part 10

64 18 17
                                    

පහුවදා uni ගිහිල්ලා හවස් වරුවේ හොබී සුගයි නම්ජුනුයි එක්ක කෙලින්ම ගියේ bighit එකට. සුගා හොබී එක්ක pd nim ව meet වෙන්න ගියා.

Pd nim හොබීට කරන්න තිබ්බ වැඩ ටික පැවරුවාට පස්සේ සුගා එයාලා වැඩ කරන තැනට ගියා. සුගා නම්ජූන් දෙන්නා මේ ආයතනයේ music producer දෙන්නෙක් විදිහට වැඩ කරන්නෙ. ඒ අතර ලැබෙන විවේකයේ එයාලා rap වලට පුරුදු වෙනවා.

හොබීට නම් ඒක ඇතුලේ කරන්න මහ ලොකු වැඩක් තිබ්බෙ නෑ එයාට තිබ්බෙ මියුසික් නෝට්ස් එහාට මෙහාට අරගෙන යන්නයි වැඩ කරන අයගෙ මේස පිලිවෙලට හදන්න වගේ පොඩි පොඩි වැඩ.

වැඩත් අඩු නිසා හොබී නම් මේ job එකෙන් සෑහීමකට පත් වෙලා හිටියේ. අනික සුගා නම්ජූන් දෙන්නත් ඉන්න නිසා එයාට කිසි තනියකුත් නෑනේ.

කරන්න තිබ්බ වැඩ ටික ඉවර වෙලා හොබී ගියේ බිල්ඩින් එක ඇතුලේ පොඩ්ඩක් ඇවිදලා බලන්න. එයා ලිෆ්ට් එකට නැගලා තුන් වෙනි තට්ටුවත් ගියා.

හොබී එකේ තියෙන හැම room එකකටම වගේ එබිලා බැලුවා.තමන්ටම එක එක ඒවා කියවන ගමන් හොබී දිගටම එයා කර කර හිටපු වැඩේ  කලා. එතකොටම එයා දැක්කේ මුළු බිත්තියක් පුරාම mirror එකක් දාපු practise room එකක්.

"වාව් dancing practise වලට නියමයි මේක "

කටත් බාගෙට ඇරන් practise room එක දිහා බලන් ඉන්නකොට හොබීට ඇහුනේ කවුරු හරි කට්ටියක් එයා ඉන්න පැත්තට එනවා කියලා. හොබී ඉක්මනට එතැනින් එයාලා දකින්න කලින් අයින් වුනා.ඒ  ආපු කට්ටිය කෙලින්ම ගියේ හොබී බල බල හිටපු room එකට.

"Idols"

හොබී එහෙම කියාගෙන ආපහු අර room එක දිහාට ගියේ එයාලා ඒක ඇතුලේ කරන්නේ මොනවාද කියලා බලන්න තිබ්බ ලොකු උවමනාවට.

හොබී එක ජනේලයකින් room එක ඇතුලට එබිලා බලනකොට දැක්කා එයාලා practise පටන් ගන්න ready වෙනවා කියලා. ඒත් එක්කම හොබී දැක්කේ හොඳට දැකල හුරු මුහුණක්.

"ජන්ග්කූක්"

හොබී එයාගේ ඇස් දෙකත් පොඩි කරලා ආයේ බැලුවෙ ඒ ඉන්නෙ එයාමද කියලා හරියටම තහවුරු කර ගන්න.

"කුකී මෙහෙ idol කෙනෙක් වෙන්න පුරුදු වෙනවද?"

හොබීගෙ කල්පනාව ටික වෙලාවකට නැති වෙලා ගියේ ඇතුලේ හිටපු කට්ටිය practice පටන් ගත්ත නිසා.හොබී ගොඩක් ආසාවෙන් එයාලා practice කරන විදිහ බලන් හිටියේ.

ME,MY SELF AND I ( Completed)Where stories live. Discover now