15 වන කොටස

476 103 5
                                    

ගැහැණියකට සංසාරිකව දුකක් උහුලගෙන ජිවත් වෙන්න අපුර්වතර හැකියාවක් තිබුනා.... ඒ හැකියාව  අසිමාන්තිකයි... ඒ හැකියව මට පන දෙන්න ආදරය කරන ඒ ආදරණිය ගැහැනියටත් අඩුවක් නැතිව තිබුනා.....

ඒත් ඒ ඇයට ආවරණය කරන්න පුලුන් සිමාවක් ඇතුලේ විතරයි.... මම වැරදිලා හරි ගැහැණිකයට ආදරය කරා කිව්වා නම් ඇය දන්නවා ඒ ග්‍රහනයෙන් මාව මුදවල සදහටම මාව එයාගේ කරගන්න... ඒත් තාමත් අවුරුදු විසි එකක් වෙච්ච මේ පොඩි කෙල්ලට හිතාන්න බැරිව ගියා එයා මොකද්ද කරන්න ඕනේ කියලා.... එයා දැනගෙන හිටියා මාව ගෑනුන්ගෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා.... ඒත් එයාට දැනගෙන හිටියේ නෑ මාව පිරිමින්ගෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා.... නොතේරෙන බයකින් මට ලංවෙන්නවත් එයාව අල්ලන්න දෙන්නෙවත් නැතිව හිත පිච්චි ඒ වේදනාව නැති වෙනකම් ඇඩුවා....

මට දාරගන්න බැරි දේත් ඕකමයි.... මගේ ජිවිතේට ආදරය අරන් ආපු හැම මිනිහෙක්ටම මම නිසා කදුළු විතරමයි උරුම උනේ.... වේදනාවල් විතරමයි අයිති උනේ.... මට ඇය හඩා වැටෙන විදිහ දකින් කොට මම බදිනවා කිව්ව දවසේ සෆ්රාන් අඩා වැටුන විදිහ මතක් උනා...

ජිවිතේ ඇයි මට ලංවෙන්න හදන හැම මිහිහෙක්ට මගෙන් ගින්දර විතරක්ම උරුම වෙන්නෙ... ඇයි ඒ මට ආදරය කරන හිත් වලටම මම නිසා ගිනි ඇවිලෙන්නේ..... පුංචි කාලේ අම්මා අප්පච්චිගේ හිත්වලට අනන්තවත් ගින්දර දුන්නා... ඊට පස්සේ සෆ්රාන්ට... දැන් මේ කෙල්ලට.... මගේ දෛවය මහා පුදුම එකක්... හරිට සංසාරෙ කරපු දෙයකට ලැබිච්ච ශාපයක් වගේ මාව ගින්දරක් වගේ මවලා... මම ආදරයෙන් වැලද ගන්න හැම එකාවම ඒ මගේ වටේ ඇවිලෙන ගින්දරින් පුච්චලා අලු කරලායි මම නවතින්නේ... ඒක මම හිතා මතා කරන දෙයක් නෙවේ.... ඒත් සිද්ද වෙන්නේ අන්න ඒකම තමයි......

සොනාලි ගොඩක් වෙලා හෙම්බත් වෙනකම් අඩලා අඩලා ඇස්වල කදුළු අතරින් මහා වේදනාවක් හිරකරගෙන මගේ දිහා බලාන හිටියා.....

" මගේ මහත්තයෝ... මම කවදාවත් ඔයා වෙන කෙල්ලේකුට අයිති වෙලා හිටියා කියලවත් අහන්න කැමති නෑ මගේ දෙයියො..... අඩුම ගානේ ඉස්කොලේ යන කාලේවත් කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලුවා කියලා අහන්න මම කැමති නෑ දෙයියනේ...මොකද මම ඒතරම් ඔයාට ආදරෙයි මගේ මහත්තයෝ... මම හරිම ලෝබයි දෙයියෙනේ ඔයාට.... ඔයා නැතිව මට එක තප්පරයක් හුස්ම ගන්න බෑ මගේ රත්තරනේ... මම මගේ පනටත් වඩා ඔයාට ආදරය කරනවා අයියේ.... අනේ එහෙම තියෙදි මම කොහොමද දරාගන්නේ මම කොහොමද විශ්වාස කරන්නේ ඔයා මට විතරක් අයිති නෑ කියලා... දෙයියනේ.......මට කවුරුත් එක්ක ඔයාව බෙදාගන්න බෑ.... ඔයා හැමදාමට මට විතරයි අයිති... මගේ හුස්ම තියෙනකම් මම එක වෙන්න ඉඩතියන්නේ නෑ... ඔයා මගේ දෙයියනේ...."

Alive But Dead || YizhanWhere stories live. Discover now