Chapter 9

113 23 6
                                    

"ඔයා අපිව නැති කරා..."

ඒ පිරිමි ලමයා ආපු ආවේගයට අතට අහුවෙන හැම දේම වේගයෙන් පොලවේ ගහලා ලඟ තිබුනු මේසේ ගැට්ට අල්ලගෙන බිම වැටිලා ඉන්න මිනිහා දිහා ටික වෙලාවක් බලන් හිටියා.

"හරි.ඔයාට මම කියපු දේ තේරෙන්නේ නැතුව ඇතිනේ.කමක් නෑ,අම්මා වගේ මමත් ඔයාගෙන් ඈත් උනොත් මේ ඔක්කොම ප්‍රශ්න හරියයි.. අදින් පස්සේ මම කැමති නෑ ඔයා මගේ තාත්තා කියලා පිලිගන්න....තව දෙයක්..!මේක හොඳට මතක තියා ගන්න.ඔයාට බිරිඳකුත් නෑ ඒ වගේම පුතෙකුත් නෑ!!"

ගෙදර දොර ගාවට ගිහින් ආයිත් හැරිලා බීමත්ව හිටපු මිනිහා දිහා බලපු ඒ පිරිමි ලමයා,

"කවුරු හරි මායි අම්මයි ගැන ඇහුවොත් කියන්න අපි ඔහේව දාලා ගියා කියලා නෙමේ,ඔහේ අපිව නැති කරගත්තා කියලා...!ඔහේගේ ඔය විලාසිතාවට ගැලපෙන්නේ හුදකලා ජීවිතයක්ම තමයි.."

එහෙම කියපු පිරිමි ලමයා දොර හයියෙන් වහගෙන එලියට ගියා.

.....................................................................

"ඊසුල්.................ඊසුල්.."

ඒ විශාල hospital එකේ පැත්තක උඩට යන්න තියෙන lift එක ලඟ හිටගෙන හිටපු ඊසුල්ට කවුරු හරි කෙනෙක් කතා කරපු නිසා ඊසුල් පිටි පස්ස බැලුවා.

"හ්‍යොන්ග්....."

ඊසුල් තමන්ට කතා කරපු කෙනාව දැක්කම හුඟක් පුදුම උනා.

"මං ඉතින් ඔයා මෙතන ඉන්න එක ගැන නම් පුදුම වෙන්නෙ නෑ"

ඊසුල් ලඟට ආපු හ්‍යොන්ග් වෝ එහෙම කිව්වම ඊසුල් බිම බලාගෙන හිනා උනා.

"ඒ දවස් වලින් පස්සේ අද වෙනකන් මම හ්‍යොන්ග් ව දැක්කේ නැහැනේ..."

"ඔව් ඒක ඇත්ත...කොහොමද දැන්?වැඩ කරගෙන යනවද?"

"අහ්හ්...ඒවා නම් හොඳින් කරගෙන යනවා....ඒත් මම දැන් වැඩ කරන්නේ Army එකට..."

"මොකක්?එතකොට ඔයා......ඔයා මෙතන...?"

"මං ආවේ මගේ යාලුවෙක්ව බලන්න...එයා වැඩ කරන්නේ මේ hospital එකේ"

"ඕහ්..අපි දෙන්නටම තියෙන්නේ එකම අරමුණ..ඒත් පොඩ්ඩක් වෙනස්....."

ඊසුල් වෝට ප්‍රශ්නාර්ථ බැල්මක් දැම්මම වෝ හිනා වෙලා,

𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺.|Where stories live. Discover now