14 වන කොටස

492 106 11
                                    

ජිවිත වල සතුට කියන්නේ හරි අමුතුම හැගිමක්... ඒ සතුට අපේ හිත් පිරෙන්න තියන කොට කවදාවත් හිතෙන්නේ නෑ මේ දැනෙන හිනාවට පස්සේ ඇස්වලට කදුලක සීතලද විදින්න වෙයි කියලා...

ජිවිතේ ගෙවුන විදිහට මට කවදාත් දුකක් ගැන අයෙමත් අඩන්න වෙයි වේදනාවට පත් වෙන්න වෙයි කියලා හිනේනවත් හිතුවේ නෑ... ගෙවිච්ච හැම තප්පරයේම අපි ගොඩක් සතුටිනුයි හිටියේ....

ඒත් මම කවදාවත් හිතපු නැති දෙයක් සිද්ද වුනා... ජිවිතේ මට යාන්තම්න් හරි පුංචි හරි ඉගියක් මට දැනුනම් මම කවදාවත් ඒ දේට ඉඩ තියනනේ නෑ.... දවසක් සොනාලිට DVD එකක් හරි මොකක් හරි බලන්න ඕන වෙලා මගේ ලැප් එක අරගෙන තිබුනා.... මට දැනුනේ නෑ එයා ලැප් එක ගත්තා කියන්නවත් ඊගලට වෙන්න තියන විනාශේ ගැනවත්....

මම ජිවිතේ වෙනස් කර ගත්තට මට මගේ ආත්මය මරලා දලා ජිවත් වෙන්න ශක්තියක් තිබ්බේ නෑ... ලැප් එක පිරෙන්න තිබුනේ මගෙයි සෆ්රාන් ගෙයි ආදරය... ඒ සුන්දරව ගෙවනු ජිවිතය..... මොන දේ වුනත් කවදාවත් මම පසු තැවෙන්නේ නෑ මගෙයි සෆ්රාන් ගෙයි අතරේ සිද්ද වෙච්ච කිසිම දෙයක් ගැන.... මොකද දෙයක් සිද්ද වුනා නම් ඒ දේ දරාගන්න බැරි තරමට වේදනාකාරි උනානම්.... ඒකට මේ ලෝකේ කිසිම කෙනෙක් වගකියන්න ඕන නෑ.... මම කාටවත් වෛර කරන්නෙවත් ශාප කරන්නෙවත් නෑ....

මොකද සසරේ කොහේ හරි මමත් කාට හරි ඒ වගේම වේදනාවක් දුකක් දිලා ඇති... ඒ දුක ඒ පීඩාව මාව හොයාගෙන එන්න ඇති.... ජිවිතේ මනුස්සයෙක් විදිහට ඒ මනුස්සයාට වටිනාම දේ තමයි ආත්ම ගෞරවය.... මේ ලැබිලා තියන ආත්මයට තියන අභියමානය... එක නැති උනොත් ජිවත් වෙන්න බෑ අනික මොනා තිබුනත් වැඩක් නෑ.... ඒ වටිනාම දේ මගේ ඇස් ඉස්සරහම මට නැති වෙලා ගියා...

ඒත් කවදාවත් මගේ හිතේ කාගැනවත් වෛරයක් වේදනාවක තරහක් ඇති වුනේ නෑ... දුකක් තරහක් ඇති උනා නම් ඒ මගේ ගැන විතරමයි.... මේ හැම ප්‍රශ්නයක්ම මගේම වෙන්න ඇති කියලා හිතුවා.... ඒ පීඩාව... ඒ පිළිකුල... ඒ මරණ බය... ඒ මානසික පිඩානය... ඒ හැමදේම මම කාටහරි දිපුවා වෙන්න ඇති.... වපුරපු හැටිය අස්වනු කිව්වලු... මම අහුරු ගනන් වපුරපුවා දැන් මිටි ගණන් නෙලාගන්න සිද්ද වෙලා....ඒත් මට දරාගන්න බැරි වේදනාවක් දැනුනේ සෆ්රාන් ගැන හිතද්දි....

Alive But Dead || YizhanWhere stories live. Discover now