part 3

72 23 26
                                    

කාලය හරි වේගයෙන් ගෙවිලා ගියා. දන්නෙම නැතුව රිසාල්ට් එන දවසත් ඇවිල්ලා. ජිමින් නම් දැන් මැරෙන සීන් එකේ ඉන්නේ. පපුවත් එක අතකින් අල්ලගෙන කාමරේ එහාට යනවා මෙහාට යනවා.

ඒ මදිවට තනියම කියවනවත් එක්ක. අසරණ හොබී මේ නාඩගම දිහා දැන් පැය ගානක ඉඳලා කම්මුලට අතකුත් තියාගෙන බලන් ඉන්නේ.

🦄 මෙන්න මෙහෙන් ඇවිල්ලා වාඩි වෙනවා. උඹ ඔහොම තනියම කියවන එක දිගටම කරගෙන ගියොත් uni යන එක පැත්තක තියලා යන්න වෙන්නෙ mental hospital.

🐥 උබට තේරෙන් නෑ මං විඳින දුක.මගේ හිතේ තියෙන ගින්න හුස්මක් විදිහට පිට කරන්න පුළුවන් නම් අද මන් මකරෙක්🤧

හොබී ජිමින් දිහා මූට පිස්සුද වගේ බැල්මකින් බලන් ඉන්නකොට හොබීගෙ පෝන් එකට මැසේජ් එකක් ආවා. ආයෙ තත්පරයක් වත් නාස්ති නොකර හොබී මැසේජ් එක එක හුස්මට කියවල ජිමින් දිහා බැලුවා.

🦄 ජිම්..ජිම් 🥺 අනේ...

🐥 ඇයි බං උබට මොකද උනේ උබට පපුව රිදෙනවා වගේද ?අනේ දෙයියනේ උඹ අඩු වයසින් මැරෙන්න ද යන්නේ..😭අම්මේ අපි දෙන්නටම යන්න ambulance එකකට එන්න කියන්නකෝ...

🦄 පොඩ්ඩක් හිටපන් බූරුවො උඩ පනින් නැතුව. මං මේක කියනකම්

🐥 ගොත ගහන් නැතුව කියපන් ඉතින් 😒

🦄 ජිමින් අපි දෙන්නම සෝල් නැෂනල් යුනිවර්සිටි එකට select වෙලා 🥺

🐥 සෝල් නැෂනල් කියන්නෙ කොරියාවෙ හොඳම..😳 මොකක්......උඹ කියන්නේ අපි දෙන්නම කොරියාවෙ හොඳම uni එකට select වෙලා කියලද?

🦄 ඔව් බං ඔව්

ජිමින්ට එක පාරටම සතුට දරා ගන්න බැරි උනා. එයා කෑ ගහගෙන නටන්න පටන් ගත්තා. හොබී නම් සතුටු කඳුලු පිහ පිහ පැත්තකට වෙලා හිටියා. ඔන්න එක පාරටම කොහෙන්ද ආපු අතක් හොබීවත් ඇදල ගත්තා නටන්න. වෙන කවුද ඉතිං ජිමින් තමයි.

🐥 අදවත් හිනා වෙලා ඉඳපන් බං. හැමදාම අඩනවනේ

අද දවස හොබීට කවදාවත් අමතක වෙන එකක් නම් නෑ. අවුරුදු ගානකට පස්සෙ හොබීට හිතේ හැටියට සතුටුවෙන්න අවස්ථාවක් ලැබුණා. හොබී ජිමින් එක්ක ගොඩක් හිනා උනා. ඇති වෙන්න නැටුවා.

ME,MY SELF AND I ( Completed)Where stories live. Discover now