part 2

83 27 30
                                    

ජිමින් හොබීවත් එක්කගෙන ආවේ cafe එකකට. ජිමින් එයාට පුළුවන් හැම දවසකම හොබීව මේ cafe එකට එක්කගෙන එනවා. මොකද ජිමින් දන්නවා හොබී ගෙදර ගියාට එයාට කන්න ඉතිරි වෙච්ච දෙයක් වත් ලැබෙන් නෑ කියලා. ජිමින් හැමදාම හොබීටත් එක්ක lunch එක ඉස්කෝලෙට අරන් එනවා. ජිමින්ගෙ ඔම්මත් හොබීට ගොඩක් ආදරෙයි. එයා හැමවෙලේම හොබී ආසම දේවල් හදල ජිමින් අතේ හොබීට යැව්වා.

🦄අනේ ජිමින් දැන් ගෙදර යන්න මං නිසා මෙච්චර කරදර වෙන්න එපා බං

🐥 මේ මට උබව කරදරයක් නෙමේ හරිද අනං මනං කියාගෙන එන්න එපා මං කරන්නෙ මට ඕනෙ දේ

🦄 හරි බං එල 🙂

හොබීටත් දෙකක් කියලා ජිමින් ගියේ කෑම ඕඩර් කරන්න. Cafe එකේ ඉන්නේ හල්මොනි කෙනෙක්. අපරාදෙ කියන්න බෑ මේ දෙන්නා තකට තක

🐥 hello grandma... වට් ඊස් ද මෝ...ස්ට් පොප්ලියුරල් ඩිරින්ක් හියර්ර්ර්..

👵මෝස්ට් පොප්ලියුරල්...?පෙප්සී.......🤣

🐥oh...no... 🤣🤣🤣 වන් කෝක් ප්ලීස්..... ආහ් නෝ නෝ වන් කෝක් ඇන්ඩ් වන් sprite. පොඩ්ඩක් ඉන්න මට මොකක් හරි අමතක උනාද? Oh god රැමන් කප් දෙකකුත් දෙන්නෝ......😅

හොබී මේ දෙන්නගෙ කෝලම් වලට හිනා වෙවී පුටුවක ඉඳගෙන හිටියා. හොබීට ජිමින්ව පෙනුනේ angle කෙනෙක් වගේ. ඔව් එයාගෙ පිහිටට එවපු angle කෙනෙක් වගේ. යාළුකම ට වඩා එහා ගිය සහෝදර බැඳීමක් ඒ දෙන්නා අතර තිබ්බා.

🐥 උඹ තාමත් කල්පනා කරනවද?

🦄 ජිමින් ගොඩක් ස්තුතියි බං මන් වෙනුවෙන් කරන දේවල් වලට. මං දන් නෑ මං මේවට උබට කොහොම ස්තූති කරන්නද කියලා 🥺

🐥 ඉස්සෙල්ලා ඕක කාලා ඉදින්. පස්සෙ බැරියැ ඕවට සලකන්න

🦄 අනිවා බං

🐥අනිද්දා exam එක. උඹ ලෑස්ති ද? ආහ්හ් මතක් වෙනකොටත් මාව පන නැති වෙනවා වගේ

🦄 බය වෙන්න එපා ජිමිනො. අපි ෂුවර් එකටම පාස් වෙනවා. මටත් ඕනෙ මේ අපායෙන් ඉක්මනට ගැලවෙන්න. ඒකට තියෙන එකම පාර මේක.

🐥 හ්ම්ම්....🤧🤧🤧 ඒත් බං කෙල වුනොත් එහෙම

🦄 පන්තියෙ පළවෙනියා exam එකට භය වෙනවා දැක්කමයි🤣

🐥 යැයි යැයි තමයි. ඕක ගිලලා හිනා වෙයන් හිර වෙයි උබට 😒

දෙන්නම කාලා ගෙවල් වලට යන්න පිටත් උනා. හැමදාම වගේ ගෙදර දොර ලඟට ආපු හොබී හුස්මක් අරන් ගේ ඇතුලට යන්න හදනකොට

🙍‍♀️ ආ ආවද කාලකණ්නියා?

🦄 නැන්දේ

🙍‍♀️ ඔව් නැන්ද තමයි හෙට උදේට කෑම එකක් ඕනෙ නම් අර ගේ පිටිපස්සේ තියෙන වළං ටිකයි රෙදි ටිකයි හෝදලා දාපන්

හොබී මුකුත් කියන් නැතුව එයාගෙ කාමරේට ගියා. හොබීට දැන් ජිමින් නිසා කෑම ගැන වද වෙන්න ඕනේ නැති උනත් එයාට ඉන්න හිටින්න තැනක් දුන්න නිසා එයා නැන්දා කියන හැම වැඩේම කරන්න පුරුදු වෙලා හිටියා. හොබී ටික වෙලාවක් මහන්සි ඇරල නැන්දගෙ වැඩ ටික කරන්න ගියා.

Hobi pov

වැඩ ටික නම් කරලා ඉවර කලා. දැන්වත් හොදට නිදාගන්න ඕනෙ කියල ආවට පුරුද්දකට වගේ අත ගියේ බෑග් එක ඇතුලට. බෑග් එක ඇතුලට අත දාලා එළියට ගත්ත එක දැකල මගේ මූණට හිනාවක් ආවේ නිරායාසයෙන්ම. කුකීස් පැකට් එකක්. අදත් ජිමින් මට හොරෙන් බෑග් එකට දාලා. මං දන් නෑ ඒ මනුස්සයා මට හොරෙන් කොහොම මේවා බෑග් එකට ඔබනවද කියල.

ඇත්තටම මට ගොඩක් වැඩ කලාට පස්සෙ බඩගින්නක් එන් නෑ කිව්වොත් ඒක බොරුවක්. ඒ වෙලාවට පිහිටට තියෙන්නෙ මේ කුකීස් තමයි. මගේ අවාසනාව ඇතුලේ ජිමින් වගේ යාලුවෙක් ලබන්න වාසනාවකුත් තිබිලා. කුකීස් කකා ඉන්නකොට හැමදාම මට ජිමින් කියපු කතාවක් මතක් වෙනවා.

" හොබී මට ඔයාව දැක්කම මතක් වෙන්නෙ මං බලපු film එකක්. ඒකෙ නම "full of hopes" . ඒකේ ඉන්න පිරිමි ළමයත් ඔයා වගේම බලාපොරොත්තු එක්ක ජීවත් වෙන කෙනෙක්. එයා එයාගෙ හීන හැබෑ කර ගත්තා වගේම ඔයත් ඔයාගෙ හීන හැබෑ කර ගනී. ඒක මට විශ්වාසයි "

ඒක එහෙම වෙයිද ජිමින්??? ඒත් මොකක්ද මගෙ හීනය? මං තාම මට මොනවද පුළුවන් කියලා හොයාගෙනවත් නෑ. ඉතින් මට කොහෙන්ද හීනයක්. ඒත් මං හිතනවා මට ඒක ඉක්මනට හොයා ගන්න පුළුවන් වෙයි කියලා.

____________________________________________

හායි boring නේද? මං දන්නවා අනේ 🙂
හොබීගෙ life එක ඉස්සරහට මොන විදිහට වෙනස් වෙයිද? බලමුකො නේද
මේ කතාවේ ot7 ඉන්නවා. ඉස්සරහට හම්බවෙයි. කතාව හොඳ නම් vote එකක් දාගෙන යන්න ❤ එහෙනම් ඊලඟ එකෙන් හම්බවෙමු.

_Nisu_

ME,MY SELF AND I ( Completed)Where stories live. Discover now