ටිකෙන් ටික පොද වැස්සත් එක්ක රැයක වෙනස නොහදුනන මේ ආඩම්බරකාර නගරයට රෑ උදා වෙලා මධ්‍යම රාත්‍රියට ලංවෙලා.... යාන්තමින් පොඩි හුස්මක් ගන්න පුලුවන් වෙන්න වගේ කස්ටමස්ලා ටිකක් අඩුඋන නිසා මම පොඩ්ඩක් එලියට ඇවිත් තාමත් සිරි සිරියේ පොද වැටන දිහා බලාන හිටියා.... ජිවිතේ මේ තරම් කාලයකට කාටවත් මේ තරම් තරහෙන් බැනලා කෑගහලා නෑ... කාගෙවත් හිතක් මේ තරම් දරුණු විදිහට රිද්දලා නෑ... මට තාමත් හිතාගන්න බෑ සෆ්රාන්ට ඇයි මේ තරම් තදින් බනින්න හිතුනේ කියලා.... ඇයි ඒ පොඩි දේ මහා ලොකු දෙයක් කරගෙන එච්චර පහත් විදිහට අපහස කලේ කියලා.... ඒ වගේම මට තෙරෙන්නේ නෑ එච්චර සද්දන්ත මිනිහා පුස් පැටියෙක් වෙල් ඇස්දෙක ලොකු කරගෙන කදුළු පුරගෙන මගේ දිහා බලාග්න හිටියේ ඇයි කියලා.... ජිම් ගිහින් හදාගත්ත ඒ අතකින් පාරක් මට ගැහැව්වනම් මට නැගිටින්න බැරි වෙනවා ෂුවර්.... ඒත් ඇයි ඒ තරම්ම අහිංසක උනේ මගේ ඉස්සරහදි... මට හිත හදාගන්න දාරගන්න බැරි එකම දේමත් ඒ අහිංසකකමයි ඉවසිමයි.... සමහරක් විට ඒක වෙන්න ඇති ආදරය කියන්නේ....
"වියෝ වූ පසුවයි දැනේන්නේ
ප්‍රේමයේ අභිමන්....
හැඩුදා කදුලයි දකින්නේ
සිනාවේ සරදම්........""අනේ මේ විකාර සිංදු කියන එක නතර කරගනින් අශේන්......."
"ඇත්තද දැන් උඹට මගේ මධුර මනෝහර වොයිස් එකෙන් කියන සිංදු ඇලජික්..... අනික මම නිකන් සිංදුවක් කිව්වේ උඹට රිදෙන්නේ ඇයි......?"
මම ගැස්සිලා අශේන් දිහා බැලුවා... ඇත්තටම ඌ නිකන් සිංදුවක් කියාගෙන ආවේ... ඒත් මම කලබල වෙලා තියෙන්නේ ඇයි කියලා මටම හිතාගන්න බෑ.....
"නෑ බන් මම ජිවිතේට මනුස්සයෙකුට මේ තරම් පහත් විදිහට සලකලා නෑ බන්.... "
"එකත් උඹට පණදෙන්න තරම් ආදරය කරන කෙනෙකුට...."
"අනේ මේ මගුලක් කියන්නේ නැතිව ඉදින්...."
"නෑ ඉතින් මම හිතුවා උඹ කියාගෙන ආපුදේ අවසානයට මම කියපු ටිකත් එකතු කරලම කියයි කියලා......"
"මටත් අවුල් බන්... ඒත් ආයමත් කතා කරලා සොරි කියන්න බයයි බන් මිනිහා ඇණයක් වෙයි කියලා...."
YOU ARE READING
Alive But Dead || Yizhan
Fanfictionඑක සීරුවට ගිනියලා දඩු වැටවල් ගහලා තියන නවදැලි හේන් වල ඒ නැවුම් පසේ සුවදට මුසු වීගන එක සිරුවට වැස්ස වැටෙන්න ගත්තා...දිරාගිය පොල් අතු අතර හිල්වී ගිය තැන් වලින් කාන්දු වන වතුර, ගොම මැටි ගාපු පොලව මඩකරමින් වලවල් හදනවා.... ගෙදරම තියන හැලි වළං උස්සන් ඇවිත...