12 වන කොටස

553 119 10
                                    

ජිවිතේ සිමාව ඉක්මවා කවුරු හරි සංවේදි වෙන වෙනම් අනිවාර්යෙන් ඒ මිනිස්සුගේ ජිවිත වල පැවැත්ම නැතිවෙලා යනවා...එහෙම උනාම ගොඩක් අය අපේ හැගිම් පාගලා දාලා අපේ ජිවිතෙ විහිලුවකට ගන්නවා.... මටත් උනේ ඒ ටිකමයි....

ජීවිතේ අවසානයේ ගැට්ටට ගිහින් ආපහු හැරුනු මට ඒ බිපු වසවලින් හදවත පුච්චගන්න බැරිවුනා.... හැම මොහොතකම ඒ ගැහෙන හදවතේ මම හිතන්නේ ලේ වලට වඩා සෆ්රාන්ට තිබුන ආදරය පිරිලා තිබුනේ... ඒ සිමාව ඉක්මවා සංවේදි විම මාව ආපහු හිටපු තත්වයටම ඇදලා දැම්මා.... ඒත් දාරාගන්න බැරි මානසික පසුබෑමක් එක්ක... මගේ ආත්මය.... මගේ පැවැත්ම නැතිවෙලා ගියා වගේ දැනුනා....ගහකින් වැටුන කොලයක් උනත් එන හුලගට එරෙහිව මේ මහ පොලව බදාගෙන ඒ හුළගට ඔරොත්තු දෙන්න ලොකු සටන් දෙනවා.... ඒත් මම කිසිම සටනක් නැතිව හැම වෙලාවෙම පරාජය භාරගත්තා.... ඒකට කටවත් දොස් කියනේ නෑ... මොකද මම දන්වා මම කවුද කියලා.... මේ හැමදේටම මටම දොස් කියාගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ....

ඉතින් ආපහු ඇනෙක්ස් එකේ පුරුදු ජිවිතේ ගෙවිලා යන්න ගත්තා... දවස දෙක ඉස්සරහට ඇදිලා ගියත් ඒ අදුරු මතකයන් මගේ ආත්මයම බිමට සමතලා කරලා දැම්මා..... මාව ශාරිරිකව විතරක් නෙවේ මානසිකවක් අපයෝජනය කරපු හැගීමකින් ගත හිත දෙකම පිරිලායි තිබුනේ.... හිත කොච්චර සංසුන් කරගන්න හැදුවත් ඒක හරිගියේ නෑ.... ඒ බය ඒ වේදනවා මගේ ආත්මයටම කාවැදිලා තිබ්බේ.....වේලාවකට හිතෙනවා සසරේ කොහේ හරි ඈත කොනක මම ජීවිතේ ගොඩක් දරුනු විදිහට වරද්ද ගත්ත කෙනෙක් කියලා... කාට හරි මේවගේම විශාල ගින්දරක් දිලා ඇති.... නැත්නම් යන්තම් අවුරුදු 11ක් වෙනකොට මගේ අකමැත්තේන් බලෙන් ඒ පිලිකුල් සහගත වේදනාව විදින්න වෙන්නේ නෑ.... එත් ඒ සිද්දය තවම ඉවර නෑ.... මගේ ආත්මයම විනාශකරලා දාලත් ආයේ අයේමත් මට මේ සිද්ද වෙන්නේ මොකක්ද කියලා මටම හිතාගන්න බෑ....

ඉතින් හැමදේම මෙහේම සිද්ද වෙන කොට මට ආයේ පුදුරු විදිහට හැසිරෙන්න ජිවත් වෙන්න බැරි වුනා... හැමෝටම දැනුනා මගේ වෙනස.... කෝස් එකේ සර්ලා මැඩම්ලා ගොඩක් වෙලාවට ඇහැව්වා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා.... අපේ බැජ් එකේ දක්ෂම කෙනා වුන මට මගේ හැකියාව දක්ෂතාව හීන වෙච්ච ගානට දැනුනා.... එක්සෑම් වල ලකුණු සර්ලටත් හිතාගන්න බැරි තරමට පහලට වැටිලා තිබුනා.... ඒ හැමෝම ඇහුවේ දරුවෝ ප්‍රශ්නයක් නම් කියන්න කියලා... මට මාවම ලොකු ප්‍රශ්නයක් වෙලා තියන කොට තවත් මම මොනා කියලා කියන්නද....

Alive But Dead || YizhanWhere stories live. Discover now