Chapter 19

112 7 0
                                    

නාරි living room එකට ගිහින් call එකක් ගත්තේ ජංකුක්ට උනත්, ජංකුක් එයාගේ phone එක answer කරන පාටක් පෙනුනේ නැති නිසා කලබල උනා නාරි ඉක්මනට හුවාන්ට call එකක් ගත්‍තා. මොකද හුවාන් කියන්නේ ජංකුක්ගේ හොඳම යාලුවා වගේම ජංකුක් කොහේ ගියත් මොනවා කරත් ඒ හැම දෙයක්ම දන්න එකම කෙනා නිසා.හුවාන් call එක answer කරන්න වැඩි වෙලාවක් ගත්ත එකත් නාරිගේ හිත තවත් කලබල වෙන්න හේතුවක් උනා.

"හ්....හෙලෝ ආන්ටි......"

මුලදි හුවාන්ගේ කටහඬ ඇහුන නාරි පොඩ්ඩක් සන්සුන් උනත්, හුවාන්ගේ කටහඬෙත් පොඩි කලබල ගතියක් තියෙනවා කියලා තේරුනාම නාරි phone එක කනට තද කර ගත්තා.

"අහ් පුතේ....ඔයාලා කොහෙද ඉන්නේ..?ජංකුක් මොකද කරන්නේ...?එයා...."

"ආන්ටි......කලබල වෙන්න එපා....ජංකුකා අපිත් එක්ක ඉන්නවා...එයාට ටිකක් සනීප නැහැ වගේ...අපි මේ ගෙදර එන ගමන් ඉන්නේ.."

"ඇ....ඇයි ජංකුක්ට මොකද උනේ...?හෙලෝ...හුවාන්....හුවාන්..."

නාරිට සිද්ධ උන දේ දැනගන්න ඕන උනත් ඒක දැනගන්න තිබුනු අවස්ථාව නැති උනේ හුවාන් call එක කට් කරපු නිසා.නාරි කිහිප සැරයක්ම හුවාන්ට කතා කරත් ඒ හැම සැරේම අහන්න ලැබුනේ 'Phone එකෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ'යි කියලා.

නාරි එහෙමම ගිහින් couch එකෙන් වාඩි වෙලා ජංකුක් එකපාරට අසනීප වෙන්න හේතුව මොකක්ද කියලා කල්පනා කරනකොට,ජංකුක් ඊයේ රෑ වගේම අද හවසත් කෑම පල්ලෙහා කන්නේ නැතුව උඩට ගෙනිච්චා කියලා නාරිට මතක් උනා.ඒ ගැන පොඩි සැකයක් ඇතිඋනු නිසා නාරි ජංකුක්ගේ කාමරේට ගිහිල්ලා බැලුවම,ජංකුක් උඩට ගෙනාපු ඔක්කොම කෑම එහෙමම මේසේ උඩ තියෙනවා දැක්කා.

ඒ එක්කම පල්ලෙහායින් ඇහුනු කටහඬවල් නිසා නාරි ඉක්මනට කාමරේ දොරත් වහගෙන පල්ලෙහාට ආවා.පල්ලෙහා ගෙදර දොර ලඟ පිරිමි ලමයි හතර දෙනෙක් ඉන්නවා දැක්කත් එතනින් එක්කෙනෙක්, ඒ කියන්නේ ජංකුක් ටේහ්‍යොන්ගේ කරට අතක් දාගෙන ඇඟ පහලට බර කරගෙන ඉන්නවා දැක්කම නාරි ඇවිදන් ආපු වේගේ තවත් වැඩි කරා.

"මගෙ ජංකුක්......"

නාරි ජංකුක් ලඟට ඇවිත් ජංකුක්ගේ අනිත් අත නාරිගේ කරට දාගෙන ටේහ්‍යොන්ගේත් උදව් එක්ක ජංකුක්ව couch එකෙන් වාඩි කෙරෙව්වා.

𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺.|Where stories live. Discover now