Chapter 11

106 23 5
                                    

"ජංකුකා...................."

හුවාන් පන්තියේ දොරත් කඩාගෙන ආවේ ජංකුක්ට උන දේ ඉක්මනට කියන්න ඕන උන නිසා.හුවාන් ජංකුක් ලඟට දුවගෙන ඇවිත්,

"ඕයි ජංකුකා......චන් මට..........චන්.........චන්.."

"චං චං ගාන්නේ නැතුව ඉක්මනට කියපන් බල්ලෝ...."

"හරි හරි...........යකෝ චන් මට කැමතියි කිව්වා....."

හුවාන් එහෙම කියද්දී පුදුම උන ජංකුක්,

"මො.....මොකා..?උබ මේ සිරාද කියන්නේ...?"

ජංකුක් එහෙම අහද්දී හුවාන් ඉහ වහ ගිය සතුටින් ජංකුක් දිහා බලන් ඔලුව වැනුවා.

"හුවාන්.......මං මේ කියන දේ හොඳට හිතට ගනින්...ඔය කෙල්ල උබට සිරා ලව් නම් ඔච්චර ඉක්මනට උබට කැමතියි කියන්නේ නෑ..අපි දන්නේ නෑනේ බන් ඒකි ඕක සිරාවටමද කිව්වේ කියලා."

"ඇයි ඇයි මොකෝ අවුල.."

ටේහ්‍යොන්ග් එක්ක පන්තියට ආපු කන්ග් දේ හුවාන්ගේ කරට අතක් දාන ගමන් ජංකුක්ගෙන් එහෙම ඇහුවා.

"නෑ බන් මං මූට කිව්වේ....."

"..ආ ඉතින් ඕකනෙ උබ එක්ක බැරි......"

ජංකුක් වෙච්ච සිද්ධිය කන්ග් දේට කියන්න යද්දී හුවාන් මැදට පැනලා ජංකුක්ට ඒක කියන්න ඉඩ දුන්නේ නැහැ.

"හුවාන්,ගෑනියෙක් වෙන්න එපා...උබේ ඔය රෙද්ද හැමදාටම දැනගෙන ඉන්න ඕනෙ මං විතරද?"

"හ්ම්ම්ම්ම්...හරි හරි..ඒත් බෑ බන් මූ විහිලු කරන්න ගත්තම තමයි මට එපා වෙන්නේ.."

"හරි හරි මං විහිලු කරන්නේ නෑ....හා දැන් කියපන්කෝ...මොකද්ද සීන් එක?"

කන්ග් දේ හුවාන්ව එහෙට කරලා ජංකුක් ගාවින් ඉඳගත්තා.

"අපිට වඩා අවුරුදු දෙකක් බාල කෙල්ලෙක් ඉන්නවා..ඒ කෙල්ලට මූ ඉස්සර ඉඳන්ම කැමතියි...දැන් අද ඒ කෙල්ලව හම්බවෙන්න ගිහින් ඒ කෙල්ල කිව්වලු මූට කැමතියි කියලා.."

"ඕහෝ............ආ සොරි.....මං කිව්වනෙ විහිලු කරන්නේ නෑ කියලා..ඒක නෙමේ,මොකද්ද ඒ කෙල්ලගේ නම?"

කන්ග් දේ එහෙම ඇහුවම ජංකුක් හුවාන් දිහා බලලා,

"චන්.."

𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺.|Donde viven las historias. Descúbrelo ahora