ඉඳලා බෑ ඔයාල ගොඩක් මහන්සි වෙන්න ඕනේ "

හැමදාම අහල අහල ඇති වෙලා තියෙන manager ගෙ දේශනාවත් එක්ක තැන තැන බිම වැටිලා හිටපු කොල්ලො ටික ඉන්න තැන් වලින් නැගිටලා පෙළ ගැසුණේ ආපහු පුහුණු වීම් පටන් ගන්න.

"හරි එහෙනම් අපි නවත්තපු තැනින් පටන් ගමු "

කණ්ඩායමේ නායකයා උනේ මින්හෝ. එයාගෙ උපදෙස් වලට තමයි හැමෝම වැඩ කලේ. ප්‍රධාන ගායකයා උනේ කුකී වගේම ප්‍රධාන නර්තන ශිල්පියා උනේ හොබී. පටන් ගත්ත දවසෙ ඉඳලා අද වෙනකම් එක දවසක් වත් මග හරින්න නැතුව පුහුණු වීම් කරන්න මේ දෙන්නා වග බලා ගත්තා. හොඳම දේ දැන් කුකීට ගොඩක් හොඳට ඩාන්ස් කරන්න පුළුවන් එයාගෙ හොබී හියුන්ග් කියල දෙන නිසා.

ඒත් හොබී නම් එච්චර හොඳින් නෙමෙයි පහුගිය දවස් ටිකේ ඉඳලම හිටියේ. එක දිගට පුහුණු වීම් කරපු නිසා වෙහෙස නිසා හොබී ගතින් දුර්වල වෙලා හිටියා වගේම ඊටත් වඩා එයාගෙ හිතට වද දෙන ප්‍රශ්නයකට එයා මැදි වෙලා හිටියා.

Debut එකට කලින් social media වලට දාපු එයාලගෙ කණ්ඩායමේ ජායාරූප වලට ලැබුණු ප්‍රතිචාර එච්චර හොඳ ඒවා නෙමෙයි. ගොඩක් මිනිස්සු කියලා තිබුනේ හොබී වගේ කෙනෙක් කණ්ඩායමට සුදුසු නැහැ කියලා. හොබීගෙ බාහිර පෙනුම ගැන ගොඩක් අය විවේචනය කරමින් ගොඩක් පෝස්ට් share කරන්න පටන් අරන් තිබුණා.

මේ සේරම දේවල් එක්ක හොබී තීරණය කරලා තිබුනේ කණ්ඩායමෙන් ඉවත් වෙන්න. ඒත් තාම ඒ තීරණය ගැන කාටවත් කියලා තිබුනේ නෑ.

"මගේ තියෙන අඩු පාඩුව මොකක්ද?"

තමන් ඉස්සරහ තියෙන කණ්නාඩි දිහා බලාගෙන තමන්ටම මුමුණ ගත්ත හොබී practice room එකෙන් එළියට බැස්සේ එයා ගත්ත තීරණය ගැන නම්ජූන්ට කියන්න.

හොබී බෝඩිමට ගිය ගමන් කෙලින්ම ගියේ නම්ජූන්ව හොයාගෙන.

"හොබා ඇයි මේ කලබලෙන්? ඔයා අඩනවද?"

නම්ජූන් එහෙම අහනවත් එක්කම එතැනට ඇවිත් වාඩි උඩ හොබී කතා කරන්න පටන් ගත්තා.

"නම්ජුනා මං තීරණය කලේ group එකෙන් අයින් වෙන්න. මං හිටියා කියලා කොහොමත් group එකට වැඩක් වෙන් නෑ fans ල අඩු වෙන එක විතරයි වෙන්නේ. "

ME,MY SELF AND I ( Completed)Dove le storie prendono vita. Scoprilo ora