ජිවිතේ මේ වෙනකම් අනිත් අයට ඕන විදිහට එයාලගේ කැමැත්තට මගේ ජිවිතේ හැසිරුවා වාගේ මගේ වෙඩින් එකත් හරිම ලොකුවට ගත්තා..
ඒ හැමදේම සිද්ද වුනත් මගේ ආත්මය මගේ ජිවිතේ ඇතුලේ මගේ හිතට දැනෙන මහා වාසනා ගුණයක් පිරිලා ඉරිලා යන්න තියෙනවා කියලා මට දැනුනා....
මොකද සොනාලි කියන්නේ අමුතුම අහිංසක ගති පැවතුම් තියන ඕනම පිරිමියෙක් හිතෙන් හිතන, පතන ජාතියේ කෙල්ලෙක්.... වෙලාවකට අම්මා කෙනෙක් වගේ තවත් වෙලාවට හොදම යාළුවෙක්... වෙලා හැමවෙලාවෙම මගේ ලගින් හිටියා.... ඒ ආදරය.. පිරිමියෙකුගේ රළු ආදරය විනිවිද ගිහින් මගේ පපුවට අමුතුම වෙනසක් සතුටක් වගේම දරාගන්න බැරි අමුතුම පහන් බවක් ඇති කලා.... හැමදාම අනුන් කියන විදිහට හැසිරිච්ච මට, මම කියන විදිහට,මම කියන දේට ගරු කරලා ඉන්න කෙනෙක් ජිවිතේට ආවාම ඒ දැනේන හැගිම විස්තර කරන්න බැරි තරම් සුන්දරයි.... මම වෙනුවෙන් හිතින් ගතින් ආත්මයෙන් කැප වෙලා ආදරයෙන් ජිවත් වෙන කොට මගේ මුලු ලෝකයම වෙනස් උනා.... මාව සෆ්රාන් එයාගේ ගෑනි වගේ දැක්කට ගැහැණියක් ඉස්සරහ පිරිමියෙක් වෙන්න බැරි තරම් අඩු පාඩු මගේ ලග තිබුනේ නෑ....ඒ දේ කිසිම බාදාවක් උනෙත් නෑ....... ඒත් සමහර හැගීම් මරාන ඒ ජිවිතේ විදින්න විදගන්න මම හුරු උනා.... ජිවිතේ බෙදාගන ජිවත් වෙන කොට අමුතුම හැගිමක් දැනුනේ... පලවෙනි වතාට මගේ ජිවිතේ පරිපුර්ණ වෙලා කියලා හිතෙන්න ගත්තා.... මොකද මට දෙයක් හිතන්න ඉස්සෙල්ලා සොනාලි ඒ දේ දැනගෙන හිටියා.... මම හැරෙන කොට එයා නිහඩව ඒ දේ මට කරලා දීලා ඉවරයි..... ජිවිතේ මම කාවදාවත් නොදැක්ක, විදින්නට බය වෙච්ච ජිවිතය මගේ ලෝකයම උඩු යටිකුරු කරලා දැම්මා....
ඉතින් කසාද ජිවිතේ ගැන හැගිමක් නැතිව ජිවිත් වෙච්ච මට අලුත් ජිවිතේ එක්ක ඇත්තම කිව්වොත් පරණ මතකයන් තාවකාලිකව මගේ මනසේ යටපත් වෙලා තිබුතේ... සොනාලි මගේ යට ඇදුම් වල ඉදලා හෝදලා මැදලා ලස්සනට පිළිවෙලට හැමදේම කරලා දුන්නා... උදේට වැඩට දුවන්න හදිස්සියට කන්නේ නැතිව යන්න හදන කොට අම්මා කෙනක් වගේ තරවටු කරලා බත් එකක් බෙදාගෙන ඇවිත් මාව වාඩි කරලා බත් එක ඉවර වෙනකම් කැව්වා... මම කන කෑම ජාති එයා හොයාගෙන මාව පුදුම කරන්න හැම වෙලාවකම වගේ හැදුවා..... හිතින් ගතින් විතරක් නෙවේ ආත්මයෙන්ම එයා මගේ වෙලා මට ආදරය කලා.....ඒ හින්දම පොඩ්ඩ බැරි වෙන කොට සුදු කියලා කෑගහන්න පුරුදු උනා.... මගේ අරක නෑ මේක නෑ හොයලා දෙන්න කියලා බෙරිහන් දුන්නා... කිසිම දෙයක් එයා නැතිව මට කරගන්න බැරි තරමට මට එයාව ඕන උනා.... ගොඩක් වෙලාවට නැන්දම්මයි ලේලියි ආරවුල් තිබුනත් අපේ ගෙදර ඒකේ අනිත් පැත්ත උනා... කොල්ලෝ දෙන්නේක් විතරක් ඉන්න අපේ ගෙදර එයා දුවෙක් වෙලා අම්මා එක්ක ගොඩක් ආදරයෙන් වැඩ කලා අපේ අම්මටත් එයාව නැතුවම බැරි උනා... පොඩි පොඩි රන්ඩු වෙලා මම බයින කොට අම්මයි එයයි එක පැත්තක් අරගෙන මට බනින්න, ජෝක් කරන්න ගත්තා.... ආදරෙට බොරුවට තරහ වෙලා කන්නේ නැතිව නිදාගන්න ආවොත් එයා කෑම එකක් බෙදාගෙන ඇවිත් කොහොම හරි මගේ තරහ නිවෙන්න විදිහට වැඩ කරලා කෑම කවනවා..... ඒ වගේ වෙලාට අම්මා බනිනවා ඔය දරුවට වද නොදි හිටහන් කියලා....මේ හැමදේම මේ විදිහට වෙන කොට සෆ්රාන්ගේ මතකයත් හිතේ ඈතට විසිවෙලා තිබුනේ... අන්තිමෙට මම එයාව දැක්කේ අපේ වෙඩින් එක දවසේ... ලොරියක් පිරෙන්න බඩු අරගෙන ඇවිත් මාව බාදාගෙන විශ්කරන කොට ඒ සුපුරුදු රළු පපුව ඇතුලේ හදවත ගැහෙන හැටි මට දැනුනා.... ඇස් රතුවෙලා තිබුනේ.... එයාට දාරගන්න බැරි සිමාවකට මම දුකක් දිලා තියෙනවා කියන එක මට කොහොමත්ම අමතක කරන්න බෑ... එයා අපිට විශ් කරලා එහෙම්ම යන්න ගියා......
YOU ARE READING
Alive But Dead || Yizhan
Fanfictionඑක සීරුවට ගිනියලා දඩු වැටවල් ගහලා තියන නවදැලි හේන් වල ඒ නැවුම් පසේ සුවදට මුසු වීගන එක සිරුවට වැස්ස වැටෙන්න ගත්තා...දිරාගිය පොල් අතු අතර හිල්වී ගිය තැන් වලින් කාන්දු වන වතුර, ගොම මැටි ගාපු පොලව මඩකරමින් වලවල් හදනවා.... ගෙදරම තියන හැලි වළං උස්සන් ඇවිත...