මිනිස්සු විදිහට අපි කරන්නේ නැතිම දෙයක් තමයි අපි ආදරය කරන අයගේ හැගිම් තෙරුම් ගන්න එක....
ඒත් අපි අඩ බෙර ගහලා පුදුම විදිහට කියන්නේ මම උඹ වෙනුවෙන් මැරෙනවා... උඹ මගේ පන... උඹට මොනා හරි වුනොත් මාත් මැරෙනවා කියල... ඔය තරම් ආදරේ කරන කවුරුත් වේදනාව, සතුට දරාගන ජිවත් වෙන විදිහ ගැන කතා කරන්නේ නෑ....
අඩුම ගානේ මම නිසා උඹට දුකින්ද සතුටින්ද කියලා මගේ හිතට ඇගිල්ලෙන් තට්ටු කරලා අහන්න කවුරුත් හිටියේ නෑ.... අඩුම ගානේ උබේ වලලපු අතිතය ගොඩ ඇද්දම අනේ උබේ හිතට මොන වගේ හැගිමක් දැනේවිද කියලා අහන්න කවුරුත් හිටියේ නෑ.... අඩුම ගනේ ඒ මනුස්සයා දැක්කාම මට මොන වගේ හැගිමක් දැනෙයිද මගේ හිත කොයි තරම් පෑරෙවිද කියලා ඇහැව්වේ නෑ.... ඒත් ඒ හැමෝම ආදරෙයිලු පන දෙන්න තරම්.....ඇත්තටම මේ හැමදේකටම කවුරුත් වැරදි නෑ මමයි වැරදි....
ඉතින් කතා කරගන්න විදිහට අපි එයාව හම්බෙන්න ගියා.... ආදරය කරලා ඒ ආදරයෙ අහිමි වෙචච් මනුස්සයෙක් හැම මොහොතකම පතන්නේ කොහෝ කොහොම හිටියත් සතුටින් හොදින් ඉන්න... ඒත් මගේ ඇස් ඉස්සරහට ආයේ මට දකින්න එපා කියලා.... ඇත්තටම ඒ දැනෙන ගින්දර දන්නේ අවංකව ආදරය කරලා පැරදුන මිනිහෙක්ම තමයි.. මොකද ඒක උහුල ගන්න බැරි වේදනාවක්....
මගේ දෛවය කොච්චර අවසානවන්තද කියනවා නම් මගේ නෝනා මට ඒ වේදනාව ගෙනල්ලා දෙන්න ගොඩක් මහන්සි උනා... එක උහුල ගන්න හුගක් අමාරුයි...
අයියාව ඈතින් දකින කොටම අයෙමත් මගේ පපුව ගැහෙන්න ගත්තා.. ඒ අවුරුදු කිපයකට ඉස්සේල්ලා ගැහෙන්න ගත්ත විදිහටම...... එයා ඉස්සරට වඩා තවත් ලස්සන වෙලා.... කෙනෙක් එක පාරක් බැලුවොත් තව පාරක් හැරිලා බලන්න තරම් එයා ලස්සනයි.... මගේ හුස්ම මටත් නොදැනි නතර වෙලා... එයා දිහා හුස්ම අල්ලන් බලන් ඉන්න කොට නංගිට වැඩේ තෙරුනා කියලා දැනිලා මම සාමාන්‍ය විදිහට කතා කලා.... එයා ලගට ඇවිත් මගේ අතේ හිටිය පුතාව අතට අරගෙන කොල්ලව ඉබින කොට ඒ ඇස් ඇතුලේ සියුම්ව වේදනාවක් මතුවෙනවා මම දක්කා.... මේ ගින්දර අදුනන්නේ ආදරය කරපු එකෙක්ම විතරයි.... ඒක වචනයෙන් විස්තර කරන්න බැරි හැගිමක්..... අපි ටිකක් වෙලා කතා කරලා පිටත් උනා....
YOU ARE READING
Alive But Dead || Yizhan
Fanfictionඑක සීරුවට ගිනියලා දඩු වැටවල් ගහලා තියන නවදැලි හේන් වල ඒ නැවුම් පසේ සුවදට මුසු වීගන එක සිරුවට වැස්ස වැටෙන්න ගත්තා...දිරාගිය පොල් අතු අතර හිල්වී ගිය තැන් වලින් කාන්දු වන වතුර, ගොම මැටි ගාපු පොලව මඩකරමින් වලවල් හදනවා.... ගෙදරම තියන හැලි වළං උස්සන් ඇවිත...