13.

25 5 0
                                    

🌸💜៚𝓛𝓸𝓿𝓮 𝓲𝓼 𝔀𝓱𝓪𝓽 ࿐💜🌸

                 ඔව් ඒ හිටියෙ වෙන කවුරුවත් නෙවෙයි sooyeon.. කාමරෙන් එළියට ආව jungkookගෙ සතුටින් පිරුණු මුහුණ sooyeon දැක්කම මැලවිලා ගියෙ ඇයි කියලා හිතා ගන්න පුලුවන්ද.. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි jungkook sooyeonටත් ආදරෙ කරන නිසා..

   එක පැත්තකින් jungkook ගෙ හිත සතුටු වෙද්දි තවත් පැත්තකින් jungkook දුක් වුණා.. සතුට දුක අතර දෝලනය වුණ jungkookගෙ මතකෙට ආවෙ පෙර දා රාත්‍රියෙ sooyeon තමගෙම වූ අයුරු.. තමන් හට භාර්‍යාවක් සිටිද්දිත් වෙනත් කෙනෙකු සමග සහන් ගත වීම ගැන jungkook ආවෙ එයා ගැනම පිළිකුලක් වගේම තරහක්..

         sooyeon ගෙ හිතත් මේ මොහොතෙ කඩා වැටිලා.. ඒත් එයා දැනගෙන හිටියා දිනෙක මේ ඉරණමට ඇයට මුහුණ දෙන්න වෙන වග.. ඒ දැන දැනත් ඇය බොහො ලොකු වැරැද්දක් කරා.. ඇය දැන් පසු තැවෙනවා.. ඒත් වැඩක් වේවිද එයින්.. පසුතැවුණා කියා වෙනස් කල හැකිද අතීතය... බැහැ කොහොත්ම බැහැ.. ඔව් ඇය තුන් වැන්නෙක්.. ඔවුන්ගෙ කතාවෙ ඇය තුන් වැන්නෙක් වුනා.. ඇගෙ කතවේ ඇයම වැරදිකාරයා වුණා..

     මොකද්ද මේ දෛවය? මේකද ඔවුන්ට අත්වන ඉරණම ? ඔහු ඔහුගෙ කතාව ලියද්දි ඇය ඇගෙ කතාවෙ තනිවේවිද..?? හ්ම්ම්.. මම දන්නවා ඔයාටත් මේක ප්‍රශ්නයක් කියලා.. අපි මොනවා කරන්නද අතීතෙ වෙනස් කරන්න කියලද.. අතීතෙ ගත්ත තීරණ නිසයි අපෙ අනාගතෙ ගොඩ නැගෙන්නෙ.. sooyeon වගෙ අපිත් දුර දිග නොබලා වැරදි තීරණ ගත්තොත්......
ඇගෙ කතාවෙ ඇය වගේම අපෙ කතාවෙත් අපිට පසු තැවෙන්න වේවි..!!

sooyeon : Congratulations jungkook

    කඳුළු බිදුවක් කම්මුල තෙමාගෙන පහලට වැටෙද්දි sooyeon කිව්වෙ හිතෙ දුක හිරකරගෙන ලස්සනයි හිනාවක් මුවේ රදවගනිමින්

jungkook : s..soo

    jungkookට තවත් එක් වචනයක්වත් කියාගන්න බැරි වුණේ sooyeon එතනින් දිව ගිය නිසා.. sooyeon පසුපස දිව යන්න ඕන වුණත් ඔහු එසේ නොකලෙ ඇයි කියන්න එයාවත් දන්නෙනැ

