part 5

68 20 33
                                    

"ආයිෂ් මේ කරුම එලාම් එක " එහෙම කියන ගමන් හොබී අවදි උනා. ජිමින් නම් තාම නිදි. "මෙකා පස්සත් උඩ දාගෙන නිදන් ඉන්න හැටි විතරක් හිටපන් උබට " හොබී එහෙම කියාගෙන කෙලින්ම පැන්නේ ජිමින්ගෙ ඇග උඩට.

🐥 ආආආආආආආආආආආආආආආආ..මාව බේරගනියෝ... කවුද මාව කිඩ්නැප් කරනවෝ.....
හොබී ඔයා කොහෙදෝ.....

🦄 😆😆😆 මානසික ලෙඩෙක් තමයි ඉතින් උබව කිඩ්නැප් කරොත්. දැන් බලපන් වෙලාව කීයද කියලා. අද යන්න හිතක් නැද්ද උබට?

🐥 ආආ අයියෝ...තමුසෙ ඇයි බන් මට මෙහෙම කරන්නෙ මං පව් නැද්ද?

ආආ මේ මේ හොබීයෝ ඔයා මගේ ලව් එකනෙ නේද.........👉👈😁

🦄 🤨 "මූ මොකාට ද එන්න හදන්නේ" 😐

🐥 මේ උයාට බැලිද අදට විතලක් තනියම ගිහින් මට note එක දෙන්න. 😁😁 මට ගොඩාලියක් මහන්සි අලේ 🤧😴 අදත් දොයිය ගත්තොත් අලි යයි 😴😁

🦄 ඔව් ඔව් අලි යයි අලි යයි බොගෙ ඇග උඩින්. ඔය බටර් පාරවල් මාත් එක්ක නම් බෑ ජිමිනො😏 මං හියුන්ග් කාඩ් එක ගන්න කලින් ඉක්මනට ලෑස්ති වෙලා එන්න. මං උදේට කන්න දෙයක් ලෑස්ති කරනකම්.

හොබී හියුන් කාඩ් එක කියලා අදහස් කළේ මොකක්ද දන්නවද? ඇත්තටම හොබීයයි ජිමිනයි හොඳම යාලුවො උනාට හොබී ජිමින්ට වඩා එක අවුරුද්දක් වැඩිමල්.

හොබීට පොඩි කාලේ ගොඩක් කරදර උනානේ. ඉතින් එයාට එක අවුරුද්දක් මඟ ඇරුන නිසා ඉගෙන ගන්න උනේ එයාට වඩා අවුරුද්දක් බාල ලමයි ඉන්න පංතියක.

හොබී තමයි එකේ වැඩිමල්ම ළමයා විදිහට හිටියේ. ඒත් එයාලා ඒ දවස් වල ගොඩක් පොඩි නිසා ඒක එච්චර ලොකු දෙයක් උනෙත් නෑ.

ජිමින්ටත් ඒක තේරුනේ ගොඩක් කල් ගියාට පස්සෙ. ඇත්තටම අවුරුද්දක් වැඩිමල් කියලා කියන්න තරම් හොබීගෙ වෙනසක් තිබ්බෙත් නෑ. ඒ දෙන්නට දැනුනෙම එයාලා සමවයස් කියලා.

ඒ උනාට සමහර වෙලාවට ජිමින්ට කියල වැඩක් කර ගන්න ඕනේ උනාම හොබී එයාගෙ හියුන්ග් කාඩ් එක පාවිච්චි කරනවා.

ජිමින් මොනවා උනත් වැඩිමල් අයට ගරු කරන්න දන්නවා. මොකද කොරියාවෙ ඒ දේ ගොඩක් ඉහලින් අගය කරපු දෙයක්.

ME,MY SELF AND I ( Completed)Onde histórias criam vida. Descubra agora