Chapter 06

721 137 6
                                    

එයාලා මැරි කරන දවස ඉක්මනින් ආවා.ටේහ්‍යුන්ග්ට ඕන උනේ එයාගේ තාත්තගෙන් අයින් වෙන්න විතරයි.කෝම නමුත්....

ජංකුක්ගේ තාත්තා නිසා තමන්ගේ wedding එකට එයාගේ හොදම යාලුවා ජිමින්ට එන්න බැරි උන එකට ටේහ්‍යුන්ග් හිටියේ දුකින්.ජංකුක් ගැන ඇහුවොත් ජංකුක්ගේ හැසිරීම ගැන ටේහ්‍යුන්ග් පුදුම වෙලා ඉන්නේ.ටේහ්‍යුන්ග්ට සලකන විදිහ වගේම එයාලා
හොදම යාලුවෝ වගේ තමයි ඉන්නේ.

"ජීවිතය කියන්නේ මොකක්ද?...."

ටේහ්‍යුන්ග් කණ්ණාඩිය දිහා බලන් සුසුමක් හෙලූ අතර එකවරම එයා බලාපොරොත්තුවෙන් හිටපු කටහඩ ඇහුනා.

"ඇයි මගේ දරුවා දුකින් ඉන්නේ?"

ඒ වන විටත් කදුලු පිරුනු ඇස් වලින් කටහඩ ඇහුන පැත්තට ටේහ්‍යුන්ග් හැරුනා.

"ඔයා හිතුවද මේ වගේ දවසක මගේ බබාව මන් තනියම තියයි කියලා."

"අම්මා"

"ඔයා මාව බදාගන්නේ නැද්ද?"

ටේහ්‍යුන්ග් හඩන ගමන් තමන්ගේ අම්මව වැලද ගත්තා.

"මට ඔයාව ගොඩක් මතක් උනේ අම්මේ"

"Shhh...මටත් ඔයාව හොඩක් මතක් උනා පැටියෝ"

ටේහ්‍යුන්ග් මවගෙන් ඉවත් වී ඇය දෙස බැලුවා.

"ඒත් ඔයා කොහොමද මෙතන ඉන්නේ...එයා එලියේ ඉන්නවා...එයා ඔයාට රිද්දයි...ඒ නිසා...."

"ඒකට කමක් නෑ කවුරුත් මාව දැක්කේ නෑ.අනික මේක තනියම ඔයාට කරන්න දෙන්න බෑ.ඔයා මගේ baby නේ.මම ඔයාට ගොඩක් ආදරෙයි."

ටේහ්‍යුන්ග් නැවතත් ඇයව වැලද ගත්තා.

"මම ඔයාට ගොඩක් ආදරෙයි අම්මේ"

"ඉතින් කෝ ඒ handsome කොල්ලා."

"එයාගේ නම Jungkook නේද?"

"එයා ඉන්නේ වෙන රූම් එකක.ඇත්තටම මම එයාව අද දැක්කේ නෑ."

"හොදයි මට එයත් එක්ක දේවල් ටිකක් කතා කරන්න තියනවා.කොහොමහරි මන් දැන් යනවා.කවදාවත් අමතක කරන්න එපා මම හැමදාම ඔයා එක්ක ඉන්නවා කියලා."

"පරිස්සමින් ඉන්න please"

"ඒයි මම ඔයාගේ අම්මා....මම ගිහින් මගේ බෑණව බලලා එන්නම් I love you"

𝐓𝐡𝐞 𝐎𝐧𝐞 𝐅𝐨𝐫 𝐌𝐞 (Taekook) Complete ✅Where stories live. Discover now