04.

24 4 0
                                    

🌸💜៚𝓛𝓸𝓿𝓮 𝓲𝓼 𝔀𝓱𝓪𝓽 ࿐💜🌸

පසුදා උදේ ඇහැරෙන කොටත් මම ඊයෙ ඇදුමින් ම තාම sofaව උඩ වැතිරිලයි හිටියෙ. වෙලාවත් තාම 6.15යි. ඊයෙ රෑ නාගන්නවත් බැරිවුණ නිසා මම ඉක්මනට  bathroom එකට පැනගත්තෙ හොදට නාගන්න. mirror එකෙන් පේන මගේම රූපෙ දිහා බලාගෙන බර හුස්මක් හෙලා මම හොදින් නාගන්න පටන් ගත්තා.

        නාගෙන කරගෙන මම kitchen එක පැත්තට ගියේ දැන් මගේ බඩේ ඉන්න පණු පැටියගෙ බංඩිය පුරවන්න රාමෙන් එකක් හදාගෙන කන්න කියලා. kitchen එකෙ හැම කබඩ් එකකම වගේ බැලුවත් රාමෙන් පැකට් එකක් නම් මට හොයාගන්න පුලුවන් වුනේ නැ. දැන්ටම වෙලාව 6.50 වෙලා තිබුන නිසා වතුර විදුරුවකින් බඩ පුරවගෙන කාමරේට ගියෙ company එකට යන්න ලෑස්ති වෙන්න ඕනෙ නිසා.

     7.15 වගේ වෙද්දි මම ඇදගෙන කරගෙන ඉවර වෙලා හිටිය නිසා bus hold එකට ගියෙ bus එකේම අද යන්න පුලුවන් වෙන එකට සතුටු වෙමින්.

   7.30 බස් එකේ company එක ලගට එද්දි  වෙලාව 7.45ත් වෙලා. ඒත් තව විනාඩි 15ක් තියෙන නිසා මම canteen එක පැත්තට ගියෙ ඉවසගන්න බැරි බඩගින්න නිසා.

   chocolate milkshake එකකුයි, shanwich එකයි, burger එකකුයි canteen ගත්ත මම canteen එකෙ කොනකම තිබුන හිස් ටේබල් එකකට ගියෙ නිදහසේ ගත්තුටික බඩට දාගන්න හිතාගෙන. bag එකයි, 4n එකයි පැත්තකින් තියලා burger එක අත් දෙකෙන්ම අරගෙන කට ලගට ලන් කරද්දිම

: May I sit here too?

   කවුද මන්දා අපතයෙක් එහෙම අහද්දි උගෙ දත් සෙට් එකම බඩට යවන්න තරම් තරහක් තියෙද්දි මම ඔරවගෙන යට ඉදලා පිලිවෙලින් උඩට බලාගෙන ගියේ කවුද මගෙ කෑමය බාදා කරපු හාල්පාරුවා කියලා හිතන ගමන්. හොද උස, මහත handsome පෙනුමක් තියෙන මේ මනුස්සයගෙ මූණ දැක්කමයි මට දවල් තරු පෙනුනේ. ඒ හිටියෙ වෙන කවුරුවත් නෙවෙයි mr.jungkook.. ඒ ක්ෂණයෙම පුටුවෙන් නැගිට්ට මම 90°ටම නැවිලා එයාට ආචාරකලා.

sooyeon : I' sorry sir.

jungkook : sooyeon ඔයා අද නිවාඩු ගන්නවා කිව්වා නේද

sooyeon : මට කරන්න වැඩක් තිබුනෙ නැති නිසා නිවාඩුව පස්සෙ ගන්න හිතුවා sir

jungkook : අරස්සෝ. ඔයා ඉදගෙන කන්න soo

sooyeon :මොහ්.. soo..?
 
            jungkook මට soo කියලා කතා කරපු නිසා මම හිටියෙ ඇස් ගෙඩි දෙක පොල් සයිස් කරගෙන එයා දිහා බලගෙන හිටිය එක. මම ඇස්පිල්ලම් වත් නොගහා එයා දිහා බලාගෙන හිටිය නිසාද කොහෙද jungkook එයාගෙ අත මගේ මුහුන ඉස්සරහින් එහාට මෙහාට යව යව මූනට එබුනා.. මම එහෙන්ම ම ටක්ගාලා බිම බලාගත්තෙ මට දැනුන ලැජ්ජාවට. ජන්කූකුත්ත් ඒකට හිනාවෙලා මගෙ ඉස්සරහින් වාඩිවුණා. ඒත් මම තාමත් හිටගෙන කල්පනා කලේ මමත් වාඩිවෙනවද, නැද්ද කියලා. එහෙම මම හිත හිත ඉද්දි ජන්කුක්ම මට කතා කලා.

jungkook :sooyeon මොනවද ඔච්චර කල්පනා කරන්නෙ ඉදගෙන කන්න.
            
               එයා එහෙම කියන ගමන් එයා අරගෙන තිබුණ donut එකෙන් කෑල්ලක් කෑවා. මමත් වැඩිය නොහිතා jungkook ඉදිරියෙන් ඉදගෙන මම ගත්තු කෑම ටිකට වගකින්න පටන් ගත්තා.

            කෑම කන අතරතුරේ අපි දෙන්නා අතරේ කිසිම කතාවක් වුණේ නැ. jungkook 4n එක දිහා බලාගෙන පාඩුවෙ එයාගෙ කෑම ටික කැවා. මම මගේ පාඩුවෙ මගෙ කෑම ටික කෑවා. ඒත් කන අතරතුරේ මගෙ ඇස් jungkook දිහාට හොරෙන් හොරෙන් යොමු වුණත් jungkookට නම් ඒ ගැන ගානක්වත් තිබුණෙ නැ මම හිතන්නෙ. මට ලොකු අපහසුතාවක් දැනුනා එයා මගෙ ඉස්සරහා ඉද්දි ඒ ඇයි කියන්නනම් මම දන්නෙ නැ. මීට කලින් මට කිසිම පිරිමියෙක් ඉස්සරහා මේ ජන්කූක් ඉදිරියෙ ඉන්නවා තරම් ලොකු අපහසුවක් දැනිලා නැ..

𝓙𝓮𝓸𝓷 𝓼𝓸𝓸𝔂𝓮𝓸𝓷

𝐋𝐨𝐯𝐞 𝐢𝐬 𝐰𝐡𝐚𝐭..♡(Complete)Where stories live. Discover now