Chapter 20

85 12 0
                                    

හුවාන් කට කොනින් හිනාවක් දාන ගමන් ජංකුක්ට phone එක දික් කරා.

"මේ අටවෙනි පාර......"

"හ්ම්....?"

ජංකුක්ට හුවාන් කියපු එක එච්චර තේරුනේ නැති නිසා මූනත් අමුතු කරගෙන, phone එක අතට ගන්න ගමන් එහෙම ඇහුවත්, පස්සේ ටේහ්‍යොන්ගෙන් එන call එක දැක්කම ජංකුක්ගේ මූනේ පොඩි හිනාවක් ඇඳුනා.

"හෙලෝ...."

ජංකුක් call එකට උත්තර දෙන ගමන් speaker on කරා.

"හෙලෝ හුවා....ආ මේ ජංකුක්ද....?"

"නෑ.....හුවාන් තමයි....කතා කරන්නේ...."

"ජංකුක් මං දන්නවා ඔයා කියලා......කතා කරන විදිහෙන් නම් පේන්නේ අසනීපේ හොඳ වෙලා නෑ වගේ....."

"ඔව්......තව....විනාඩි ගානකින් මම......මැරෙයි......ඒ තරම් අමාරුයි..."

"ජංකුක් විහිලු නෙමෙයි....දැන් කලින් තිබ්බට වඩා පොඩ්ඩක්වත් හොඳ නැද්ද..?"

"ම්හ්ම්ම්.....serious අහන නිසා....කියන්නම්කෝ...ඊයේ රෑට වඩා අද හොඳයි........අදම මේක.....හොඳ වෙලා යයි.."

"හා හොඳයි...එහෙනම් කන්න තියෙන දෙයක් කාලා...බෙහෙත් බීලා හොඳ වෙන්න..."

"හ්ම්........"

"හරි හරි....දැන් කතා කරන්න ඕනේ නෑ...මම තියන්නම්..."

ජංකුක්ට ඉස්සෙල්ලා ටේහ්‍යොන්ග් call එක කට් කරපු නිසා ජංකුක් phone එක දිහා බලන්නෙවත් නැතුව ඒක ඇඳ උඩින් තිබ්බම මෙච්චර වෙලා ජංකුක් දිහා බලන් හිටපු හුවාන්,

"උබ බොරු නේද කියන්නේ....?මං දන්නවා උබට තාම හොඳ නැහැ කියලා....මොකද මං උබව ඊයේ දැක්කනේ හිටපු විදිහ...."

"මං මොකටද......බොරු කියන්නේ..?මට..."

"හා හා ඇති.....තාම හරියට කතා කරගන්නවත් බැරි එකේ තව මොන කතාද..?ඇඟට අමාරුනම් ටිකක් නිදා ගන්නවා....ඒ...මේ මොකද....?ජංකුකා උබට පිස්සුද...?"

හුවාන් කතා කර කර ඉන්න අතරේ ජංකුක් එකපාරට ඉස්සරහට වෙලා ඇඳෙන් බහින්න උත්සහා කරද්දී හුවාන් කලබල උනා.හුවාන් ඉක්මනට පුටුවෙන් නැගිටලා ජංකුක්ව ආයිත් ඇඳ පිටිපස්සට කරලා ජංකුක්ගේ කකුල් දෙකත් ඇඳ උඩින් තිබ්බා.

𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺.|Waar verhalen tot leven komen. Ontdek het nu