Chapter 17

88 17 2
                                    

සූ, ජීහුන්ගේ කාමරේට තට්ටු කරාම ජීහුන් ඇවිත් දොර ඇරියා.

"ජීහුන්,අද අයියට ගෙදර එන්න වෙන්නේ නෑලු.එයා රට ඉඳලා ආපු පලවෙනි පාර නිසා එයාගේ යාලුවා කිව්වලු අද ඒ ලමයගේ ගෙදර ඉන්න කියලා.අයියා හෙට උදෙන්ම එයි.."

"එහෙනම් හෙට ටේහ්‍යොන්ග් ස්කෝලෙ යන නිසා හවස් වෙලා යමු.ඔන්න එතකොට නම් අයියට යාලුවෝ බලන්න යන්න දෙන්න බෑ අම්මේ..."

"හරි හරි...ඔයා ආවා කියලා දැනගත්තම අයියා කොහොමත් යන එකක් නැහැ."

සූ හිනාවෙලා එහෙම කියලා එතනින් යන්න හදනකොට ජීහුන්,

"ආ අම්මේ....."

"හ්ම්.....?"

"අර දොර ලඟ තිබ්බ බෑග් දෙක ගත්තද.?"

"ආහ්...හොඳ වෙලාවට මතක් කරේ...ඒවා මං දැන් ගන්නම්.."

"නෑ අම්මේ.....කලු පාට එක මට දෙන්න.අනිත් බෑග් එක අම්මා ගන්න.."

සූ ඔලුව වනලා එතනින් ගියාම ජීහුන් දොර වහන්නත් ඉස්සෙල්ලා වෙඩිල්ලක වේගෙන් ටේහ්‍යොන්ග් කාමරෙන් එලියට දිව්වා.මුලින්ම උන දේ මොකද්ද කියලා තේරුනේ නැති ජීහුන්ට පස්සේ ටේහ්‍යොන්ග් මොකටද එහෙම කරේ කියලා මතක් උනාම, ජීහුන් දොරත් හයියෙන් වහගෙන ඉක්මනින් living room එකට ආවා.ජීහුන්ට තේරුනා එයා පරක්කු වැඩියි කියලා,මොකද ජීහුන් ඈත ඉඳන්ම දැක්කා ටේහ්‍යොන්ග් අම්මගෙන් කලු බෑග් එකත් උදුරගෙන ටේහ්‍යොන්ගේ කාමරේ පැත්තට දුවනවා.ඉතින් ජීහුන් කරෙත් ටේහ්‍යොන්ග් දොර වහගන්න ඉස්සෙල්ලා ටේහ්‍යොන්ගේ කාමාරේට දුවපු එක.

"හහ්....හහ්...හා.......ඔයාට බෑ පුතේ මාත් එක්ක සෙල්ලම් කරන්න.."

ටේහ්‍යොන්ගේ කාමරේ ඇතුලට ජීහුන් රිංග ගත්තේ ටේහ්‍යොන්ග් දොර වහන්න ඔන්න මෙන්න තියෙද්දී.

"ඔයාගේ luck එක තමයි අයියේ.....ඔයා ඇතුලට ආවට මගෙන් මේ බෑග් එක ගන්න එක නම් කරන්න අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක්..."

ටේහ්‍යොන්ග් එක ඇහිබඹකුත් උස්සන් එහෙම කියනකොට හිනා උන ජීහුන්,

"හරි හරි....කොහොමත් මම ඕක ගෙනාවේ දුම් අල්ලන්න නෙමේනේ...කමක් නෑ ඉතිම්.ඇරලා බලන්න"

𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺.|Where stories live. Discover now