Chapter 16

661 127 5
                                    

ජිමින් ඉක්මනින් නැගිට්ටා.එයාගේ හදවත් හැහෙන වේගේ පවා වැඩිවෙලා.ජිමින් හැරිලා බැලුවේ ඇස් වල කදුලු පුරවන් ඉන්න එයාගේ යාලුවා දිහා.

මේ අතරතුව ටේහ්‍යුන්ග් උත්සහ කරන්න එයාට අහුන දේ තේරුම් ගන්න.

"ට්-ටේ ඔයාට ම්-මන් කියන දේ අහන්න වෙනවා."

ඔහු එසේ කියා ඉස්සරහට ගියත් ටේහ්‍යුන්ග් අඩියක් පස්සට ගත්තා.

"ඔයා හිටියේ බෝගම් එක්කද?"

"ටේහ්‍යුන්ග් ජිමින් කියන්න හදන දේ ගැන පොඩ්ඩක් අහන්න..."

යුන්ගි කිවුවත් ටේහ්‍යුන්ග් යුන්ගි දිහා බැලුවේ නෑ.

"ටේ මට ඇත්තටම සමාවෙන්න....මම දන්නවා මන් වැරදියි කියලා.මම එයාට ගොඩක් ආදරේ කරා වගේම එයා කිවුවේ ඔයා තමයි..."

"ඔයා දන්නවද එයා මාත් එක්ක date කරා කියලා?!?!"

ටේහ්‍යුන්ග් කෑ ගැහුවා.

"මම දන්නවා ඒත් එයා කිවුවේ...."

"ඇයි ඔයා මගේ යාලුවෙක් උනේ ජිමින්?"

ටේහ්‍යුන්ග් එකවරම හිස් මුහුණකින් ඇහුවා.ඒ දෙයින් ජිමින්ගේ ඇස් වලට ආයෙත් කදුලු පිරුනා.ඒ මොහොතේ ඔහු දැනගෙන සිටියා එයාට ටේහ්‍යුන්ග් ව නැති උනා කියලා.

"මට ඉරිසියා හිතුනා.මම එයාට ගොඩක් ආදරේ කරා.නැවතත් එයා..."

"ඔට්ටුවක් නිසා එයා මගේ virginity එක අරගෙන ඊලග දවසේ මාව දාලා ගියා.අනික ඔයා මට කියන්නේ ඉරිසියා හිතුනා කියලද?මොනා ගැනද ඔයාට ඉරිසියා හිතුනේ?"

මේ වෙලාවේ ජිමින්ට එයාගේ කදුලු නවත්ත ගන්න බැරි උනා.

"මට සමාවෙන්න ටේ මන් දන්නවා මන් වැරදියි කියලා ඒත්...."

ඔහු නතර විය.

"ඔයා මගේ හොදම යාලුවා.මම ඔයාට ආදරෙයි."

"මම කවුද ජිමින්? මම ඔයාගේ හොදම යාලුවද? ඔයාගේ අරමුණ මොකක්ද මන් දුක් විදින එකද?"

එකවරම ටේහ්‍යුන්ග්ට ජංකුක් ඔහු වෙනුවෙන් හඩපු මුහුණ මතක් වී හඩා වැටුනේ ජිමින් ටේහ්‍යුන්ග් ලගට එද්දියි.

"ටේ මට සමාවෙ..."

"මට ජංකුක්ව නැති උනා."

ටේහ්‍යුන්ග් හිමින් මිමිණුවා.

𝐓𝐡𝐞 𝐎𝐧𝐞 𝐅𝐨𝐫 𝐌𝐞 (Taekook) Complete ✅Where stories live. Discover now