18 වන කොටස

472 95 27
                                    

මම හැමදේම එයාට කියන්න ඇරලා වෙනදා වගේම සද්ද නැතිව අහගෙන හිටියා....

ආදරය කියන්නේ ඇත්තටම ඕකටද කියලා මට අහන්න හිතුනා... ඒත් වැඩක් නෑ පරක්කු වැඩියි.... අපි ආදරය කරන්නේ අපිටත් වඩා අපිට ආදරය කරන කෙනෙක්ට.... ඒ ආදරය ගාව හැමදේටම වඩා අපිට ආරක්ෂාවයි රැකවරණයයි තියෙන්න ඕනේ.... මගේ මුලු ජීවිතේටම ඒ රැකවරණය ආරක්ෂාව දැනේන්න ඕනේ... ලෝකේ මොන බලවේගයක් කොහෙම මාව ගොදුරු කරගන්න ආවත් ඔයා ගාවදි මට බයනැතිව සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් වෙන්න ඕනේ.... ඒත් මට නැත්තටම නැති වෙලා ගියෙන් ඒ දේම නේද මගේ අයියේ කියලා කැගහලා අහන්න හිතුනා.... මම අන්තිමට අසරණ වුන වෙලාවේ මගේ ආදරය මාව ආරක්ෂා කරගත්තද රැකගත්තද කියලා මට අහන්න හිතුනා...

මට මගේ ආරක්ෂාව රැකවරණය නැති වෙලා ගියෙත් ඔයාගේ කකුල් දෙක ලග මගේ අයියේ... ඉතින් ඇත්තටම ඔයා මට ආදරය කරාද කියලා අහන්න හිතෙනවා අයියේ....අනික ආදරය කරපු පලියට මගේ ජිවිතය බිල්ලට දෙන්න කොහෙන්ද ඔයාට අයිතියක් ලැබුනේ.... මම ඔයාට මගේ ජිවිතේම දුන්නේ ආරක්ෂා කරගනියි රැකගනියි කියලා හිතලයි අයියේ.. ඒත් ඒක එහෙම උනේ නෑ...... අපි ගොඩක් කල් ඉදලා එකට ජිවිතේ බෙදාගෙන ජිවත් උනා අයියේ.... අඩුම ගානේ මගේ පපුව මොන විදිහට ද ගැහෙන්නේ කියලා ඔයාට තේරුම් ගන්න බැරිවුනා අයියේ... මගේ හිතේ තියන බය පීඩාව වේදනාව අනාරක්ෂිත බව අසරණකම ඔයාට පොඩ්ඩක් හරි දැනුන නම් ඔයා කවදාවත් මෙහෙම දේවල් කරන්නේ නෑ අයියේ....

හැමදාමත් මම ඔයා ගාව නිහඩ වුනේ මගේ අසරණ කමටයි අයියේ... මොකද මට බය හිතුනා එකට එක කියලා ඔයාට තරහ ගිහින් ආපිට මට කියන වචන දරාගන්න බැරිවෙයි කියලා අයියේ.... අඩුම ගානේ එකට එකතු වෙලා ශරිර වලින් එකතු වෙන කොට ඇයි උඹ අඩන්නේ කියලා අහන්න තිබුනා අයියේ... ඒත් උඹට කවදාවත් ඒ ඇස්වල නලියන ශරිරික වේදනාව තේරුනේ නෑ .... මොකද හැමදේම ආත්මාර්ථකාමී විදිහට අයිති කර ගන්න කලාව විතරයි මගේ අයියේ ඔයා දැනගෙන හිටියේ.... හැගිම් බෙදාගන්න විදිහ ඔයා දැනගෙන හිටියේ නෑ... බෙඩ් ෂීට් පුරා ලේ තැවරෙන කොට අනේ උඹට අමාරුද කියල උඹ කවදාවත් ඇහැව්වේ නෑ.... අඩුම ගානේ මගේ බර, මේ දෙන වේදනාව උඹට දරාගන්න පුලුවන්ද කියලා ඇහැව්වේ නෑ.....

Alive But Dead || YizhanWhere stories live. Discover now