Chapter 16

99 17 4
                                    

____________________________________________________________

Guys,

අනේ දෙයක් කියන්න තියෙනවා.....ජීහුන් හැමදෙයක්ම ටේහ්‍යොන්ග්ට කිව්වත් එකම එක දෙයක් ටේහ්‍යොන්ග්ට කියන්නේ නැහැ..ඒක ඔයාලට කියවගෙන යනකොට තේරෙයි..මම කලින් chapter එකක මෝඩයෙක් වගේ ටේහ්‍යොන්ග් ඒක දන්නවා කියලා දාලා තිබුනා.ඒක ඇත්තටම මගේ අතින් වෙච්ච mistake එකක්...sorry හොඳේ....ඒත් ඇත්තටම ටේහ්‍යොන්ග් එක දන්නේ නැහැ හරිත..අනිත් එක,එදා කිව්වා වගේම new readersලා මේක ප්‍රශ්නයක් කරගන්න එපා....

16.09.2023

____________________________________________________________

අද free දවසක් නිසා living room එකේ සූත් එක්ක coffee එකක් බොන ගමන් කිම් එයාගේ company එකේ ලඟදි ඇතිඋනු ප්‍රශ්නයක් ගැන කතා කර කර හිටියා.කිම්ගේ කතාවට බාධා උනේ කවුරිහරි ගෙදරට ඇවිත් එලියේ ඉඳන් bell කරනවා ඇහුනු නිසා.සූ කිම්ට ඉන්න කියලා හඟවලා ගියේ ඇවිත් ඉන්නේ කවුද කියලා බලන්න.සූ එනකන් බලන් හිටියත් එන පාටක් නෑ කියලා තේරුනු කිම්,නැගිටලා ගියේ සූගේ පරක්කුවට හේතුව මොකක්ද කියලා දැනගන්න.

කිම් දොර ලඟට ඇවිත් දැකපු දෙයින් ඇස් පවා අදහා ගන්න බැරි උනා.කිම් තව ටිකක් ලං වෙලා බැලුවේ මෙතන තමන් හිතන කෙනාමද ඉන්නේ කියලා බලන්නයි.කිම් හරි,ඇත්තටම ගෙදරට එන තැනම සූව බදාගෙන හිටියේ වෙන කවුරුත් නෙමේ කිම්ගේ දෙවෙනි පුතා,ජීහුන්.

"ජීහුන්..!!!"

කිම් රලු කටහඬින් කෑගහලා ජීහුන්ට කතා කරාම මෙච්චර වෙලා කඳුලු පිරිච්ච ඇස් දෙක වහගෙන සූව බදාගෙන හිටපු ජීහුන් ඇස් ඇරලා බැලුවම තමයි දැක්කේ කිම් රතු කරගත්ත මූනෙන් තමන් දිහා බලන් ඉන්නවා කියලා.සූගෙන් ඈත් වෙලා අදි මදි කර කර කිම් ගාවට ආපු ජීහුන්,

"ත්......තාත්තේ........ම්.....ම්....මම..."

ජීහුන්ට කතා කරගන්න බැරි තරමටම කටහඬ වෙව්ලුවා,ඇස් දෙකෙන් හෝ ගාලා කඳුලු වැටුනා.මෙච්චර කාලයක් ගෙදර අයගෙන් ඈත් වෙලා හිටපු ජීහුන්ට කියන්න ඕන මොනවද කියලා හිතා ගන්න බැරි උනා.

"දැං ද අපිව බලන්න එන්න මතක් උනේ..?මෙච්චර කාලයක් හිටියා වගේ ඇයි එහෙටම වෙලා හිටියේ නැත්තේ...?"

𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺.|Where stories live. Discover now