part 13

51 16 10
                                    

Hobi pov

   අද බුසාන් ගියාම අපි හැමෝම ගත්ත තීරණය කුකීට කියනවනේ. ඒත් කුකී මේක කොහොම පිළිගනී ද දන් නෑ. දැන් නම් බයත් හිතෙනවා.

"ඒ ජිමින් නැගිටිනවා ඕයි. ජින් හියුන්ග් හොයන් එන්න කලින් "

ආයිෂ් මූ හෙනකදයා වගේ තාම නිදි නේ.

🐹 මේ ගෙදර උදෙන්ම නැගිටින එකෙක්වත් නැද්ද? මං බුසාන් යන්න කෑම බීම සේරම ලෑස්ති කරලත් ඉවරයි ඒත් මුන් ඔක්කොම තාම නිදි. එකෙක් එනවද මං කුස්සියේ මැරිලා ද කියලා බලන්නවත්. තව විනාඩි පහක් ඇතුලට හැමෝම මෙතැන හිටියේ නැත්නම් මං යනවා තනියම බුසාන්.

🦄 ජිමින් නැගිටින්න නැගිටින්න.  ජින් හියුන්ග්ට කේන්ති ගිහිල්ලා.

🐥 හ්ම්ම්

           ජින් හියුන්ග්ගෙ කටේ සද්දෙට නිදාගෙන හිටපු හැමෝම ඉක්මනට ලෑස්ති වෙලා පහළට ඇවිල්ලා.  පුදුමෙ කියන්නේ ඉස්සර කවුරු හරි ගිහිල්ලා ඇහැරවනකම් ම ඉන්න සුගාත් අද ලෑස්ති වෙලා ඇවිල්ලා. හැමෝම දැන් පෝලිමට හිටගෙන බලන් ඉන්නේ ජින් හියුන්ගෙ ඊලඟ අණ ලැබෙනකම්.

අද කට්ටියම හිතාගෙන ඉන්නෙ ජින් බත් නෙමෙයි මුහුදෙ වැලි කන්න කිව්වත් මුකුත් අහන් නැතුව කන්න.  ඊයෙ සිද්ධ උන දේවලුත් එක්ක ජින් පොඩි දෙයක් උනත් කේන්ති ගන්න තියෙන සම්භාවිතාව හොඳටම වැඩි කියලා කොල්ලො හය දෙනා හොඳට තේරුම් අරන් හිටියේ.

ඉතින් කට්ටියම ජින් කියපු විදිහට බුසාන් යන්න පිටත් උනා.  කුකී නම් ගමන පුරාම පොඩ්ඩක් දුකින් හිටියේ ජින් තාම එයත් එක්ක කතා කලේ නැති නිසා.  කුකී ජින් එක්ක කතා කරන්න හදන හැම වෙලාවෙම ජින් කලේ කුකීව මග හරින එක.

ඒ උනාට අනිත් අය නම් හැමවෙලේම කුකී එක්ක කතා කරල එයාගෙ mood එක හදන්න try කලා.

මේ අතරෙ හොබී නම් හිටියේ සතුට දුක අතර හැගීමකින්. බුසාන් යන අතර මගදී එයාට එයාගෙ අතීතය මතක් උනා. එයාගෙ ජීවිත කතාවේ ලස්සන මතක වලට වඩා තියෙන්නෙ අවලස්සන මතක ගොඩක්. ඉතින් එයාට දැනුනේ ඒ මතක ආයේ අලුත් වෙනවා වගේ. එයා දන්නේ නැති උනාට දැනටම එයාගෙ කම්මුල දිගේ කඳුළු පේලි ගලන් යන්න පටන් අරන්.

ME,MY SELF AND I ( Completed)Where stories live. Discover now