     මගෙ හිත හුගක් රිදෙනවා jungkook.. මේ පපුවට මේ දුක බර වැඩී.. මම දන්නවා මමයි වැරදි.. මේ හැමදේටම මමයි වැරදි මම ඔයාට ආදරෙ කලෙ නැත්තම් මම ඔයාට ලං නොවුනනම් අද අපි හැමෝම සතුටින් ඉන්න තිබුණා.. මම මගෙ යාලුවටම ද්‍රෝහි වුණා.. මම මහා නරක ගෑනියෙක් jungkook.. මම අද දැක්කා ඔයාගෙ ඇස් වල තිබුණ ඒ සතුට හරියට මම ලගදි දිලිසෙනවා වගේම ලස්සනට ඔය ඇස් juhee ලගත් දිලිසුනා.. මට සතුටුයි මගෙ kookie අප්පා කෙනෙක් වුණ එක ගැන.. ඒත් දුකයි ඒ දරුවගෙ ඔම්මා මම නොවුන එකට.. මේක වෙන්නැති මගෙ දෛවය koo.. මම ආදරෙ කරන හැමෝම මට නැති කරන්න ඇයි දෙවියනේ ඇයි.. මම මහ පව්කාරියක්.. මට බැ අර ඉපදෙන්න ඉන්න අහිංසකයට අප්පෙක් නැති කරලා ඔයාව මගෙ ලගට ගන්න.. මම නම් වැරද්ද කලේ මම ම හරිගස්සනවා.. ඔව් මම හරිගස්සනවා..  මට මොනවා වුනත් කමක් නැ මම මේ හැමදේම අතඇරලා ලංකාවට යනවා.. ආයෙ නොයෙන්නම.. එකයි එකම විසදුම.. මට බැරිවෙයි jungkook ඔයාගෙ ඔය ලස්සනයි බල බල ලගින් ඉන්න එත් මම ඈතට යන්නම් ඈතින් බලාගෙන ඉන්නම් ඔයාගෙ දිහා..

  එහෙම හිතපු sooyeon රෑ වෙනකම් club එකක නැතිවෙනකම් බීලා බීලා ගෙදර එන්න ආවෙ පාන්දර 3ට විතර.. park එක ගාවින් දෙපැත්තට වැනි වැනි කෙලින් ඉන්නවත් පණක් නැති sooyeonගෙ ඇහැ ගැටුනෙ එයා මේ වෙලාවෙ දකින්න ඕනෙ නැති දෙයක්මයි..

      Park එකෙ කොනට වෙන්න තිබුන චෙරි ගසක් යට තිබුණ bench එකෙ ලස්සන couple එකක් පෙම් රස විඳිමින් උන්නා ඒත් එ couple එක දැක්කම sooyeon ගෙ ඇස්වල තිබුණ කදුලු අලුත් වුණෙ ඇයි කියලා දන්නව.. ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි ඒ හිටියෙ jungkook සහ juhee නිසා.. මත් වෙලා වුනත් sooyeonට එයාගෙ kooව ඕනම වෙලාවක අදුරගන්න පුලුවන්.. හිතෙ තිබුණ දුක ආයෙත් ඇවිස්සෙද්දි sooyeon එතනම තිබුණ ගසක් ලග හැංගිලා ඉකිගහන්න ගත්තේ දරාගන්න බැරි කමට වෙන්නැති..

       ඇයි දෙයියනෙ මම මේච්චර ලොකු පව්කාරියෙක් වුණේ.. මම කොහොම බලාගෙන ඉන්නද මම ආදරෙ කරන කෙනාම වෙන කෙනෙක් එක්ක ඉද්දි.. ඇයි මාව මෙහෙම අසරණ කරන්නෙ දෙවියනේ.. මම මහ කාල කන්ණි ගෑනියෙක්.. මගෙ කුකිගෙ සතුට එයානම් මම ඈතට යන්නම් හැමදාටම..

     ගස මුල ලග ඉකි ගගහා හඩා වැටුන sooyeon අඬ අඬම එයාගෙ ගෙදරට දුවගෙන ගියේ හිතේ ලොකු තීරණයකට දැඩි කරගෙන..

𝓙𝓮𝓸𝓷 𝓼𝓸𝓸𝔂𝓮𝓸𝓷


𝐋𝐨𝐯𝐞 𝐢𝐬 𝐰𝐡𝐚𝐭..♡(Complete)Unde poveștirile trăiesc. Descoperă acum