Chapter 13

95 19 0
                                    

ඉක්මන් අඩි තිය තිය පොඩි පාරකට හැරුනු ඒ පිරිමි ලමයා අන්තිමට නැවතුනේ ටිකක් පරන, පොඩි ගෙයක් ඉස්සරහා.දාගෙන හිටපු jacket එකේ සාක්කුවෙන් පොඩි කොලයක් එලියට අරගත්තු ඒ පිරිමි ලමයා අදාල ගෙදර නම්බරයයි කොලේ තිබුනු නම්බරයයි දිහා බලලා කට කොනින් හිනා උනා.

"අම්මේ......අම්මේ මේ මම.........."

එහෙම කියන ගමන් පිරිමි ලමයා එකදිගට දොරට හයියෙන් ගහන්න ගත්තා.

වේගෙන් දොරට ගහපු නිසා ඉක්මනින් ඇවිත් දොර ඇරියේ රූමත් උනත් වැරහැලි ඇඳගෙන හිටපු ටිකක් වයසින් වැඩි ගැහැනු කෙනෙක්.

"හ්...හේජුන්..!!පුතේ ඔයා මෙහේ?"

දොර ඇරපු ගමන් ඒ ගැහැනු කෙනාට තවත් කතා කරන්න නොදී පිරිමි ලමයා ඒ කියන්නේ හේජුන් ගේ ඇතුලට කඩාගෙන ගියා.

"හේජුන්.....ඔයා මොකද මෙහෙ කරන්නේ?කොහොමද මං ඉන්න තැන හොයා ගත්තේ..?අනිත් එක ඔයා තාත්තව එහෙම දාලා ආවේ...?"

"දාලා ආවේ..?මොකක්ද දාලා ආවා කියන්නේ..අම්මේ,මම එයාව එහෙ දාලා ආවේ නැහැ...එයා මට දාලා එන්න සැලැස්වුවා...අම්මට වගේම තමයි මටත්....මට එයා එක්ක තවත් ඉන්න බැහැ....එයා දැන් මට ජරාවක්..!"

"හේජුන්...!!!ඔයා ඔයාගේ තාත්තට ඔහොමද කතා කරන්නේ?මේ අහන්න හේජුන්,ඔයා තාම පොඩියි..
ඔයාට ඕන විදිහට තීරන ගන්න තව වයස තියෙනවා..හනික ඔයා තාත්තා ඉන්න තත්වේ දැන දැනම එයාව තනි කරලා එන එක හරි නැහැ.....මට දැන්ම ඔයාගේ ෆෝන් එක දෙන්න.මම මේ දැන්ම එයාට කෝල් කරලා ඔයාව එක්කන් යන්න එන්න කියනවා.."

"අම්මා එයාව දාලා ආවනම් ඇයි මට බැරි!!මං මේ ගෙදරින් එලියට තව එක අඩියක් තියන්නේ නෑ...මට තවත් එයාගේ මූන බලන්න ඕනේ නැහැ...අම්මේ...අම්මට තේරෙන්නෙ නෑ..ඒ දවස්වල මං කොච්ච්ර දුක් උනාද..?අපිට ඉස්සර වගේ ඉන්න තිබ්බනම් කියලා හිතුනු වාර ගොඩයි අම්මේ...අනේ ප්ලීස් අම්මේ.....මම මෙහෙ ඉන්නම්...මට ඕනේ ඔයා එක්ක මෙහෙ ඉන්න...."

හේජුන් දන ගහගෙන එහෙම කිව්වම ඒ ගැහැනු කෙනා හේජුන්ව නැගිට්ටවලා හේජුන්ගේ කම්මුල් වලින් ඇල්ලුවා.

"ඔයා කොහොමද මාත් එක්ක මෙහෙ ඉන්නේ..?ඔයා ස්කෝලේ යන්න ඕනෙ,අමතර පන්ති යන්න ඕනේ,ඔයාගේ යාලුවො මුන ගැහෙන්න ඕනේ....ඉතින් මම කොහොමද ඔයාට ඒ දේවල් වලට වියදම් කරන්නේ?මං දැන් ගන්න පඩිය හොඳටම මදි හේජුන්...ඒ නිසා මගේ හේජුන් මං කියන දේ අහලා ආයිත් ගෙදර යන්න..."

𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺.|Where stories live. Discover now