06.

22 4 1
                                    

🌸💜៚𝓛𝓸𝓿𝓮 𝓲𝓼 𝔀𝓱𝓪𝓽 ࿐💜🌸

📲 ɱʂɠ

💬juhee : sooyeon මට අද හදිස්සියෙම බූසාන් යන්න වෙනවා ඒ ගැන jungkook කියන්න. ගෙදර ගියහම මට call එකක් ගන්න කියලත් කියන්න. මම එනකම් පරිස්සමට ඉන්න soo. I miss you❤️

💬sooyeon : අරස්සො jehee. මම දැන්ම කියන්නම්. ඔයත් පරිස්සමින් ඉන්න. I miss you too❤️

juheeගෙ msg එක දැක්කම මට දුකක් වගේම ඊරිසියාකාර හැගීමක් දැනෙන්න ගත්තා. ඒ ඇයි කියන්න මම දන්නවා. මගෙ හිතට jungkookව ඕනෙ කියන හැගීම ඇවිත් නිසා. මගෙ හිත මටත් හොරා ම jungkookව අයිති කරගන්න ආස කරනවා කියන්න මම දන්නවා. ඒත් මට එක නවත්තගන්න බැ. මම jeheekook ආදර කතාවට තුන් වැනියෙක් වෙයිද කියලා මගෙ හිත ටික ටික වරදකාරි හැඟීම් වලින් වෙලීගෙන යද්දි jungkook අහපව් අපි හිටිය table එකට ආවා.

jungkook : sorry soo. පොඩි business call එකක්

sooyeon : Its ok kookie. කුකී juhee හදිස්සියේම බූසාන් යනවා කිව්වා. එයා කිව්වා ගෙදර ගියහම එයාට call එකක් ගන්න කියලා.

jungkook : මොකක්? එකපාර juhee ඇයි බූසාන් ගියෙ?
     කියාගෙන jungkook ආයෙත් 4n එකත් අරගෙන table එකෙන් නැගිටලා පැත්තකට ගියේ මාව ආයෙත් table එකෙ තනිකරලා.

         juhee තනියම බූසාන් ගියා කියලා දැනගත්තම jungkook ගොඩක් කලබල වෙනවා මම දැක්කා. එයාගෙ මූණෙ ඉරියව් වලින් ඒක මට හොදට පෙනුනා. මට එකට juhee ගැන ඊරිසියයි, තරහයි. ඒත් මම ඒ හැමදේම ඉවසගෙන හිටියෙ මමයි මෙතන වැරදි කියලා දන්න නිසා. දුකයි jungkook මට අයිති කෙනෙක් නොවන නිසා. ඊරිසියයි jungkook juheeට ආදරය කරන නිසා. තරහයි මමත් ඔහුටම ආදරය නිසා. මම මා සමග ම තරහින් කාලෙ ගෙවද්දි jungkook කලබලෙන් වගෙ මම ඉන්න තැනට ආවා.

jungkook : sooyeon.. මේ අහන්න මට ඉක්මනට බූසාන් යන්න වෙනවා. ඔයාට පුලුවන් නේද පරිස්සමින් ගෙදරට යන්න.

  jungkookගෙ මෙ කලබලකාරි ගතිය නිසා මමත් ටිකක් කලබල වුණා.

sooyeon : වේ? මොකද වුණේ jungkook ?

jungkook : juheeගෙ ඔම්මට අසනිප වෙලා මම ඉක්මනට යන්න ඕනෙ. හෙට මම company එන්නෙ නැ. ඔයා වැඩටික බලාගන්න. අරස්සෝ

sooyeon : අරස්සෝ..
                           කියලා මම කියන පමාවට jungkook මගේ නළලින් හාදුවක් තබා ඉක්මනින් දිව ගියෙ බූසාන් බලා පිටත්වන්න.

       මොහොතකට මගෙ හදවත නට්ගර වුණා වගෙයි මට දැනුනෙ. jungkookගෙ සීතල දෙතොල් මගෙ නළලෙ ගෑවෙනකොට මගෙ ඇගට කරන්ට් එකක් වැදුණා වගෙයි දැනුනේ. ඇගේ රෝම කූප පවා කෙලින් වෙලා. විනාඩි කිහිපයක් පමණ ගල්වෙලා වගෙ හීනලෝකවල අතරමං වෙලා ඉදපු මාව හරි සිහියට ආවෙ jungkookගෙන් ආව msg එකකට

💬jungkook : sooyeon parissamin gedara yanna

💬sooyeon : arasso jungkook
                                            jungkookගෙන් ඇවිත් තිබුණ msg එකට reply කරලා මම hotel එකෙන් එළියට ආවෙ ඉක්මනින් ගෙදර යන්න.

𝓙𝓮𝓸𝓷 𝓼𝓸𝓸𝔂𝓮𝓸𝓷

𝐋𝐨𝐯𝐞 𝐢𝐬 𝐰𝐡𝐚𝐭..♡(Complete)Unde poveștirile trăiesc. Descoperă acum