09.

25 4 0
                                    

🌸💜៚𝓛𝓸𝓿𝓮 𝓲𝓼 𝔀𝓱𝓪𝓽 ࿐💜🌸

එයා මගෙ පැත්ත හැරිලා නිදාගෙන ඉන්න එක මට නිදාගන්න අපහසු වුණ නිසා මම jungkook ට පිටුපාලා හැරිලා නිදාගත්තා.

       jungkook ඔයා මට කැමතිවත්ද? ඒ නිසාද ඔයා මේ තරම් මට ලං වෙන්නෙ. එතකොට juhee? ඔයා එයාට ආදරෙ කරන්නෙ නැද්ද jungkook.. නෑ වෙන්න බැ juhee බූසාන් ගියා කියලා දැනගත්ත වෙලාවෙ jungkook කලබල වුණ විදිහ.. jungkook අනිවාරෙන්ම juheeට ආදරෙයි. එතකොට එයා juheeට නම් ආදරෙ කරන්නෙ මට මේ තරම් ළං වෙන්නෙ ඇයි?

කැළඹුන හිතත් එක්ක නින්ද අහලකවත් ආවෙ නැති මේ රාත්‍රියේ විඩාබර දෑස් වලට ගිමන් හරින්න කියලා දෑස් පියාගෙන ටික වෙලාවක් ගත වෙද්දි මට දැනුනා මගෙ ඉණ වටා ලොකු අතක් එතෙනවා ඒ කවුද කියලා මම හොදාකාරවම දන්න නිසා මට ඕන වුනේ එයාගෙන් ඈත් වෙන්න.. ඒත් මට ඈත්වෙන්න ඕනෙ වුනත් එයා නම් මට ඈත් වෙන්න ඉඩ දෙන්නැ වගේ තවත් තදින් මාව අල්ලගෙන එයාට තුරුල් කරගත්තා..

sooyeon : ju...jungkook

sooyeon : ශ්... නිදාගන්න

       එයාගෙ ඒ කටහඩට මම ගල් ගැහුනා වගේ මොනවා වුණත් මේක වැරැද්දක් කියලා හිතුන නිසා ආයෙත් වතාවක් jungkook ට කතා කරන්න හැදුවත් වැඩක් නෑ එයාට ඒ වෙනකොටත් නින්ද ගිහිල්ලයි තිබුණෙ වැරැද්දක් කියලා හිතුනත් එයාගෙ තුරුලෙ උණුහුමට ගුලිවෙලා ඉන්න මාත් හරි ආසයි.. එක එක සිතුවිලි ගණනාවක් හිතට ගලාගෙන එද්දි මම ඒ හැමදේම අමතක කරලා මොහොතකට හරි විදින්න ලැබුණ jungkookගෙ උණුහුමට තුරුලුවෙලා දෑස් වසා ගත්තා

After two month

මාස දෙකක් ගෙවුණා. ඒ මාස දෙක ඇතුලත ඕනවටත් වඩා දේවල් සිද්ධ වුණා. juheeත් බූසාන් ගිහින් මාස දෙකක් ගෙවුණා. නිතරම වගේ නොගියත් jungkook සතියට දවස් දෙකක් වගේ ගිහිල්ලා එහෙ නතර වෙලා ඉන්න පුරුදු වුණා. ඊයෙත් ඒ වගේ දවසක් ඊයෙ හවස jungkook ගියත් මේ වන තුරුම මට එක call එකක්වත් ගත්තෙ නැති නිසා මගේ හිතට බයක් වගේම ලොකු දුකක් දැනුනා. ඒත් මට විශ්වාසයි එයා පරිස්සමෙන් බූසාන් ගිහින් ඇති කියලා මොකද නැත්තන් juhee ඊයේ රෑම මට call කරනවා. හිතුනත් මට jungkookට call එකක් අරගෙන බලන්න මම එහෙම කතා නොකළේ එයාට කරදරයක් වෙයි කියලා හිතලා.

     ඇත්තටම මට දැන් jungkook නැතුව ඉන්න බැරි තරම් මම ඒ තරමටම එයාට ලං වෙලා එයා කියලත් වෙනසක් නෑ ඉතින් එයාටත් දැන් මං නැතුව ඉන්න බෑ වගේ මට දැනෙනවා මට දැනෙනවා. jungkook දැන් මට ටිකෙන් ටික ලං වෙනව කියල දැනෙනවා එයා මං ගැන උනන්දුවක් දක්වනවා ඒ වගේම එයා juhee ගැනත් ඒ වගේම උනන්දුවක් දක්වනවා. මට හිතාගන්න බැ jungkook ගැන. එයා මටත් ලං වෙනවා ඒ වගේම juheeටත් ලං වෙනවා. jungkook ට මම යාලුවෙක් විතරද නැත්තම් එයා මං එක්ක සෙල්ලම් කරනවද..?

𝓙𝓮𝓸𝓷 𝓼𝓸𝓸𝔂𝓮𝓸𝓷

𝐋𝐨𝐯𝐞 𝐢𝐬 𝐰𝐡𝐚𝐭..♡(Complete)Where stories live. Discover now