01.

95 5 0
                                    

🌸💜៚𝓛𝓸𝓿𝓮 𝓲𝓼 𝔀𝓱𝓪𝓽 ࿐💜🌸

❛ සරං ❜ ඇත්තටම ආදරය කියන්නෙ නිකන්ම නිකන් වචනයක්ද නැත්නම්, හිතට දැනෙන ලස්සන හැගීමක් නිර්වචනය කරන වචනයක්ද ?

: sooyeon ඔයා දැන් ගෙදර ගියොත් හොදයි.. ඔයාගෙ ඔම්මා දැනුත් මට call කලා..

      ඒ තමයි juhee මම වැඩ කරන company එකේ ceoගෙ wife. juhee තමයි මේ දවල්වල company එක බලාගන්නෙ. ඒ වගෙම juhee දැන් මගෙ හොද යාලුවෙක් කිව්වොත් නිවැරදි..

sooyeon: sorry juhee මම නිසා ඔයාටත් කරදරෙ.. මම දැන්ම ගෙදර යන්නම්.. good night

            මම එහෙම කියලා ඉක්මනින් ගෙදර යන්න පිටත් වුනෙ මම තව පරක්කු වුනොත් ඔම්මා අනිවාරෙන්ම ආයෙත් juheeට call කරනවා කියලා දන්න නිසා..
       පැය භාගයක් විතර ගතවෙනකොට මට ගෙදර ලගට ලන් වෙන්න පුලුවන් වුනා.. සාමාන්‍ය පුංචි ගෙදරක ජිවත් වුනත් මට මගේ company එක අනිත් අයගෙ නවීන තට්ටු ගෙවල් එක්ක බලද්දි මගෙ ගෙදර මට මදි පුංචි කමක් විදිහට දැනුනෙ නැ.. මම gate එක අරිනවත් එක්කම එ සද්දෙට ගේ ඇතුලෙ හිටිය ඔම්මා එළියට ආවා..

omma: soo මොනවද ළමයො මෙච්චර රෑ වෙනකම් අනුන්ගෙ ගෙවල් වල ඉදගෙන කරන්නෙ.. අහ්.. ඔයා අදත් බිව්වද ?
       ඔම්මා එහෙම ඇහුවෙ එක අතකින් නහය වහගන්න ගමන්.. සන්සුන්ව ඔම්මා දිහා බලාගෙන ඉදපු මම 'හ්ම්' කියලා කෙටි උත්තරයක් දිලා ඉකමනින්ම ගියේ මගෙ room එකට. ගෙදර door එක lock කරන සද්දෙන් මම දැන ගත්තා ඔම්මත් ඇතුලට ආවා කියලා.. ඇදේ ඒ මේ අත පෙරෙලෙමින් විනාඩි 10ක් විතර කාලයක් ගෙවා මම bathroom එකට ගියෙ මත් ගතිය පහව යන්න හොදට නාගන්න සිතාගෙන. විනාඩි 20ක් විතර bathroom එකේ ඉදලා එළියට ආවම මට ඇහුනා රහසින් ඉකිබිදින හඩක්.. ඒ කවුද කියලා හිතාගන්න මට වැඩි වෙලාවක් ගියෙ නැ.. ඒ ඔම්මා.. මම drinks අරගෙන ගෙදර එන හැමදාම ඔම්මා රහසින් කඳුලු සලනවා.. ඒ ඇයි කියන්න මම දන්නෙ නැ.. සමහර විට දුක ඇති.. කොරියාවෙ girl කෙනෙක් club යනවා, drinks ගන්නවා කියන එක සාමාන්‍ය දෙයක් වුනාට ලංකාවෙ ජීවත් වුන කෙනෙකුට ඒක නරක දෙයක් වගේ පේන්නෙ.. මගෙ ඔම්මයි අප්පයි දෙන්නම ලංකාවේ.. ඒත් දැන් මට ඉන්නෙ ඔම්මා විතරයි.අප්පා accident එකකින් මට අවුරුදු 15 දී නැතිවුණා.. ඒත් එ ගැන මට ලොකු දුකක් දැනුනෙ නැ සමහර විට මම ඒ වයසෙදි පොඩි ලමයෙක් නිසා වෙන්න ඇති..

_📲ටීක් ටීක් ටීක්_                                         
                      කල්පනා ලෝකෙක ගිලිලා ඉදපු මාව සිහියට ආවෙ phone එකේ notification sound එකට.. massage එකක් juhee ගෙන්.. මම ඉක්මනට massage එක open කරලා බැලුවෙ මොකද්ද juhee එවලා තියෙන massage එක කියලා දැනගන්න ඕන් වුන නිසා..

📲 juhee: sooyeon. heta parakku nowi kalin company ekata yanna. heta idala jungkook ahapaw company ekata enawa. parissamin wada tika karaganna.

📲 sooyeon: hmm. api niwadu dawasaka aye hambawemu. i miss you.

         juheeගෙ massage එකට කෙටියෙන් reply කරලා මම නින්දට වැටුනෙ හෙට මොනවා වෙයිද කියලා සිතන ගමන්.

𝓙𝓮𝓸𝓷 𝓼𝓸𝓸𝔂𝓮𝓸𝓷

𝐋𝐨𝐯𝐞 𝐢𝐬 𝐰𝐡𝐚𝐭..♡(Complete)Where stories live. Discover now