19 වන කොටස

530 107 20
                                    

හැම වේදනාවක් එක්කම දරුවා ලැබෙන්න දින ලංවුනා....

මම ඔෆිස් ඉන්න කොට කෝල් එකක් ආවා නංගිට බබා ලැබෙන්න හොස්පිටල් ඇඩ්මිටි කරලා කියලා.....මම ඉක්මට එයාව බලාන්න ගියා....ඒත් මාව දකින කොට නංගි හොස්පිට්ල් එක දෙවනත් වෙන්න කෑගැහැව්වා.... දරුවා ඉපදිලා... ලස්සන මම වගේම කොලු පැටියෙක්... ඒත් එයා ඉපදිලා ටික වෙලාවකින් අපිව දාලා යන්න ගිහින්...

මම මටම ශාප කරගත්තා... මගේ වැරද්ද කොයි තරම් දුර දිග ගියාද කියනවා නම් ජිවිතයකින් වන්දි ගෙවන තරමට දුරදිග ගියා නේද කියලා මම මටම ශාප කරගත්තා....මට කවදාවත් සමාවක් ලැබෙන්නේ නෑ.... මම ගොඩක් හීන දැක්කා ඉපදෙන්න හිටපු දරුවා ගැන.... ඇත්තටම මම මොන වගේ අප්පච්චි කෙනෙක්ද කියලා මම මගෙන්ම අහගත්තා... මට සමාවක් කවදාවත් කවුරුත් දෙන එකක් නෑ...... මමයි මගේ දරුවාගේ මිනිමරුවා .... නංගිව කන්නේ බොන්නේ නැතිව අඩන තැනට වේදනාවට පත් කරන්න තරම් දෙවල් කලේ මමයි කියලා මගේ හදවත කෑගැහව්වා... වෙච්ච දේට මට හැමෝම ගැන තරහක් ආවේ... හැමෝම එකතුවෙලා මගේ පැටියව මරාගත්තා කියලා දැනුනා...

මේ ලෝකේ අප්පච්චි කෙනෙකුට අම්මා කෙනෙකුට උහුලන්න බැරිම වේදනාව අපි වින්දා.... බොනික්කෙක් වගේ ලස්සන මගේ මුහුනවර තියන කොලු පැටියව මේ මහ පොලවට යට කරන කොට අපි දෙන්නා මැරෙනකම් කෑගහලා ඇඩවා....

ඒ වේදනාව කිසිම සතේකුටවත් මනුස්සයෙකුටවත් විදින්න සිද්ද වෙන්න එපා දෙයියනේ... ඒක විදිනවට වඩා හොදයි එක මොහොතින් මැරිලා යන එක......

අපි දරුවගේ අවසන් කටයුතු කරලා ගෙදර ආවා... මගේ පපුව මොහොතින් මොහොත පිච්චෙනවා... ඒක නිසාම මම පුතාව පපුවට තුරුල් කරගෙන නිදාගත්තා... මට දැනුනේ මගේ වේදනාව විතරයි... මම දුක් වුනේ මම ගැන හිතලා විතරයි... මට නිකමටවත් නංගිට මොන වගේ වේදනාවක් දැනේනවා ඇද්ද කියලා බලන්නවත් දුක බෙදාගන්නවත් උවමනාවක් තිබුනේ නෑ...... ඒත් පාන්දර කිට්ටුව නංගි කෑගහනව ඇහිලා මම නැගිටලා බැලුවා.... එයා බඩ අල්ලගෙන කෑගහනවා.... මට හිතාගන්න බැරිවුනා මොනාද කරන්න ඕනේ කියලා... ඉවසන්න බෑ මුලු ඇගම වේදනාවයි කියලා එයා කැගැහැව්වා... පුලුවන් තරම් ඉක්මට නංගිව හොස්පිට්ල් එක්ක ගියා..... බබා හම්බ උනේ ප්‍රයිවට් හොස්පිටල් එකකින් දැන් අමාරු උනාම මෙහෙ අරන් ඇවිත් කියලා ඉස්පිරිතාලෙන් බැන්නා....

Alive But Dead || YizhanOnde as histórias ganham vida. Descobre agora