07 වන කොටස

679 125 8
                                    

අපි දෙන්නා වෙරි මරගාතේ දගල දගල හිටියත් වාහනයක් ආපු නිසා ගැස්සුනා.... දෙන්නා ශේප් එකේ බලන කොට වහනෙන් බැස්සේ සෆ්රාන්.....

"මිහිමෙත්.... "

එක පාරම මගේ දිහා බලන ගමන් අමුතු විදිහකට ටිකක් තදින් වගේ එහෙම කියන කොට ඒ හඩ මගේ පපුවටම දැනුනා....ඒ හඩට මගේ මුලු හදවතම නතර වුනා...මම දන්නේ නෑ ඒ ඇයි කියලා.... ඒත් හොදටම වැදිලා හිටිය අකියා කුණුහර්පෙන් බයින්න ගත්ත නිසා මම බලෙන්ම ඌව යවලා මම එන්නම් කියලා නතර වුනා.....

"ඇයි මල්ලියෝ... ඔයත් අකීශ වගේ මට බනින්නේ නැද්ද.....?"

"සොරි මිස්ට සෆ්රාන්......."

"ඔය මිස්ට කෑල්ල දාලා කතා කරනවාට වඩා හොදයි මල්ලි අකීශ වගේ මට කුණුහරපෙන් බැන්න නම්....."

එක පාරම මගේ ලගට ඇවිත් එයාගේ මුල් අත්දෙකෙන්ම මූන තදකර ගන අල්ලගෙන එහෙම කියන කොට ඒ අතේ ස්පර්ෂය, උණුහුම මගේ ආත්මයටම දැනුනා.....ඒත් හිතේ තිගැස්සමට එක පාම මට නිකම්ම ඒ අත අයින් කොරුනා....

"සොරි මල්ලි මම... "
"අවුලක් නෑ... මොකෝ මේ රෑ වෙලා....?"

මෙච්චර දවසක් දැකලා අද තමයි මම නිකන් හරි මෙහෙම කතා කරන්න හිතුවේ.....

"අලුතින් හදන හොටෙල් එක බලන්න ගියා.... මට කියන්න මල්ලි ඇයි ඔයා මේ වගේ බොන්නේ...... ඇයි ඔයාගේ තරුණ ජිවිතේ වටිනා කම බිලා නැති කරගන්නේ......?"

"ඇත්තටම මට මේක ජිවිතයක්ද නැද්ද කියලවත් හරියට දැනේන නෑ... "

"මොකක්...? ඔයාගේ ජිවිතේ ගොඩක් වටිනවා මල්ලි...."

මට වෙරි මතට වඩා මේකා කියන මේ ආලවට්ටන් කතාවලට හිනා යනවා..... වෙනදා වගේ නම් කියනවා හොදවයින් දෙකක්... ඒත් මම තාම ණය බේරලා නැති නිසා මුකුත් කියන්න බෑ...

"මට නම් ජිවත් වෙන්නත් බැරි මැරෙන්නත් බැරි එකක් වගේ......"

"අනේ එහෙම කියන්න එපා මල්ලි......"

මගේ අත තදින් අල්ලගෙන එහෙම කියන කොට මට ආයෙත් අර නුහුරු නුපුරුදු හැගිම දැනුනා..... මට නම් මේ හැමදේම මහ විකාරයක්.... ඒත් දැන් නම් ලොකු සීන් දාලා මේ රත්තරන් බිත්තර දාන කුකුළාව අතරින්න හිතුනේ නෑ......

Alive But Dead || YizhanWhere stories live. Discover now