" අයියේ...මට ටිකක් අසනීපයි වගේ..ඒකයි ආවෙ නැත්තේ..".
දීශ් කටට ආපු බොරුවක් කිව්වේ ටේබල් එක උඩ තිබ්බ මරිය තුමියගේ පොඩි ස්ටැචූ එක අතගාන ගමන්...දීශ්ට ඉවෙන්ට් එකට යන්න පොඩි ආසාවක්වත් තිබ්බේ නැත්තේ මොකද එයාට පැය ගාණක් නිදහසේ කල්පනා කරන්න ඕන වුණා එයා අද හවස දැකපු රෝස මලක් වගේ කොල්ලා ගැන...
" මරු අසනීප..ඇත්තද අද හවස උබ වේල්ල විලට ගියා කියන්නේ...කියපන් ඇයි උබ එහෙ ගියේ..."
" පොඩි වැඩකට...මාරවිල කියලා ගවන්මන්ට් සොක්කෙක් අර වැඩේට කැමති නෑ...පර්මිශන් දෙන්න බෑ...ගගා ආවනේ...ඌට පාඩමක් ඉගැන්නුවේ නැත්තන් මේ වැඩේ අමාරු වෙයි..එහෙමවත් නොකළොත් මේ වැඩෙ පටන් ගත්ත තැනම නවත්තන්න වෙන්නේ අයියේ..."
"මොන බම්බුවකට වුණත්..උන්ට බෑ මගේ වචනෙට පිටින් යන්න..ඇයි උබ නොකීවේ මේ වැඩේ මමයි මුල් වෙලා කරන්නේ කියලා..මේ කවිත් සාලිය මාන්නප්පෙරුම එක්ක හැප්පෙන්න උන්ට කොච්චර හයියක් තියෙන්නෝනෙද..."
දීශ්ගේ අයියා දීශ්ට වඩා අවුරුදු දෙකකින් වැඩිමල් වුණා වගේම දෙන්නම එකම පක්ෂේ මන්ත්‍රීවරු දෙන්නෙක් වුණා.හැබැයි දීශ්ට තිබ්බ බලයට වඩා වැඩි බලයක් පිළිගැනීමක් දීශ්ගෙ අයියා වුණ සාලිය මන්ත්‍රීතුමාට පක්ෂය ඇතුළේ තිබුණා..
" උබ දන්නවා තාත්තගේ ලොකුම හීනේ මේ...තාත්තා අන්තිම හුස්ම යවද්දිත් ඉල්ලුවේ මේක..ඒ හින්දා මේක නිකං අතාරින්න බෑ...සිංගප්පූරු එස් සී කැසිනො බ්‍රාන්ච් එක මෙහේ කොළඹට ගේනව කියන්නේ..ඊළග අවුරුදු දෙක ඇතුළත ඒක කොළඹ තියෙන බෙස්ට්ම කැසිනෝ එක වෙනවා කියන එක...මේක කරන්න දෙන්නැතුව වැඩේ ගස්සන එකෙක් හිටියොත් ඌට මගෙ අතින් පණපිටින් නං යන්න දෙන්නෑ පුතෝ..."
" මං නොදන්නව නෙවේනේ අයියේ ඒක..වැඩේ පවරපු මිනිහා හොදටම විශ්--
දීශ් අකමැතිම මේ දේට,එයා කියන්න හදපු දේ කියල ඉවර කරන්නත් කලින් කවිත් ආයෙත් කියවන්න පටන් ගද්දී දීශ්ගේ හිතේ සැනසීම බින්දුවටම නැති වුණා..
" වැඩේ ගැස්සුනොත්..ඌවත් මරලා දාපන්.."
" හරි අයියේ..වැඩේ ඒ විදි-- "
![](https://img.wattpad.com/cover/354682291-288-k544462.jpg)
YOU ARE READING
අසීමාන්තික || Non Fiction
Non-Fictionඑක පාරටම ලයිට්ස් ඕෆ්.... ආයෙත් ලයිට්ස් ඔන් වුණා තප්පර ගාණක් යන්නත් කලින්.... " ඇති යන්තං අර ඉන්නේ....." සැනසුම් සුසුම පහතට දැම්ම දීශ්ට නම් ආයෙත් හරි ආසාවෙන් බලන් ඉන්න දෙයක් ලැබිලා වගේ....මේ වෙඩි හුවමාරුව අස්සෙත්... ලයිට්ස් ඔන් වෙනවත් එක්කම දීශ් හොයා...