08 වන කොටස

632 130 19
                                    

මගේ ජිවිතේ පුරාවට මේ වෙනකම් සිද්ද වුනේ සිද්ද වෙන්නේ ඉදිරියටත් සිද්ද වෙන්න තියෙන්නේ අනිත් අය කියන කරන විදිහට එයාලගේ කැමැත්තට දේවල් මිසක් මම කැමති දේවල් නෙවෙයි....

හැමදාම මගේ හැගිම් මාරගෙන අනිත් අයට ඕන විදිහට මගේ ජිවිතේ ගෙවිල ගිය විදිහටම ජිවිතේ ලස්සම රැයත් ගෙවිලා ගියා.....

බඩගින්නේ හිටිය කොටියෙක්ට ගොදුරක් ලැබුනාම ඒ බඩගින්නේ හිටිය කාලයටම හරියන්න ඒ ගොදුර කන්නේ නැතිව ගොඩක් වෙලා සෙල්ලම් කරනවලු... ඒ ඌ ඒ වෙනුවෙන් දරාගන හිටිය එකේ වාඩුව ගන්න වගේ.... සෆ්රාන් මාත් එක්ක එකතු උනේ ඒ විදිහට......

රැය පුරාම කිප සැරයක් හිටියත් ආයෙත් පාන්දරත් එක පාරක් එකතු උන සෆ්රාන් දැන් හොදටම නිදි.... මම වෙෂ්රූම් එකට ඇවිත් කණ්නාඩියෙන් මූන බැලුවා...බෙල්ල මුල පපුවව හැම තැනම පාරවල්.... මූනේ තියන පාරවල් එච්චර අවුලක් නැති උනාට බෙල්ලේ පාරවල් තදින් පෙනවා... අද වැඩට ගිහින් මෙක කවර් කරගෙන ඉන්න ගියාම තමයි වැඩේ....

"මගේ මැණික නැගිට්ටද රත්තරන්...?  අමාරුයිද මැණික... ප්ලීස් මට සමාවෙන්න රත්තනේ...."

පිටි පස්සෙන් ඇවිත් සෆ්රාන් මාව බදාගෙන මගේ උරහිසේ නිකට තියාන ඇහැව්වා.... ඒ ඇස්වල පිරිලා ඉතිරිලා යන ආදරය දරාගන්න බැරිව මම බිම බලාගත්තා.... හිත ඇතුලේ ඈත කොනක වරදකාරි හැගිමක් ඒ පිස්සුවෙන් වගේ කරන ආදරය දකින කොට දැනුනා....ජිවිතේ පලවෙනි පාට මට අම්මා අප්පච්චිට පස්සේ මේ තරම් ආදරයක් කරනවා දැනුනා..... ඒ වචන මගේ ආත්මය ඇතුලට කිදා බැස්සා....

මට හිතේ කොනකවත් සෆ්රාන් ගැන ආදරයක් හැගිමක් ඇති වෙලා නැති උනත් සෆ්රාන් දැටමත් පිස්සුවෙන් වගේ මට ආදරය කරනවා කියලා මට දැනුනා....

"පොඩ්ඩක් විතර ඇගට අමාරුයි අයියේ....."

"මට සමාවෙන්න මැණික.... ඔයාව දැක්ක පලවැනි දවසේ......."

"ඔවු අර ඩඩිං බිඩිං දොඩං කියලා ඔයාගේ ඇගේ හැප්පිලා දොඩං ගෙඩි වට්ටපු දවසේ........"

"පිස්සා...නෑ මැණික අර බාබකිව් දාන්න ගිහින් අත පුච්ච ගත්තේ......"

Alive But Dead || YizhanWhere stories live. Discover now