part 15 (final)

73 17 30
                                    

🎤 : ඉතින් හෝප් ෂි අද ඔයා ඉන්න තැනට එන්න සහයෝගය දුන්න අය ගැන පොඩ්ඩක් අපිට කියන්නකෝ

🦄: මගේ සහෝදරයො හය දෙනා. ඒ කට්ටිය නැත්නම් අද Jhope කියලා කෙනෙක් මෙතැන නෑ. එයාලා තමයි මාව නිර්මාණය කලේ.  එයාලට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ආ තව දෙයක් එයාලා එනකම් මං බලන් ඉන්නවා. මට ගොඩක් මතක් වෙනවා එයාලව

🎤: හය දෙනාම ඔයාගෙම සහෝදරයොද?

🦄:  නෑ නෑ මගේම නෙමෙයි ඒත් ඒ වගේ තමයි. මෙහෙම කිව්වොත් හරි ඒක යාළුකමට එහා ගිය ආදරයට මෙහා නැවතුන බැදීමක් වගේ

🎤: ඕහ්.. හරි හෝප් ශි  අද ඔයා වසරේ හොඳම කලාකරුවා සම්මානය දිනාගෙන මෙතන ඉන්නවා. අවසාන වශයෙන් බලන් ඉන්න පිරිසට කියන්න දෙයක් තියනවාද?

🦄: මුලින්ම මට මේ වගේ ගමනක් එන්න උදවු උන අපේ රසිකයින්ට ගොඩක් ස්තූති කරන්න ඕනේ. හැමදාම වගේ මට කියන්න තියෙන්නේ  කවදාවත් අනිත් අය කියන දේවල් වලට සැලෙන් නැතුව ඔයාගෙම මාර්ගයක් හොයාගෙන සතුට හොයන් යන්න කියලා.
කම්සම්නිදා~~~

          දහසකුත් රසික ඔල්වරසන් හඬ මැද හොබී ඉක්මන් ගමනින් ශාලාවෙන් පිටතට පැමිනියේ පුළුවන් ඉක්මනට apartment එකට යන්න. එක දිගට තිබුණ සම්මාන උළෙලවල් වලට ගොඩක් මහන්සි උන නිසා එයාට ඕනෙ උනේ හොඳ විවේකයක්.

Apartment එකට ආපු ගමන්ම හොබී කලේ නිදාගත්ත එක. පැය ගාණක් තිස්සෙ හොඳ නින්දක් ගත්ත හොබී ආපහු අවදි වුනේ හොඳටම හවස් වුනාටත් පස්සෙ. එහෙමම ඇදේ head board එකට හේත්තු වුන හොබී බිත්තියේ අලවල තිබුණ රූපයක් දිහා බලලා මේසය උඩ තිබුණ album එකක් අතට අරන් පෙරලන්න පටන් ගත්තෙ කියා ගන්න බැරි හැගීම් ගොඩක් එක්ක.

"ඒ දවස් ආපහු එනවනම් "

Hobi pov

අවුරුදු දහයකට මොන තරම් දේවල් සිද්ද උනාද? එකම බෝඩිමෙ හිටිය හය දෙනා මගෙයි කුකීගෙයි debut එකට පස්සෙ වෙන් වෙන්න උනානේ. ඒත් ඒ කාලෙත් අපි පුළුවන් හැම වෙලාවෙම මීට් උනා. දැන් ඒ දේවල් එක කෝල් එකකට සීමා වෙලා. හැමෝම වැඩ එක්ක busy වෙලා.

ජිමිනා, කුකී, ටේ මට ඔයාලව ගොඩක් මතක් වෙනවා. හියුන්ග් ල වත් මතක් වෙනවා.  මේ වැඩ නිසා ඔයාලව ගොඩක් මිස් උනා මට.

To już koniec opublikowanych części.

⏰ Ostatnio Aktualizowane: Mar 06, 2023 ⏰

Dodaj to dzieło do Biblioteki, aby dostawać powiadomienia o nowych częściach!

ME,MY SELF AND I ( Completed)Opowieści tętniące życiem. Odkryj je teraz