Part 14 ❤️‍🩹💫

323 45 1
                                    

එදා දවස ඒ විදිහට ගෙවිලා යද්දී ඊලගට කරන්න ඕනී දේවලුත් කතා කරගෙන කට්ටිය තම තමන්ගේ ගෙවල් වලට ගියා.... ජන්ග්කුක් හිටියේ කියාගන්න බැරි වේදනාවකින් ... තමන්ගේ කොල්ලට රිද්දපු උන්ගෙන් කොහොම හරි පලි ගන්නවා කියන අදහස ලොකුවටම කොල්ලගේ ඔලුවේ තිබ්බා.....

Next day morning ....

@Jeon company .....

ජන්ග්කුක් උදෙන්ම ෆයිල් ගොඩකට යට වෙලා සුපුරුදු විදිහට වැඩ පටන් අරගෙනයි තිබුනේ.... කවුරු හරි තමන්ගේ කැබින් එකේ දොරට ගහපු සද්දෙට ඔලුව උස්සන්නේ නැතුවම කර කර හිටපු වැඩේ එහෙමම කරන ගමන්..

"coming..."

"Good morning මගේ koo..."

හුරතල් විදිහට තමම්ගේ ඉස්සරට ඒ අවේ තමන්ගේ දවසේ වැඩියෙන්ම දකින්න කැමති රූපයයි....

"good morning මගේ කොටි පැටියෝ...."

එහෙම කියනගමන් ජන්ග්කුක් එයාගේ පුටුවෙන් නැගිටලා ගිහින් වාඩි උනේ ලොකු සෙටියේ... ටේත් එතන්ට එද්දි ජන්ග්කුක් කොල්ලව ඇදලා අරන් තමන්ගේ උකුලෙන් වාඩි කරවගත්තා..

"ඒ මෝඩ හාවෝ කවුරු හරි එයි.... මට බහින්න ඕනී..."

"එහෙම මගේ අවසරයකින් තොරව කාටවත් මේක ඇතුලට එන්න බෑ.. ඒනිසා මගේ පන භය නැතුව ඉන්නකෝ...

කියන ගමන් ටේගේ ඉන වටා අත දාලා ජන්ග්කුක් තවත් තුරලට ටේව අරන් කොල්ලගේ තොල් වලට බර උනේ උනුසුම් හාදුවකට මුල පුරමින්... ටේත් ඒකට ප්‍රතිචාර දක්වමින් ජන්ග්කුක්ගේ බෙල්ල වටේට අත් දෙක දාගෙන හාදුව continue කරා.... එන්න එන්න hard වෙන හාදුව නිසා දෙන්නගෙම තොල් වල ලේ රස ටික ටික දැනෙන්න ගත්තා....

"ආශ්හ්.......... උබලා දෙන්නට ඕක කරන්න මේ දොර ලොක් කරගන්න බැරි උනාද අහ්හ්...... දෙයියනේ මේ තනිකඩ මටම මේවා පේනවනේ....."

එක පාරම ඇහුන සද්දෙ නිසා දෙන්නම ගැස්සිලා වෙන වෙනම පුටුවේ වාඩි උනේ හීන් දාඩියත් දාද්දි...

"යාහ්හ්හ්.. උබට මැනස් නැද්ද දොරට තට්ටු කරන්න බැරිද...."

ටේ නම් මේ වෙද්දි හොදටම රතු වෙලයි හිටියේ.... කොල්ලට දැනුනු ලැජ්ජාවට ඇඩෙන්න වගේ ආවා...

Innocent Hug ❤️‍🩹💫🔞🍃Where stories live. Discover now