Part 11

73 19 23
                                    

කුකීගෙ සිද්ධියෙන් පස්සේ දවස් තුන හතරක් ගියත් හොබීට කුකී ගැන නම් පොඩ්ඩක් වත් හොයා ගන්න බැරි උනා. එයා bighit එකට ගිය හැම දවසකම කුකීත් වෙනදා වගේ practise room එකේ හිටියා.

ඒත් හොබී ඒ ගැන එයාලගෙන් කාටවත් කිව්වෙ නැත්තෙ කුකී මේක හංගන හේතුව දන්නේ නැති නිසා. හොබී දන්න එකම දේ කුකී කියන්නේ music වලට එයාගෙ ජීවිතයටත් වඩා ආස කෙනෙක් කියලා.

ඉතින් එයාට මේ ගැන හංගන්න වැදගත් හේතුවක් ඇති කියලා හොබී තේරුම් අරන් හිටියේ. බොරුවට එයාගෙන් ඒ ගැන අහලා කුකීට කරදර කරන්න හොබීට ඕනේ උනේ නෑ.

හොබී අදත් එයා practise කරන room එකට යන ගමන් හිටියේ. හැමදාම වගේ පුරුද්දට හොබී කුකී ඉන්න  room එකට එබුනම දැක්කේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන pd nim එක්ක කතා කරන කුකීව.

Hobi pov

මං ඉක්මනට කවුරුවත් දකින්න කලින් මං practise කරන room එකට යන ගමන් හිටියේ. යන ගමන් කුකී මොකද කරන්නේ කියලා බලාගෙන යනකොට තමයි මං දැක්කේ එයා bang pd එක්ක කතා කරනවා.

ඒත් කුකීගේ ඇස් වල කඳුළු තියෙනවා කියලා දැක්කම මගේ කකුල් නතර උනේ ඉබේටම. මේක මට ලැබෙන අවසාන අවස්ථාව වෙන්නත් පුළුවන් කුකීගේ ප්‍රශ්නෙ ගැන දැන ගන්න. ඒ නිසා මං මේක අහගෙන ඉන්නම ඕනෙ.

🏵 ජන්ග්කූක් ඔයාට මේ විදිහට debut වෙන්න බෑ. මං හිතුවෙ ඔයා parents ලගෙන් අවසර ගනී කියලා. ඒ නිසයි මං ඔයාට මේ ටිකේ practise වෙන්න දුන්නේ.

තව මාස හයකින් ඔයාල new kpop group එකක් විදිහට එළියට එන්න ඕනේ. ඔම්මල අප්පල කැමති නැතුව මං කොහොමද ජන්ග්කුක් ඔයාව debut stage එක උඩට යවන්නේ? අනික දෙමව්පියන්ගේ අවසරයක් නැතුව ඔයා ඔයාගෙ හිතුමතේට වැඩ කලා කියලා මිනිසුන් දැනගත්තොත් ඔයා හිතනවද ඔයාලට fanbase එකක් වත් හැදෙයි කියලා. නෑ ජන්ග්කුක් නෑ. මට ඔයා නිසා මෙතැන ඉන්න අනිත් අයවත් අමාරුවේ දාන්න බෑ.

"ආහ් එතකොට මේ නිසාද කුකී එහෙම හිටියේ 🥺. ඇයි pd nim එයාට එහෙම කතා කරන්නේ. පොඩි ලමයෙක්ගෙ ආසාවක් වත් මෙයාට තේරෙන් නැද්ද?"

🏵 අනික ඔක්කොටම වඩා බරපතල දේකුත් තියෙනවා.

🐰 අනේ මන් හෙට ඉඳලා හැමදාම dan..

🏵ඔහොම ඉන්න ජන්ග්කුක්. ඔයා මෙච්චර කාලයක් හරියට dance practise ආවේ නෑ. Vocal practise වලට විතරයි ඔයා ආවේ. මං දන්නවා ඔයාට ඒ දවසට අප්පාගෙ office එකට යන්න ඕනේ කියලා. දැන් ඒකෙන් මොකක්ද උනේ? ඔයා dancing වලට හොඳටම දුර්වලයි. I'm sorry ජන්ග්කුක්. මට ඔයාව අකැමැත්තෙන් හරි අයින් කරන්න වෙනවා.

"අනේ එපා කුකීව අයින් කරන්න. ඇයි අනිත් අය කට වහන් බලන් ඉන්නේ යාලුවා වෙනුවෙන් කතා කරන් නැතුව."

🐰 අනේ මාව අයින් කරන්න එපා. මට එකම එක අවස්ථාවක් දෙන්න. මං  මං ඔක්කොම හරිගස්සන්නම්.

🏵 සොරි ජන්ග්කුක් අපි වෙන දෙයක් බලමු. මට කොහොමත් ඔයාගෙ vocal skill එක නැති කර ගන්න බෑ

                  කුකී එතනින් එහාට මුකුත් කියන්න ගියේ නෑ. ඇස් දෙකේ පිරුණ කඳුලු නිසා එයාට මුකුත් පෙනුනෙත් නෑ. කටින් හීන් ඉකියක් පිට වෙනවාත් එක්කම කුකී practise room එකෙන් එලියට දිව්වා.

හොබී කුකී කොහාට ගියාද කියලා බලන්න එයා පස්සෙන් දුවන්න ගත්තත් කුකී දිව්ව වේගෙට හොබීට එයාව මග ඇරුනා.

හොබී හෙව්වා එයාට පුළුවන් හැම තැනකම ඒත් කුකී හිටපු සලකුණක් වත් හොයා ගන්න බැරි උනා. හොබීගෙ මුළු ඇගම හිරි වැටිල ගියේ එයාගෙ හිතට ආපු භයානක හැගීමක් නිසා.

"නෑ නෑ ජින් හියුන්ගෙ කුකී ගොඩක් ශක්තිමත්. මට බයයි මං දැන් මොකද කරන්නේ?"

හොබී ආපහු කුකී practise කරපු room එකට ගියාම හම්බුන කුකීගෙ phone එකත් අතේ ගුලි කරගෙන හොබී එක තැනකට ගියේ මේ වෙලාවේ කරන්න තියෙන හොඳම සහ එකම දේ ඒක නිසා.

"නම්ජූනා අපේ කුකී"

____________________________________________
ගොඩ කාලෙකට පස්සෙ නේ 🙂

ME,MY SELF AND I ( Completed)Where stories live. Discover now