අසීමාන්තික - 04 කොටස

622 122 38
                                    

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ..
හිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කළේ..
සද රාජිනී නුඹයි මගේ හද මන්දීරේ..
සදා වෙනස් නොවේ මගේ ආදරේ...

මට හීනයක් වෙලා..

……………………

දමිත් අසංකගේ සිංදුවක් කැබ් එක ඇතුළේ ප්ලේ වෙද්දී සේහ්‍යට ඇහුණා දීශ් මන්ත්‍රීතුමා ඒක ඇහෙන නෑහෙන ගාණට මුමුණනවා.දීශ් හිටියේ තවමත් සංග්ලාසස් දාගෙන, කකුළ් ඈත් කරගෙන එක අතකින් නිකටත් අතගාන ගමන් වෙද්දී දීශ්ගේ ඇස් නැවතිලා තිබ්බේ එකම තැනක.සේහ්‍ය අනිත් පැත්ත විතරක් බලාගෙන ඉද්දී දීශ් බලාගෙන හිටියේ සේහ්‍ය දිහා.

සේහ්‍ය වෙනදා දීශ්ව දැක්ක පෙනුම අද එහෙම්පිටින්ම වෙනස් වෙලා තිබුණා,අද සේහ්‍ය ගාවින් වාඩිවෙලා හිටියේ සරමක් පටලගත්ත දීශ් නොවෙද්දී,වෙනදට උස්සලා පීරන කොණ්ඩේ වෙනුවට නළලට වැටුණ කොණ්ඩේ,ට්‍රිම් කරපු රැවුලකුත් එක්ක ලා නිල් අත් කොට ශර්ට් එකට කකුළට වඩා ටිකක් ලොකු දුඹුරු පාට කලිසමක් ඇදගෙන හිටියා.

ඒ ඇදුම දීශ්ට ළමයි දෙතුන් දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්ගේ වගේ පරිණත ගාම්භීර පෙනුමක් දුන්නත්,දීශ්ගේ මූණ තවමත් අවුරුදු 25 ක් තරම් කඩවසම් පෙනුමක් ගත්තා.

" සද රාජිනි නුඹයි මගේ හද මන්දිරේ..."

සේහ්‍ය එකපාරටම ගැස්සුනේ දීශ්ගේ හඩ ළග ළගම ඇහුණු නිසාත් එයාගෙ වම් කම්මුලේ ඉදන් කණ ගාවට ඇදිලා යන මොකද්දෝ දෙයක් නිසාත්..

සේහ්‍ය දීශ් දිහා බලද්දී,කිසි දෙයක් නොවුණ ගාණට දීශ් ඔළුව හෙල්ලුවේ ' ඇයි ' කියලා අහන්න වගේ..

සේහ්‍යත් මුකුත් නොවුණ ගාණට ආයෙත් අනිත් පැත්ත බලාගද්දී දීශ් සේහ්‍යගේ මූණ ඉස්සරහට මොකද්දෝ දික් කරා..ඒක සාමාන්‍ය සයිස් චොකලට් එකක්..

" ම්ම්ම්..උබව හොදටම රිද්දලා බඩගින්නෙත් තියන්න මට හිත දෙන්නෑ මැණික..මේක උබට ගත්තෙකක් නොවුණට කමන්නෑ..පස්සේ මං උබට මීට වඩා ලොකු එකක් අරන් දෙන්නං.."

අසීමාන්තික || Non Fiction Where stories live. Discover now