Part 13 ❤️‍🩹💫

320 43 1
                                    

සුන්දර රාත්‍රියක නිමාවත් එක්කම මූනට වැටුනු හිරු එලිය නිසා හිමින් හිමින් දෑස් විවිර කරපු ජන්ග්කුක්ගේ දෑස් ඊලගට නැවතුනේ තමන්ගේ නිරුවත් පපුව උඩ සැපට නිදාගෙන ඉන්න ටේ දිහාවටයි.....

"පුදුම ලස්සනක් මගේ මැනික.... ඉස්සරටත් වඩා ඔයා ගොඩක් ලස්සනයි දැන්.... මේ කම්මුල් හරියට රෝස පෙත්තක් වගේ.... ඒ තරම් සිනිදුයි....."

ටේගේ කම්මුලක් හිමින් පිරිමදින ගමන් ජන්ග්කුක් ඇහෙන නෑහෙන ගාන්ට කිව්වා....

"I love you koooo...."

එහෙම කියන ගමන් ජන්ග්කුක්ගේ නිරුවත් පපුවට තොල් තියලා ආයෙත් ඒ උනුමට තවත් ටේ තුරුලු උනා..

"අනේ අනේ හොරගෙඩියා...... නැගිටලද හිටියෙ....."

"ම්ම්ම්ම්ම්....... "

"Good morning මගේ පන"

"good morning koo"

"කෝ නැගිටලා වොශ් දාගෙන කන්න යමු නැත්නම් ජින් හ්‍යුන්ගේ රැප් එක අහන් ඉන්නවෙයි උදේම"

ටිකක් හුරතල් වෙලා දෙන්නත් එක්ක වොශ් දාගෙන සැහැල්ලු ඇදුමකුත් ඇදගෙන පහලට ගියේ breakfast ගන්න .. ඒ වෙලාව වෙද්දි කට්ටිය හිමින් හිමින් කෑම මේසේට එනගමනුයි හිටියේ... හැමෝම එකට එකතු වෙලා කෑම කාලා සාලෙට ගියේ ඉවර කරන්න ලොකු වැඩක් එයාලට තිබුනු නිසයි....

"හරි....මට මේ වෙද්දි ලැබිලා තියන cctv cottage ටික ඔක්කොම මන් ඔයාලට පෙන්නන්නම්"

Hobi එහෙම කියන ගමන් සාලේ තිබ්බ ලොකු tv එකට පෙන් එකක් ගහලා වීඩියෝ එකක් ප්ලේ කරා... හොබී ඒ වෙනකොට ජන්ග්කුක් ටේ මීට අවුරුදු දෙකකට කලින් අන්තිමට හම්බුන හන් ගග ලග ඉදන් ටේ ගේ ඇක්සිඩන්ට් එක වෙච්ච විදිහට වෙනකන් පාරවල් වල තිබුනු cctv වලින් අදාල වීඩියෝ ටික අරන් තිබ්බා

හැමෝම ඒ evidence ටික ඉවර වෙනකන්ම බැලුවා.. ටේනම් හිටියේ ජන්ග්කුක් ගේ අත තද කරගෙනයි... කොල්ලගේ ඇස් අග තිබුනේ පහලට වැටෙන්න නලියන කදුලු කැටයි....

"එතකොට මේ ඉන්නේ ටේව ඇක්සිඩන්ට් කරපු එකා... ඔයාලා දන්නවද හොදම දේ මොකක්ද කියලා...."

හැමෝම හොබී දිහා බැලුවේ මොකක්ද කියලා අහන්න වගේ

"ඌ මේ වෙනකොට මන් අල්ලගෙන ඉන්න.. ඇත්තටම මම නෙවෙයි මං මේ වෙනුවෙන් මගේ ටීම් එකේ අයව දාලා තියෙන්නේ ඉතින් එයාලා මේ වෙද්දි ඒකව හොයාගෙන ඉවරයි....."

Innocent Hug ❤️‍🩹💫🔞🍃Where stories live. Discover now