part 7

70 19 40
                                    

"තමුසෙල දෙන්නා මොනවද අපේ බෝඩිම ඉස්සරහ කරන්නේ?"

ඔව් ඒ පූස් කොල්ලා හෙවත් සුගාගෙ කන් බිහිරි කරවන සුමිහිරි කට හඩ.

දොර ළඟ හිටගෙන ඉන්න දෙන්නා දැක්කා විතරයි තත්පරයක් යන්නත් කලින් සුගාගෙ තරහ එළියට පැන්නා.

මේ අතරේ නම්ජුනා සුගාව කූල් ඩවුන් කරන්න අසාර්ථක උත්සාහයක. ටේ තුෂ්නිම්භූත වෙලා ඊලඟට මොකක් වෙයිද කියලා බලාගෙන ඉන්නවා.

ජින් නම් ආපු වෙලාවේ ඉඳලා uni එකේ කෙල්ලෙක් කියලා දීපු කෑමක් හදන්න try කරනවා. ඒ අතරෙ එළියෙ වෙන්නේ මොකක්ද කියලා හොර ඇහැ දාලත් බලනවා.

එයා දැන් මොනවා උනත් එයාගෙ කෑම එක දාල කොහෙවත් යන් නෑ.

මේ අතරෙ මුකුත් නොදන්න ජන්කූක් bathroom එකේ සින්දුවකුත් කිය කිය දියවෙන්න නානවා.

" look who we are.... we are the dreamers..🎤🎶🎼🎵"

"Oh yeah Oh yeah"

Meanwhile හොබීයයි ජිමිනයි සුගාගෙ මූන දිහා බලාගෙන භාවනා කරනවා.

🐱 දැන් මං තමුසෙල දෙන්නගෙන් ඇහුවේ මොකක්ද?

🦄 ඇහුවේ මො මො මොකක්ද මෙතැන කරන්නෙ කියලා

🐱 ඉතින් උත්තර දෙනවා මෙතැන බස්සො දෙන්නෙක් වගේ බලන් ඉන් නැතුව

🐥 අපි දෙන්නා මෙහෙ තමයි බෝඩිම් වෙලා ඉන්නේ. එතකොට අපි ඊයෙ තමයි මෙහෙට ආවේ.
අද ඉඳන් අපිත් ඔයාලත් එක්ක මේ බෝඩිමෙ තමයි ඉන්නේ. තව ප්‍රශ්න තියනවද මිස්ට?

ජිමින් ඇහිබැමකුත් උස්සලා එහෙම අහනකොට සුගා මූ යකෝ වගේ බැල්මකින් ජිමින් දිහා බලන් හිටියෙ.

මේ අතරෙ ටේ එයාගෙ සෙල්ලම් බඩුවත් අරන් මෙයාලා ඉන්න පැත්තට ආවා.

🐯 ඔයාලා දෙන්නගෙ නම් මොනවද?

🦄 මම ජන්ග් හොසොක්. හමුවීම සතුටක් කිම්...

හොබී ටේගෙ නම කියන්න හදනකොටම ටේ හොබීට එපා කියලා අතින් සන් කලේ ටේ හවස කරපු දේ දැන ගත්තොත් මේ දෙන්නට කෙසේ වෙතත් එයාට වෙන බෝඩිමක් හොයා ගන්න වෙන නිසා.

🐥 හායි මම පාක් ජිමින්

ජිමිනුත් එයාව හදුන්වලා දුන්නට පස්සේ තමයි එතැනට ඊලඟ බෝම්බෙ කඩා පාත් වුනේ. "ආහ් කවුද මේ?"

ME,MY SELF AND I ( Completed)Where stories live. Discover now