Chapter 5

155 23 0
                                    

හ්‍යොන්ග් වෝ කියන්නේ Kim පවුලේ වැඩිමල්ම සහෝදරයා.සාමන්‍යයෙන් Mr.Kim ඇරෙන්න ගෙදර වගකීම භාර ගන්න හිටියේ වෝ තමයි.වෝ පොඩි කාලේම ඉගෙන ගන්න කියලා America වලට ගියේ වෝ ගෙ හිතේ ඒ ආශාව තිබුන නිසා......

GMP Airport

"මං හිතුවේ අපි පරක්කුයි කියලා......."

වෝ එනකන් හුඟ වෙලාවක් බලන් හිටපු ටේහ්‍යොන්ග් එහෙම කිව්වා.

"අයියා අපිට කියලා තියෙන්නේ කලින් වෙලාවක්...එයා අකමැති ඇතිනෙ අපි පරක්කු වෙලා එනවට....."

සූ එහෙම කියද්දිම අනිත් travelers ලා එක්ක වෝ ඇතුලට එනවා දැක්ක ටේහ්‍යොන්ග්,

"අන්න අම්මේ එයා එනවා....."

Travelers ලා අතරේ තමන්ගේ පුතාව හොයා ගත්ත සූ, වෝ ගාවට දුවගෙන ගියා.

"ඕහ්හ්......වෝ හුඟක් උස ගිහින්නේ....මගේ ලොකු පුතා වෙනස් වෙලා......."

"තාත්තේ....අම්මේ....ඔයාලව ගොඩ කාලෙකින් දැක්කෙත් නෑ මම....තාත්තයි අම්මයි නම් හිටපු විදිහෙමයි...."

එහෙම කියපු වෝ අම්මවයි තාත්තවයි බදාගෙන ඊටපස්සේ ටේහ්‍යොන්ග් ගාවට ගිහින් ටේහ්‍යොන්ගේ කොන්ඩේ ඇවිස්සුවා.

"යාහ්හ්.....අයියේ..මං දැන් ලොකුයි....ඔයා හරි නම් දැන් මාව hug කරන්නයි ඕන....."

"ඒ උනාට ටේහ්‍යොන්ග් ඔයා මට නම් තාම එදා හිටපු ඇම්බැට්ටමයි......"

වෝ එහෙම කියලා ආයිත් ටේහ්‍යොන්ගේ කොන්ඩේ ඇවිස්සුවා.

"අයියේ.......ඔයාව හුඟක් මතක් උනා....."

ටේහ්‍යොන්ග් එහෙම කියන ගමන් වෝව ආදරෙන් බදා ගන්නකොට පැත්තක ඉඳන් මේ දෙන්නගේ ආදරේ බලන් හිටපු සූ ගේ ඇස්වලට කඳුලු ආවා.සූ අඬනවා දැක්ක කිම්, සූගේ කරට අතක් දාලා තමන් ලඟට තුරුලු කර ගත්තා.

"හරිනේ දැන්....අපි ටිකක් එලියට ගිහින් කාලා විනෝද වෙලා ගෙදර යමු...."

කට්ටියම airport එකෙන් පිටවෙලා ලඟම තිබුනු restaurant එකකට ආවා.

"වෝ, දැන් ඉතින් ආයිත් යන්න හිතාගෙනද ඉන්නේ එහෙට?"

කිම් එකෙම අහද්දී වෝ කට කොනින් හිනා උනා.

"මං කොහොමද තාත්තේ ඔයාලව මෙහෙ දාලා ආයිත් යන්නේ....?ඒ උනත් මට යන්න වෙනවා.තව අවුරුදු පහක් ඉවසන්නකෝ...එතකොට මම neurosurgeon නේ"

𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺.|Where stories live. Discover now