Chapter 18

104 17 0
                                    

"ආහ්...මොකද අද මේ උදෙන්ම නැගිටලා..?"

ගෙදර ලොකුම වර්ගඵලයක් තියෙන living room එකට හේජුන් එනකොට(මේ ගෙදර living room එක සාමාන්‍ය ගෙවල් වලට සසඳලා බැලුවමනම් ඒ ගෙවල් වල room එකක් තරම්වත් මේ living room එක ලොකු නැහැ)හේජුන්ව දැක්ක අම්මා එහෙම අහනකොට,

"දැන් අම්මා කියන්නේ මට උදෙන්ම නැගිටින්න එපා කියලද..?"

"මං දැන් මගේ හේජුන්ට එහෙම කිව්වේ නැහැනේ...උදෙන්ම නැගිටිනකොට ඕනම කෙනෙක්ගේ health එක හොඳයි.."

අම්මා එහෙම කියනකොට අම්මා දිහා ටික වෙලාවක් බලන් හිටපු හේජුන් ඇවිත් අම්මව තදින් බදාගෙන,

"මේ විදිහට ජීවත් වෙන එක අම්මට ගැලපෙන්නේ නැහැ අම්මේ...තාත්තගේ position එක නැති උනේ නැත්තන් අපිට මෙහෙම ඉන්න ඕනේ නැහැනේ..."

හේජුන්ගෙන් ඈත් වෙලා හේජුන්ගේ අත අල්ලගත්ත අම්මා,

"නෑ පුතේ...තාත්තා මේ දේවල් වලට වැරදි නැහැ.එයාට එයාගෙ position එක වගේම job එක නැති උනු ගැන තිබුනු දුක එයාට දරගන්න බැරි උනා..ඕනම කෙනෙක්ට ඔහොම උනාම හැසිරෙන්නේ ඔහොම තමයි.."

අම්මා එහෙම කියනකොට කට කොනට හිනා උන හේජුන්,

"එහෙනම් ඇයි අම්මා එයාව දාලා ආවේ...?"

හේජුන් අහද්දී හේජුන්ගේ අම්මා ඒකට උත්තර දෙන්න මැලි උනා.

"දැන් අපි යමු කන්න..වෙලාව යයි..."

හේජුන්ගේ පිටට පොඩි තට්ටුවක් දාලා අම්මා යන්න හදද්දී හේජුන් අම්මගේ අත අල්ලලා නවත්වගෙන,

"අම්මගෙන් මම මේ ප්‍රශ්නේ අහද්දී අම්මා කරේම මේ ප්‍රශ්නේ මගහැරපු එක..ඇයි අම්මා මට ඒක කියන්නේ නැත්තේ...අම්මා තාත්තව දාලා ආවේ එයාගේ පිස්සු හැසිරීම නිසා නෙමේ නම් ඇයි අම්මා මට ඒකට හේතුව කියන්න කැමති නැත්තේ..මම අම්මගේ පුත්.........."

"ශ්ශ්ශ්............."

අම්මා හේජුන් එක දිගට කියවගෙන ගිය එක නැවැත්තුවේ හේජුන්ගේ කටට ඇඟිල්ලක් තියලා,

"ඒක ඔයාට කාලයත් එක්කම දැනගන්න ලැබෙයි හේජුන්...ඒ වගේම ඔයා ආයිත් ඒ ගැන මගෙන් අහන්න ගියොත් මම ඔයාට දෙනවා ගුටියක්..."

𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺.|Tempat cerita menjadi hidup. Temukan sekarang