Chapter 14

76 19 2
                                    

In Library

ජංකුක් , ටේහ්‍යොන්ග් , හුවාන් , කන්ග් දේ , හනා වෙනදා වගේම library එකේ කොනට වෙන්න තිබුනු මේසේ වටේ ඉඳගෙන ජූන් භාර දුන්නු වැඩේ කරන ගමන් හිටියා.

"අපිට පැය ගාන හරි දවස් ගාන හරි වැඩි කරගන්න තිබුනනම් මේක ඉක්මනට ඉවර කරගන්න පුලුවන්.ඉතින් හනා කිව්ව දවස් දෙක ඇරෙන්න එයාට අනිත් දවස් වලට මෙහෙට එන්න බෑනේ..ඒ නිසා අපි පැය ගාන වැඩි කරමුද?"

කන්ග් දේ එහෙම අහනකොට ජංකුක් එකපාරට පුටුවෙන් ඉස්සරහට වෙලා,

"පි....පිස්සුද....වෙලාව වැඩි කරාම වේලසනින් ගෙදර යන්න වෙන්නේ නෑනේ..අනිත් එක මේක හදිස්සි නෑනේ..හෙමීට ඉවර කරගමු.කලබල වෙන්න දෙයක් නෑ.."

"නෑ....එහෙම නෙමේ..අපි වෙනදට පහටනේ මෙතනට එන්නේ...ආයිත් තුනට එමු..එතකොට ගෙදර යන්න පරක්කු වෙන්නෙත් නෑනේ...නේද ජංකුක්?"

ටේහ්‍යොන්ග් ජංකුක් දිහා අමුතු හිනාවක් දාගෙන එහෙම අහනකොට ජංකුක් ටේහ්‍යොන්ග් දිහා බලලා එරෙව්වා.

"අපේ ජංකුකා මේ වගේ වැඩ කරන්න හරිම හොරයි...හුවාන් උබට මතකද අර එක දවසක් වෙන ස්කෝලෙක මිස් කෙනෙක් ඇවිත් මේ වගේ group project එකක් කරන්න කිව්වම ඒක කරන දවස් වල මූ අපිත් එක්ක නටපු නාඩගම?"

කන්ද් දේ හුවාන්ට එහෙම කිව්වම හුවාන් හිනාවෙලා,

"මට මොකද බන් මතක නැත්තේ..ඒ දවස්වල මූ අඬපු නැති ටික විතරයි.....මූ project එකෙන් භාගයක්වත් කරේ නෑනේ.."

"හරි හරි....දැන් පරන දේවල් ආයිත් ඇදලා ගත්තා කියලා වැඩක් වෙන්නේ නෑ...එහෙම කිව්වයි කියලා මම මේ project එකෙත් ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නෑ..."

"අහ්....ඔයා බය වෙන්න එපා ජංකුක්....ඔයාට මේකෙ ලොකු වැඩක් කරන්න නම් නැහැ..අපි මේකට ඕන දේවල් ටික හොයගත්තම ඔයාට තියෙන්නේ ඒවා පිලිවෙලට හදලා type කරලා දෙන්න විතරයි...ඕනේ නම් හුවාන්ගෙත් උදව්වක් ගන්න පුලුවන්.."

"මොකා.....?ටේහ්‍යොන්ග් ඔයා හිතන්නේ මේක පොඩි වැඩක් කියලද?කොහොමද මම මේ ඔක්කොම type කරන්නේ...?අපෝ ඔන්න කිව්වා...මාව ඔය type කරන වැඩ වලට ගාව ගන්න එපා...ඕනෙනම් මම හදපු එක print කරලා ගෙනත් දෙන්නම්."

𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺.|Where stories live. Discover now