Chapter 07

688 125 8
                                    

ටේහ්‍යුන්ග් එතනම ගල් උනා.එයාලා කිස් කරන්න ඕනේ කියන එක ටේහ්‍යුන්ග්ට සම්පූර්ණයෙන්ම අමතක උනා.

ජංකුක් ටේහ්‍යුන්ග් දිහා බලලා....

"ඔයාට මේක අවුලක් නෑනේ ටේහ්‍යුන්ග්?"

ජංකුක් ටේහ්‍යුන්ගේ තොල් දිහා බලන් ඇහුවා.

"නිකන් කිස් කරන්න!"

කවුරුහරි කෑ ගැහුවා.

ටේහ්‍යුන්ග් හිස සැලූ විටම මෘදු තොල් දෙකක පහස ටේහ්‍යුන්ග්ට දැනුනා.ජංකුක් ටේහ්‍යුන්ග්ව තවත් ලගට ගන්න ගමන් හාදුවේ ගැඹුරටම ගියා.එයා නොදන්නවා උනත් ජංකුක් හාදුව රසවින්දා.සමහරක් විට ඕනාවටත් වඩා.....

හැමෝම අත්පුඩි ගැහුවා.

සද්දෙට ගැස්සුන ටේහ්‍යුන්ග් ඉක්මනින් ඈත් වෙලා අහක බලා ගත්තේ රතු උන කම්මුල් හංග ගන්න.

Congratulations මගේ පුතේ.ඔයා ගැන මට සතුටුයි.

මේ වෙලාවේ හොදටම කම්මැලි වෙලා ඉන්න ජංකුක් දිහා බලන් එයාගේ තාත්තා පැවසුවා.

ඔහු ටේහ්‍යුන්ග් දිහා බලලා

"මගේ පුතාව බලා ගන්න"

"අනිවාර්‍යයෙන්"








At their new house....

එයාලා living room එකේ කිසිම කතාවක් නැතුව වාඩි වෙලා හිටියා.ටේහ්‍යුන්ග් ඒ නිශ්ශබ්දතාවය බිදින්න තීරණය කරා.

"ජංකුක් ඔයාට popcorn ටිකක් ඕනෙද?"

ටේහ්‍යුන්ග් ඇහුවේ pout එකක් තියන්.

"මොකක්ද?"

"මට බඩගිනියි.මට popcorn ටිකක් ඕනේ ඔයාටත් ඕනෙද?"

"ඒත් අපි ලග popcorn නෑ..."

ටේහ්‍යුන්ග් හිනාවුණා.

"හොදයි මම ඒවා හදන්නම්.ඒක ලොකු දෙයක් නෙවෙයි."

"සමාවෙන්න කලින් කිස් එක ගැන..."

ජංකුක් එක පාරටම කිවුවා.එයා ඒක ගැන ගොඩක් කලබල වෙලා වගේ.

"Aishhh ඒකට කමක් නෑ අපි යාලුවොනේ.මාව වැරදියට තේරුම් ගන්න එපා ඒත් මායි චිමීත් සමහරවෙලාවට කිස් කරලා තියනවා ඒ නිසා..."

𝐓𝐡𝐞 𝐎𝐧𝐞 𝐅𝐨𝐫 𝐌𝐞 (Taekook) Complete ✅Where stories live. Discover now