Chapter 4

157 26 0
                                    

Mr.Kim, car එක බල බල ඉද්දී ටේහ්‍යොන්ගේ ඇස් park එක පැත්තට යොමු උනා.

"මොකක්?මට මෙයාලගේ මූනු හොඳට පුරුදුයිනේ!!"

Park එකෙන් ඉක්මන් අඩි තිය තිය එන ජංකුක්වයි හුවාන්වයි දැකපු ටේහ්‍යොන්ග් එහෙම හිතුවා.

"ආහ්...දැකලා පුරුදු නැත්තේ මොකද?ඒත් මෙයාලා ස්කෝලේ යන්නෙ නැතුව මෙහෙට වෙලා මොනාද කරන්නේ?හහ්....මට මොකටද ඕවා....ඕව මට අදාල නෑනේ"

ටේහ්‍යොන්ග් park එක දිහා බලාගෙන වෙනම සිහියක ඉන්නවා දැකපු ටේහ්‍යොන්ගේ තාත්තා park එක දිහා බලලා ආයිත් ටේහ්‍යොන්ග් දිහා බලලා ටේහ්‍යොන්ගේ අතට තට්ටු කරා.

"ටේහ්‍යොන්ග්......මොකද වෙලා තියෙන්නේ?උදව්වක් බලාපොරොත්තුවෙන්ද ඒ පැත්ත බලාගෙන ඉන්නේ....?මට දැන් ඔයාගෙන් තමයි උදව් ඕනේ.."

හරි සිහියට ආපු ටේහ්‍යොන්ග් තාත්තා කියපු එකට ඔලුව වනලා,

"මොකක්ද මම කරන්නෙ ඕන?"

"මම දැන් car එකට නැගලා ඒක start කරනවා.ඔයා පිටිපස්සේ ඉඳන් තල්ලු කරන්න........තේරුණා නේ?"

ටේහ්‍යොන්ග් ඔලුව වනලා car එක පිට්පස්සට ඇවිත් තාත්තා ගියාට පස්සේ තාත්තා start කරනකන් බලන් හිටියා.Shuttle එක ටිකක් පහලට කරලා ඔලුව එලියට දාපු ටේහ්‍යොන්ගේ තාත්තා,

"හරි ටේහ්‍යොන්ග්........"

ඒත් එක්කම ටේහ්‍යොන්ග් car එකට ලොකු තල්ලුවක් දුන්න නිසා ටික දුරක් ගිය car එක ඉබේම start උනා.

"හරිනේ තාත්තේ?මං එහෙනම් දැන් නගින්නම්"

ඉකමනට ඇවිත් car එකේ දොර ඇරපු ටේහ්‍යොන්ග් තාත්තගෙන් එහෙම ඇහුවේ ඒක start උන නිසා.

"හරි හරි නගින්න.මං හිතුවේ නෑ මේක start වෙයි කියලා.මගේ පුතා දස්සයා......නේද සූ? "

"ඔව් ඔව්......මගේ පුතා කොහොමත් දක්ෂයි.දැන් ඉතින් අනිත් දක්ෂයවත් ගන්න අපි ඉක්මනට යමු"

ටේහ්‍යොන්ගේ අම්මා එහෙම කිව්වම හිනා උන Mr.Kim, car එක drive කරන්න ගත්‍තා.

Yongsan School

"ඕහ් මොකද ඔයාගේ අද මූන මිරිකපු දෙහි ලෙල්ලක් වගේ තියෙන්නේ....?අද ඔයාගේ ටේහ්‍යොන්ග් ඔප්පා ඇවිත් නෑ වගේ........"

𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺.|Where stories live. Discover now