17 වන කොටස

494 104 31
                                    

ඇත්තටම මේ සිද්ද වුන හැමදේටම මමද වැරදිකාරයා....? එතකොට හැමෝගෙම හැගිම් එක්ක සෙල්ලන් කලේ මමද...?.

ජිවිතේ කවදාවත් නොදැනුන පසු තැවිමකින් මගේ හිත පිරිලා ගියා.... මට මහා කඩා වැටිමක හැගිමක් තදින් දැනුනා... දරුවෙක් විදිහට අම්මා අප්පච්චි ගැන හිතලා එයාලා වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න හිතලා ගෙවපු දුප්පත් ජිවිතේන් ගොඩ එන්න යමක් කමක් කරගන්න මම සෆ්රාන්  එක්ක යාළුවෙලා එයාට කියලා හැමදේම කරගත්තා....

අන්තිමේට ඒ කරපු දේවල් වලින්  වැඩක් නැතිව ගියා... මාව හැමෝම වැරදිකාරයෙක් කලා.. ආදරය මුලු ජිවිතේම කරගෙන තමන්ගේ තියන හැමදේම දාලා මා ගාවට ආපු මිනිහාව අතරමන් කරලා දාලා මම තවත් පැත්තක හිටපු අහිංසක ජිවිතයක් මගේ ජිවිතේට ඇදලා ගත්තා.... හැම තැනම මම පටලව ගත්තා...

හැමෝගෙම හිත් රිද්දනේ නැතිව හිත සනසන්න ගිහින් මම හැමදේම නැති කරගත්තා.... විනාශ කරගත්තා....

ඉස්සර අර කටු මැටි ගහපු ගෙදර ඇතුලේ ඉන්න කොට තිබුනේ සල්ලි නෑ කියන දේ විතරයි... අම්මා අමාරුවෙන් තම්බල හදලා දෙන දෙයක් බඩට දාගෙන් සැහැලුවෙන් සරමට ගුලිවෙලා ඇදට වැටුනාම එක නින්දට සනිපෙට නින්ද යනවා... අම්මා වැඩට යන්න ඇහැරවනකම් එක නින්දට නිදාගෙන ඇහැරෙන්නේ.... හරිම සැහැල්ලුයි ජීවිතේ.... මනසට කිසිම බරක් නෑ...

ඒත් අද ඒසි කරපු කාමරයක උපරිම සැපහසු තියන මෙට්ටෙක නිදාගත්තත් ඉස්සර වගේ නින්ද යන්නේ නෑ.... නින්ද ගියත් බය වෙලා ඇහැරෙනවා... පාන්දර වෙනකම් නින්දක් නැතිව කල්පනා කර කර ඉන්නව... ඇත්තටම මම ජිවිතේ දිනාගත්තේ මොනාද කියලා මටම හිතාගන්න බෑ.....

අයියා ලොකු හුස්මක් පිට කරලා කදුළු පිහදාන ආයෙමත් එයාගේ කතාව පටන් ගත්තා...

"මම හිතුවා පරිසරය මාරු වෙලා හැමදේම වෙනස් උනාම උඹව මට අමතක කරන්න ලේසි වෙයි කියලා... ඒත් එක හරිගියේ නෑ... ඔලුවේ අමාරුවට කොට්ටේ මාරුකලා කියලා ඒ වේදනාව අඩුවෙන්නේ නෑ කියන දේ මට තේරුනා.... බැරි වෙලා හරි උඹ මට කතා කරොත් ඒ දේ දාරගන්න තරම් මගේ හිතට හයියක් තිබුනේ නැති නිසා මම මගේ හැම නම්බර් එකක්ම මාරුකරලා දැම්මා... මම හැම තප්පරයකම උඹ නැතිව තනිවම හුස්ම ගන්න උත්සහ කලා.... මට මැරෙන්නත් බෑ ජිවත් වෙන්නත් බෑ... ඒත් මම අමාරුවෙන් හුස්ම අරගෙන ජිවත් උනා....  එහෙම පාඩුවේ පැත්තකට වෙලා ඉද්දීත් එක දවසක උඹ ආයෙමත් මගේ ජිවිතේ උඩු යටිකුරු කලා....මාස ගානක් බීලා බීලා අඩලා උඹ නැතිව වේදනාව උහුලන් ජිවත් වෙච්ච මට කිසිම හිතක් පපුවක් නැතිව කොල් එකක් අරගෙන හරිම සැහැල්ලුවෙන් කතා කලා.... ජිවිතේ තනිවෙලා ගෙවිවච මතකන්ගේ වේදනාවත් එක්ක ජිවත් වෙන මිනිහෙක්ට ගහන්න පුලුවන් දරුනුම විදිහට උඹ නොදැනම මට ගැහැව්වා..... සිම් මාරුකලේ උබේ හඩවත් අහන්න ලැබෙන්න එපා කියල හිතාගන.... දරාගන්න බැරි වෙලා කොයි වෙලාවෙ හරි මටම උහුලන් ඉන්න බැරිව උඹට කෝල් ගනිවි කියන බයට... ඒත් උඹ කිසිම බයක් නැතිව මම බයේ ඉන්න දේම කරා......උබේ කටහඩ ඇහුනට පස්සේ මට තවත් දරාගන්න බැරිවුනා.... ඒකයි අනිත් අතට ලංකාවට ආවේ... උඹ ගෑනි දරුවයි එක්ක හරිම සතුටින් ඉන්නවා දැක්කා.... ඒත් උඹට දැනුනේ නෑ මම කොයිතරම් විදවනවද... උඹ නැතිව මම කොහොමද හුස්ම ගන්නේ වත් කියලා උඹට දැනගන්න උවමනාවක් තිබුනේ නෑ.... ඇත්තටම උඹට හිතුනේ නැද්ද උඹට පන ඇරලා උඹ වෙනුවෙන් ජිවත් වෙච්ච මේ අයියා උඹ නැතිව ජිවත් වුනේ කොහොමද කියලා අහන්න.......?"

Alive But Dead || YizhanWhere stories live. Discover now