part 12

64 17 18
                                    

"ආහ් මට දැන් මේක ඇති වෙලා "

ඔලුවේ කෙස් වලින් ඇද ගන්න ගමන් කුකී කෑ ගැහුවේ එයා ඉන්නේ කොහෙද කියලත් අමතක කරලා.

කොම්පැනි එකෙන් එළියට බැහැපු ගමන් කොහෙට යන්නද කියලා හිතා ගන්න බැරුව හිටිය කුකී ඔහේ පාර දිගේ දුවන්න පටන් ගත්තෙ කුකුල් පන නැති වෙලා වැටෙනකම් දුවනවා කියලා හිතාගෙන.

ඒත් නිතරම ඇවිත් තියෙන හුරු පුරුදු තැනකට ආවා කියලා දැනුනම ඒ කුකුල් නිකන්ම නතර උනා. කුකී එතැන පොඩ්ඩක් නතර වෙලා වට පිට බැලුවම තමයි එයාට තේරුනේ දන්නෙම නැතුව ඇවිත් තියෙන්නේ හැමදාම සැනසීමක් හොයාගෙන එන හන් ගග ළඟට කියලා.

ඒත් තවදුරටත් එයා හොයන සැනසීම මෙතැනින් ලැබෙයි කියලා විශ්වාසයක් කුකී ළඟ තිබ්බෙ නෑ.

ගැඹුරු හුස්මකුත් පහළට දාල කුකී පාලම දිහාට ඇවිදින්න ගත්තා. පාලමේ අත් වැටට හේත්තු උන කුකී පහළ තියෙන වතුර දිහා එක දිගට බලන් හිටියා.

ඇස් දෙකෙන් නොනවත්වා ගලන කඳුලු බින්දුව බින්දුව හන් ගගේ වතුර පහරට එකතු උනා. ජීවිතෙත් කිසිම බාධාවක් කරදරයක් නැතුව ගලන හන් ගග වගේ උනා නම් කියලා වෙනදා වගේම අදත් කුකීට හිතුනා.

හැමදාම ඒ වගේ ජීවිතයක් බලාපොරොත්තු උනත් කවදාවත් එහෙම වෙන් නෑ කියලා කුකීට තේරුණත් ඒ දේ පිළිගන්න කුකී හැමදාම අදි මදි කලා.

හැමදේම හොඳ විදිහට සිද්ද වෙයි කියලා හිතුවත් අද උන දේ එක්ක කුකී අසරණ උනේ එයාටවත් හිතා ගන්න බැරි විදිහට. කවදාවත් හිතුවෙ නැති විදිහට එයාව group එකෙන් අයින් කරනකොට පොඩි තත්පර ගානකින් එයා දැකපු ලස්සන හීනය කකුල් දෙක ළඟ කඩන් වැටෙනකොට තවදුරටත් දරා ගෙන ඉන්න පුළුවන් කමක් කුකීට තිබ්බෙ නෑ.

ඒ දුක කදුලු වලින් පටන් අරන් ඉකියක් උනේ ඒ නිසයි.

"මට මැරෙන්න බෑ. මං දැන් මොකක්ද කරන්න ඕනේ? මට තේරෙන් නෑ"

අත් වැටට හේත්තු වෙලා තමන්ටම එක එක ඒවා කියව ගන්න ගමන් කුකී ඉකි ගහන්න පටන් ගත්තා. කුකී ලගින් යන මිනිස්සු හැරි හැරී කුකී දිහා බල බල ගියත් කවුද එන්නේ කුකීගෙ දුක අහන්න? ඒ ඇරත් කුකීට කවුරුවත් ඕනේ උනෙත් නෑ. තමන්ට ඕනේ දේ දෙන්න බැරි මිනිස්සුන්ගෙන් සැනසිලි බස් අහන්න කුකීට ඕනේ උනේ නෑ. එයාට ඕනේ උනේ විසදුමක් විතරයි.

ME,MY SELF AND I ( Completed)Where stories live. Discover now